Tuesday, November 19, 2013

ජැකා යෝධයාගේ කතාව


Jacka යෝදයාට විධිමත් සටන් පුහුණුවකුත් දෙන්න හිතුව මේ සීසර් රජතුමා දක්ෂ සටන් නායකයෙක් වන සසිද් මුෂ්මික භාර කලාලු.එයත් අංගම් පොර, කරාතේ, වූශූ, ජෙට් කුන්ඩෝ කඩු ශිල්ප,දුනු ශිල්ප එහෙම කියලා දීලා මේ යෝදයාව අති දක්ෂයෙක් කලාලු.දැන් මේ යෝදයාලු මුලු ලංකාපුරයේම හිටිය දක්ෂම යුද ශිල්පියා.මෙයාට දවසට වී බුසලක සහල් ඔනේලු බත් කන්න.ඉතින් මේ පිලිබඳව කල්පනා කරපු රජතුමා අගනුරවට තරමක් දුරින් තිබුනු අවිස්සාවේල්ල කිට්ටුව ගමක් ගම්වරයක් විදිහට පවරලා දුන්නලු.ඒ වගේම යෝදයාගේ මනාපය පරිදි සඳගලතැන්න කුමාරිහාමිත් කරකාර බන්දලා දුන්නලු.
(මේ යෝදයාට පවරලා දුන්න ගමට ඒ කාලේ කිවේ ජැක් ගම කියලලු.පස්සේ කාලේක ජැක්ගම සිංහලේට පෙරලිලා කොස්ගම උනා කියලා පොත පතේ සඳහන් වෙන්නේ. බොරුනම් ඕන් කොලඹ ඉදලා අවිස්සාවෙල්ලේ යනකොට කොස්ගම කියලා ගමක් හම්බෙයි )



ජැකා යෝදයාගේ හිත මිතුරා උනේ අනියම් නන්නත්තාරලු. මෙයා නිතරම ජැකාගේ සුවදුක් බලන්න ආවලු.යෝදයත් එහෙමලු.මෙහෙම ටික කාලයක් ගියාලු.මේ ජැකා යෝදයා පිලිබඳව දේශ දේශාන්තර වල විවිධ මත පල වුනාලු.මේ ජැක් යොදයා ගැන දැනගත්ත මාලදිවයිනේ හිටිය මාරයා රජතුමා කිඹුල් ධර්මේ හා ඩප්පි දර්මෙ කියන දක්ෂ සෙන්පති යුගලකුයි තව දහස් ගානක සේනාවකුයි පිරිවරාගෙන ලංකාව යටත් කරලා යෝදයාව තමන් සතු කරගන්න හිතාගෙන හලාවතින් ගොඩ බැස්සලු.


චරපුරුෂයන්ගෙන් මේ ගැන ආරන්චි වෙලා කුපිත උනු සීසර් රජතුමා සුර පප්පයි යෝදයයි සේනාව එක්ක මාරයාගේ සේනාව එක්ක සටන් කරන්න ආවලු. දෙගොල්ලො හලාවත කිට්ටුවදි සටන් කරලා මාර සේනාව පැරැද්දුවලු.දක්ෂ විදිහට මේ යෝදයා සටන් කලාලු. මේ සටන මාස ගනනාවක්ම තිබුනා කියනවනේ.මේ මාර සේනාව සටන් එක්ක සටන් කරපු ස්ථානයටලු අද මාර විල කියන්නේ.මාරයා මරා දාපු විල මාරවිල උනා කියලා පොත පතේ සඳහන් වෙනවලු



ජයග්‍රාහී සීසර් රජතුමාගේ සේනාව රත්නපුරේ අගනුවරට එනකොට යෝදයාගේ ප්‍රීතිය අතුරුදහන් වෙලා යන ආරංචියක් අහන්න හම්බුනාලු.ඒ තමන්ගේ ආදරණීය ඇඹේණිය උනු සඳගතැන්නේ කුමාරිහාමි අනියම් නන්නත්තාර එක්ක හාදවෙලා රටින් පිටවෙලා කියන එක. මේ පිලිබඳ බොහොම කණගාටුවට පත් වුනු සීසර් රජතුමා නාටිකාංගනාවක් වුනු දගකාරීව විවාහ කර දෙන්න හැහුවත් කලකිරුණු මේ ජැකා යෝදයා කැමති උනේ නෑලු.



යුදෙදෙත් අවසන් නිසා නැවත් කැරැල්ලක් පැමිණියොත් එන බවට පොරොන්දු වෙලා රජුගෙන් සමුගත්ත මේ ජැකා යෝදයා වනගත් වෙලා භාවනා කරන්න තීරණය කලාලු.ඉතින් මෙයා කුරුණෑගල නුදුරු කැලෑවකට සේන්දු උනාලු.යෝදයා කල මෙහෙවර අගය කල රජතුමා ඔහුගේ ආහාර අවශ්‍යතාව සපුරන්න අවට ගම්වාසීන්ට නියෝග කලාලු.බිරිඳ අහිමි උන දුකත් කලකිරීමත් නිසා වනයේම ඉපදුනු මේ ජැකා යෝදයා වනයේම අවසන් හුස්ම හෙලුවා කියලයි වනපොතේ සඳහන් වෙන්නේ. ජැකා යෝදයාට උපහාර පිණිස මේ වනාන්තරේ ඔහුගේ නමින් නම් කරන්න ජුලියස් සීසර් රජතුමා කටයුතු කලාලු. ජැක්කැලේ කියලා නම්කරපු මේ කැලේ පසුකාලීනව කොස් කැලේ උනා කියලා සඳහන් වෙනවා.

ඊට පස්සේ හැමෝම සතුටින් ජීවත් උනාලු
------------------------------------------------------------------------------------------


ඔන්න ඉතින් අද කතාව අවසන්ලු. ආයේ හෙට එන්නම්ලු.

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...