ජැකා යෝධයාගේ කතාව
මරදන්කඩවල හිටිය රේ මිස්ටීරියෝ
වෙදැදුරු ගාවට එක්ක ගිය සූර පප්පාව ඉතා කෙටි කලකින් සුවය ලැබුණලු.පප්පා
එක්ක ආපහු රත්නපුර අගනුවරට ආව සේනාව සීසර් රජතුමා මුණ ගැහිලා සිදුවුනු
දේවල් කීවලු. රජතුමා හිතාගත්තලු මේ යෝදයා බොහොම බලවත් කෙනෙක්.සටන් කරලා
හරියන්නේ නෑ වෙනත් ක්‍රමයක් බලන්න ඔනේ කියලා.
මෙහෙම හිතලා අග්‍ර පුරෝහිත උනු Janaka Chathuranga
කැඳෙව්වලු. කැඳවලා කීවලු කාරණාව. ඉතින් මේ පුරෝහිතතුමත් කල්පනා කරලා බලලා
කීවලු සීසර් රජතුමනි මේ සඳහා දක්ෂ චරපුරුෂයෙක් යවලා යෝදයාව කුලුපග කරගෙන
එක්ක එන්න කියලා.මේ උපදේශයට බොහොම කැමති වුනු රජතුමා තමන් ගාව හිටිය දක්ෂම
චරපුරුෂයා උනු අනියම් නන්නත්තාරව කැඳෙව්වලු. මෙයාට අනියම් කියන්නේ එයා රහස් වැඩ හොඳට කරන නිසාලු
රජ අණ ඉහලින්ම පිලිගත්ත මේ අනියම් නන්නත්තාර චරපුරුෂයා සුමතියා
අයියගේ මැජික් අරිෂ්ට ටිකක් එහෙම වැඩිපුර අරගෙන විල්පත්තු වනන්න්තරයට
යෝදයා මුණගැහෙන්න ගියාලු.යෝදයත් මේ තනියම ආව අමුත්තා දැකලා ටිකක් වික්ෂිප්ත
උනාලු. තරමක බයක් චරපුරුෂයාට ආවත් ඒක පෙන්නුවෙ නැතුව අරිෂ්ට ටිකක්
දුන්නලු.යෝදයත් මීට කලින් පානය නොකරපු මේ අමුතු පානය එක හුස්මට පානය
කලාලු.නන්නත්තාර පිලිබඳව සතුටු වෙච්ච මේ යෝදයා එයාටනම් කරදරයක් කලේ නෑලු.
ඉතින් දෙන්නා මෙහෙම කුලුපග උනාලු
දෙතුන් මසක ඇවෑමෙන් ජැක් යෝදයාව
මිත්‍ර කරගත්ත මේ චරපුරුෂයා රජ මාලිගාවට එක්කගෙන ආවලු. සද්දන්ත මේ යෝදයා
දැකපු සීසර් රජතුමත් සතුටු උනාලු. ඒත් කැලෑ කොල අතු, සම් කෑලි හැඳ පැලඳ
සිටි මේ යෝදයාව ශිෂ්ට කරන්න කියලා හිතුව සීසර් රජතුමා Sam Fisher කියන
පඬිවරයට භාර දුන්නලු.පඬිතුමත් සකස්කඩය, බුද්ධගච්ඡය එහෙම කියලා දීලා
වැලිපිල්ලේ අකුරු ලියවලා කෙටි කාලෙකින්ම මේ ජැක් යෝදයාව උගතෙක් කලාලු
ටු බී කන්ටිනියුඩ්
---------------------------------------------------------------------------------------------
දෙවන කොටසේ අවසානයලු.
Posted in ලියපු කතා
සුරංගනා කතාව 07- දෙවන කොටස