සෑම් ෆිෂර් යාචකයාගේ කතාව
ඔන්න ඉතින් අද මේ කියන්න යන සුරංගනා කතාව උනේ චීනය කියන රටේ Princess Thinyawo කියන කුමාරිකාව රට පාලනය කරන කාලයේ. මේ කාලය රටේ ජනතාවට ටිකක් අමාරු කාලයක්ලු. මායා රජු
චීන රාජධානිය විනාශ කලාට පස්සේ අලුතෙන් ගොඩ නැගෙන්න පටන් ගන්න කාලෙලු. රටේ
හුගාක් අයට සල්ලි තිබුණේ නෑලු. ඉතින් හොරකම් එහෙමත් වැඩියිලු.
මේ
කාලයේ මේ රටේ අගනුවර හිටියලු සෑම් ෆිශර් කියලා යාචකයෙක්.මෙයාට ලස්සනට
බටනලාව එහෙම වාදනය කරන්න පුලුවන්ලු. ඉරිදා පොලට ගිහින් බිම වාඩිවෙලා බට
නලාව වාදනය කරලා කීයක් හරි හොයාගන්න එකලු මේ සෑම් යාචකයගෙ පුරුද්ද. ඉතින්
මෙයා යාචකයෙක් නේ.එයාට ස්ථීර නවතින්න තැනක් තිබුනේ නෑලු.
අහිංසක සමනලී
ගේ වයින් වෙලඳසැල ඉස්සරහ නවාතැන් ගන්න එකලු කලේ. සමනලිත් මොනවත් කිවේ
නෑලු. සීත කාලෙට හැමදාම මේ යාචකයට වයින් ටිකක් දෙන්න අමතක කලෙත් නෑලු.
ඔන්න ඉතින් දවසක් උදෑසන වයින් වීදුරුවකින් සප්පයම් වෙච්ච මේ සෑම් යාචකයාට
හිතුනලු මාලු ටිකක් අල්ල ගන්න කියලා සඳගලතැන්න දොල ගාවට යන්න. බට නලාවයි
බිලී පිත්තයි අරගෙන මෙයා දොල ගාවට ගියාලු.
පහුගිය කාල සීමාවෙම හුගාක් මහන්සියුන හින්දා මේ චීන රාජ්‍යයේ කුළ දෙවඟන වුනු නිදි කුම්බි දෙවඟන ත් මේ දොල ගාවටම ආවලු හිත ටිකක් නිදහස් කරගන්න කියලා හිතාගෙන.
මාලුවෙක්වත් අහු නොවුන නිසා නන්නත්තාර
වුනු දුකටත් එක්ක ගල් තලාව උඩ වාඩි උන මේ සෑම් යාචකයා තමන්ගේ බටනලාව
වයන්න පටන් ගත්තලු. මේ අසලම හිටිය දෙවඟනටත් මේ මිහිරි බටනලා වාදනය ඇහුනලු.
ඉතින් මෙයා හුගාක් සතුටට පත් උනාලු.
ඊට
පස්සේ මේ යාචකයගෙ කරුණු විමසලා බොහොම කණටාටුවට පත් උනු මේ දෙවඟන යාචකයේ
අනාගතය දිවැසින් බලලා පුන්චි මුතු ඇට 3ක් දුන්නලු. දීලා කීවලු මේ මුතු ඇට 3
අරගන්න.ඒවා ඔයාට අසීරු අවස්ථාවක් ආවොත් උඩ දාලා අවශ්‍ය දේ හිතාගන්න ඒක
ඉටුවෙයි කීවලු.ඒත් වස්තුව නම් ඉල්ලුවට ලැබෙන්නේ නෑ මාරයා ගෙන් ජීවිතය ආරක්ෂා කරගන්න පුලුවන් කීවලු.
බොහොම සතුටට පත් යාචක සෑම් නිදි දෙවඟනටත් වැඳලා අවසර අරගෙන සමනලීගේ වයින්
ස්ටෝරුව ගාවට ආවලු.එනකොට හුඟක් රෑ වෙලාලු. කුසගින්නෙම නිදාගන්න කියලා
හිතාගෙන.
**********************
ටු බී කන්ඩිනියුඩ්........
-------------------------------------------------------------------------------------
පලමු කොටස අවසානයි.
Posted in ලියපු කතා
සුරංගනා කතාව 08- පලමු කොටස.