Tuesday, November 12, 2013

 
 
ඔන්න ඉතින් මේ කුප්ප #චානක_මධුරංග දිවා රෑ නොබලා කල්පනා කරාට පස්සේ හොඳ අදහසක් ආවලු.යාලුවෝ දෙන්නා ඉන්න සිරකුටියට ගියාලු.මේ යාලුවෝ දෙන්නා වෙන වෙනමලු සිරගත කලේ. ඉතින් මේ පූජක චානක මධුරංග මුලින්ම හයිලෑන්ඩර් හමුවෙලා දූපතෙන් පිටවෙන්න අවස්ථාව ලබා දිය හැකි බවත් ඒ සඳහා අල්ලසක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියලු.ශිෂ්ට සමාජය අනුමත නොකරන නමුත් දූපතෙන් ගැලවී යාමට විකල්පයක් නැති නිසා හයිලෑන්ඩර් කැමති උනාලු.ඒත් #මාරයා නම් තමන්ගේ ආත්මගරුත්වය පාවා දෙන්න කොහෙත්ම අකමැති උනාලු.පූජකවරයගෙ ඉල්ලීම සන්සිදවපු හයිලෑන්ඩර් දූපතෙන් ඉක්මනින්ම පිට උනාලු.

#ලොකු_සනියා නායකයට හරිම කේන්තියිලු එක්කෙනෙක් පැනලා ගිය එකට.ඒත් මාරයාට හරි තමන්ගේ දුවව විවාහ කරදෙනවා කියලා හිතුව ලොකු සනියා මාරයාට ඒ අදහස ඉදිරිපත් කලාලු. ඒත් #ළපටි_සුදා වැන්නියක් විවාහ කරගන්න කොහෙත්ම අකමැතිඋනු මාරයාට සිදු උනේ ඔවුන් අතින් මැරුම් කා පරලොව යන්නලු. මේ අතරේ තමන්ගේ හොඳම යාලුවත් දාලා දූපතෙන් පැනලා ගිය හයිලෑන්ඩර් මේ වෙනකොට දූපතෙන් ගොඩක් ඈතට ගිහින්ලු.
තෙරක් නොපෙනෙන මහ මුහුදේ මාරයා නැතිව හයිලෑන්ඩර් කොල්ලට පාර හොයාගන්න අමාරුයිලු.ඉතින් මෙහෙම යාත්‍රා කරනකොට දැක්කලු ඈත ගල් පරයක් තියෙනවා. හෙමින් හෙමින් එතනට කිට්ටු කරපු එයා දැක්කේ ලස්සන දර්ශනයක්ලු. #නයිල් කියන දිය කිඳුරිය මුහුද මැද තියෙන ගල් පරේට වෙලා හඳ එලිය දිහා බල බල හිට්යලු.මේ රූමත් දිය කිඳුරිය දැකපු හයිලෑන්ඩර්ට තමන්ගෙ ගමන්ත් අමතක උනාලු. යන්තම් සිහි එලවගත්ත එයා දිය කිඳුරිගෙන් පාර ඇහුවලු. දිය කිඳුරිත් ලංකාව තියෙන දිහා අත දික්කරලා පෙන්නලා ආඩම්බරෙන් මුහුදට පැන්නලු


ටු බී කන්ටිනියුඩ්ලු..........

---------------------------------------------------------------
කතාවේ තෙවනි කොටස අවසන්ලු. මේ කතාවෙන් අවසන් කොටස අරන් හෙට එන්නම්ලු.
 

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...