Friday, November 8, 2013

 
 
ඔන්න ඉතින් #සෑම්_ෆිෂර් කියන මුහුදට අධිපතියගෙන් හම්බෙන උම්බලකඩ සලාකේ බෙදාගන්න අකමැති වෙච්ච ලෝක නායකයෝ ටික #මාරයා දෙවියෝ දීපු දෙවනි උපදෙස ක්‍රියාත්මක කරන්න පෙලඹුනාලු.ඒත් එයාලට ප්‍රශ්නේ උනේ මනුස්සයෙක් හඳට යවන්නේ කොහොමද කියන එකලු.මීට කලින් #පිස්සු_පූසෙක් රොකට් එකකින් හඳට යවලා තිබුණට මනුස්සයෙක් යවලා නෑලු. තීන්දුව ක්‍රියාත්මක කරන්නත් ඔනේ නිසා #දෙවෙන්දොර_සං මේ ලෝකේ හිටියට වැඩකුත් නැති නිසා කොහොම හරි ඉක්මනට පිටමං කරගන්නලු කාටත් උවමනාව තිබ්බේ. #ජෝජ්_බුශ් ප්‍රමුඛ ඇමරිකාව මේ කටයුත්ත සාර්ථක කරගන්න සහය දෙන්න ඉදිරිපත් උනාලු.ඒ වගේම එවකට බලවත් රටක් වෙච්චි ලංකාවත් ලොකු සහයෝගයක් දුන්නලු.

සති කිහිපයක ඇවෑමෙන් රොකට් එක ලස්සනට හැදුවලු.මේකට මුල් උනේ විද්‍යාඥ #හයිලෑන්ඩර් සහ #ඩප්පි_ධර්මේ කියන ඉන්ජිනේරුවලු. එයාලට මේක කොච්චර විශ්වාසද කියනවනම් උඩයනකම් ඉවසිල්ලක් නෑලු. දෙවෙන්දොරව හඳේ යවන්න හැදුවට එයාගේ ආදරණීය දිය කිඳුරිට හරිම දුකයිලු. එයා අඬ අඬ ඉන්නවලු.පස්සේ ඉතින් සෑම් ෆීෂර්ටත් තමන්ගේ දුව ගැන දුක හිතිලා දෙවෙන්දොරට හඳට ගිහින් කන්න උම්බලකඩ පාර්සලයක් දුන්නලු.ජපානෙනුත් මෙයාට කන්න බොන්න පාර්සල් දුන්නලු. දෙවෙන්දරසං ලංකාවේ හිටිය ටික කාලේට බීඩි බොන්නයි හිගුරාණ බීම බොන්නයි ඇබ්බැහි උනාලු.එයාගේ එකම ඉල්ලීම උනේ හඳට යනකොට ජීවිත කාලෙටම ඇතිවෙන්න සුරාව ගෙනියන එකලු

රොකට එක හැදුවට ඒක ගුවන් ගත කරන්න තැනක් ලෝකේ පුරාම හෙව්වත් හොයාගන්න බැරි උනාලු. ඉතින් තමන්ගේ බෑණන්ඩිය වෙනුවෙන් #මහින්ද_බාප්පා කැපවුනාලු.එයා රොකට් එක යවන්න මත්තල හොඳයි කියලා චීනය කියන රටෙන් පොඩි ණයක් අරන් ආසියාවේ ආස්චර්යය කියලා බෝඩ් එකක් එහෙමත් ගහලා මත්තල තිබ්බ කැලේ කපලා කුරුල්ලෝ ටික එලවලා අලි ටික දන්න කියන අයට තෑගි කරලා එහෙම මත්තල රොකට් අංගනයක් හැදුවලු.හරිම ලස්සනයිලු.ඔන්න ඉතින් තව ප්‍රශ්නයක් ආවලු.

ඒ කාලේ ලංකාවේ වරාය උනේ ගෝකණ්නලු. ඉතින් එහෙ ඉදලා මත්තලට රොකට් එකක් අස්ස කරත්ත වලින් ගෙනියන්න අමාරුයිලු.ඉතින් මේ මහින්ද බාප්පා තව වැඩක් කලාලු. මත්තලට ලඟම වරාය හම්බන්තොට හදනවා කියලා ලොකු ගලක් එහෙම කඩලා ලස්සන වරායකුත් හැදුවලු. ඊට පස්සේ ඇමරිකාවේ හදපු මේ රොකට්ටුව ගෙනල්ලා ලංකාවේ මත්තලින් යවන්න සූදානම් කලාලු. ඔන්න ඉතින් තව ප්‍රශ්නයක් ආවලු. මේ රොකට් එක යවන පයිලට් කෙනෙක් නෑලු. එයත් ලංකාවෙන්ම හොයා ගන්නවා කියලා හිතලා රෑට හොර පොල් කඩන #ජෝන්_ලොරිපාල හොඳයි කියලා එයාව පයිලට් කමට තෝරගත්තලු.

දැන් ඔක්කොම හරිලු.රොකට් එක ගුවන් ගත කරන්න විතරලු තියෙන්නේ. #Hong_Soo අධිරාජ්ජයා එයාගේ බිසව උන #සඳගලතැන්න_කුමාරිහාමි, #සෑම්_ෆිෂර්, #අනියම්_නන්නත්තාර, #දිය_කිඳුරි , #ජෝජ්_බුශ් වගේ පිරිසක් ඉස්සරහ බලන් ඉද්දි කාගෙත් සෝ සුසුම් මැද #ජෝන්_ලොරිපාල රොකට් එක පණ ගන්වලා දෙවෙන්දර සංව හඳට එක්ක ගිහින් දාලා ආපහු ආවලු.

ප්‍රශ්නේ එහෙම විසඳුන එක ගැන හැමෝම සතුටු උනාලු. ජපානෙට ආයෙම උම්බලකඩ සහනාධාරේ හම්බුනාලු.ලංකාවටත් වරායකුයි රොකට් අංගනේකුයි හම්බුනාලු. ඇමරිකාවට හඳට ගිය ගෞරවේ හම්බුනාලු. අනියම් නන්නත්තාරට කිඳුරි හම්බුනාලු. දෙවෙන්දරටත් ජීවිත කාලෙටම ඇතිවෙන්න බීඩි හම්බුනාලු.ඔය දෙවෙන්දරට තරහ ගියාම එවන උම්බලකඩ කෑලිලු උල්කාපාත කියලා කියන්නේ

ඉතින් ඊට පස්සේ හැමෝම සතුටින් ජීවත් උනාලු.
======================================================

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...