ඔන්න එකෝමත් එක ජපානය කියන රටේ මුහුද අයිනේ හිටියලු #දෙවොන්දරසං කියලා කිමිදුම් කරුවෙක්. මෙයා හරි දක්ෂ පිහිණුම් කරුවෙක්ලු. අඩි 10-15 යට කිමිදිලා බෙල්ලො, ගල් මල් එහෙම ගේනවලු. ඉස්සර කාලේ අවුරුදු උත්සව වලට පංච දාන්න බෙල්ලෝ විකුනලු මෙයා ජීවත් උනේ.කිමිදිලා මුහුද අයිනේ තියෙන සුන්දරත්වය බලන එකලු මෙයාගේ එකම විනෝදාංශය.මෙයා ටිකක් කඩවසම් කෙනෙක්ලු. මේ මුහුද අයිනේ ගල් තලාවට රෑට එනවලු සයුර අධිපති #සෑම්_ෆීෂර් සුරයගෙ දූ කුමාරිකාව වෙන #කටකාර_සමනලී_සැන්ඩි දිය කිඳුරිය.මෙයා විවාහ ගිවිස ගෙන ඉන්නේ #අනියම්_නන්නත්තාරකියන කිඳුරා එක්කලු.
ඔන්න ඉතින් දවසක් රෑවෙලා මේ සැන්ඩි දිය කිඳුරි ගල් තලාවට වෙලා හිස පීර පීර ඉන්නවලු.මෙයාව දකිනවලු #දෙවොන්දරසං කියන කිමිදුම් කරුවා. රූමත් කිඳුරියව දකින මෙයා කිඳිරිය එක්ක ආලයෙන් ව්ලෙනවලු.දෙන්න මෙහෙම හැමදාම රාත්‍රියේ ප්‍රේමයෙන් හා ආලයෙන් වෙලිලා ඉන්නවලු. තමන්ගේ අනාගත කුමාරිකාව හැම රාත්‍රියේම මාලිගාවේ නැති නිසා දවසක් මේ #අනියම් නන්නත්තාර කිඳුරා ගොඩ බිමට ආවලු. එතකොට එයා දැක්කලු තමන්ගේ අනාගත කුමාරිකාව එක්ක පෙම්සුව විඳින මේ මනුස්සයාව.මෙයාට හුගාක් කේන්ති ගියාලු.වහාම තමන්ගේ මාමන්ඩි වෙන #සෑම් ෆීෂර්ට මේ බව පැමිණිලි කලාලුතමන්ගේ එකම දූ කුමාරිකාව මනුස්සයෙක් එක්ක හාදවෙලා කියලා දැනගත්ත පිය රජතුමාට හොඳටම කේන්ති ගිහින් දෙවොන්දරටත් පහර දීලා නැවත මුහුදු එන එකත් ඔහුට තහනම් කරලා දූ කුමාරිත් අරන් මාලිගාවට යන්න ගියාලු.ඉතින් ඔය කිඳුරන්ට කිඳුරියන්ට මනුස්සයන් එක්ක ආස්සරේ තහනම්ලු. ඉතින් මේ නිසා මේ වරදට කිමිදුම් කරුවට දඬුවම් දෙන්න ඔනේ කියලා හිතලා ජපානේට ආධාර වශයෙන් ඒ කාලේ මහ මුහුදෙන් දීපු උම්බලකඩ සලාකේ නවත්තන්න මේ සෑම් රජතුමා කටයුතු කරාලු.
ඒ කාලේ ජපානේ අධිරාජ්‍යයා උනේ #Hong_Soo කියන අධිරාජයාලු. මෙයාගේ අග බිසව උනේ ලංකාවෙන් එක්කන් ගියපු #සඳගලතැන්නේ_කුමාරිහාමි ලු.ඉතින් උම්බලකඩ සලාකේ නැති උන නිසා රජගෙදර කෑම නීරසලු. හැමදාම මේ රාජකීය යුවල කෑම මේසෙදි අරගල කරනවලු.ඔය අතරේ තමන්ගේ දූ කුමාරි බලන්න ආවලු එයාගේ පිය රජු වෙන ලංකාවේ රජ කරපු #මහින්ද_බාප්පා . කෑම රස නැති නිසා බෑණන්ඩිට හරිම ලැජ්ජයිලු. මෙයා වහාම රුසියාවෙන් කුලියට ගත්ත සබ්මැරීනයක් අරන් #සෑම් ෆීෂර් කියන සයුරට අධිපති රජුව මුණ ගැසෙන්න ගියාලු.ටු බී කන්ටිනියුඩ්ලු…
—————————————————————————————–
පලවෙනි කොටස #අවසානය යිලු. දෙවනි කොටසින් හමුවෙමුලු.
දිය කිඳුරියට පෙම් බැඳි කිමිදුම්කරුගේ කතාව- 01 කොටස