Tuesday, November 19, 2013

ජැකා යෝධයාගේ කතාව



මේක එකෝමත් එක ලංකාව කියන රටේ සිදු වුනු කතාවක්ලු.

ඔන්න ඉස්සර ලංකාවේ රත්නපුරේ අගනුවර කරගෙන ජුලියස් සීසර් කියලා රජ කෙනෙක් හිටියලු. මෙයාගේ සෙන්පතියා උනේ ගෝල් දේශෙන් ආව සූර පප්පාලු.මේ රජ්ජුරුවන්ගේ දේවිය උනේ සුදු මැණිකේලු. ඉතින් මේ ජූලියස් සීසර් රජතුමා බොහෝම දක්ෂ විදිහට රත්නපුරේට වෙලා රට පාලනය කරගෙන හිටියලු

ඉතින් ඔහොම ඉන්නකොට විල්පත්තු කැලෑව වාසභූමිය කරගෙන Jacka කියලා ‍යෝදයෙක් ඉන්නවා කියලා සීසර් රජතුමාට ආරංචියක් ආවලු. මේ යෝදයා ගැන කියනවනම් මෙයාට වැඩියෙන්ම ආසා ඌරු මස් කන්නලු. දවසට 4-5ක් කාලා මලක් එහෙමත් කපා ගන්නවපු . කැලේ සත්තු කනවට අමතරව මෙයා ඒ සත්තුන්ට වෙන වෙන වැඩත් කලා කියලාත් පොත පතේ සඳහන් වෙලවලු ඔන්න

ඉතින් මේ රජ්ජුරුවෝ හිතුවලු මේ යෝදයාව තමන්ගේ සේනාවට බඳව ගන්න.මෙහෙම හිතලා සූර පප්පා සෙන්පති තුමාටයි සේනාවටයි ගමේ සුමතියා අයියගේ අරිෂ්ට ටිකක් එහෙම දීලා පිටත් කෙරෙව්වලු යෝදයාව අල්ලගෙන එන්න කියලා. දුරු කතර ගෙවාගෙන අවිස්සාවේල්ල,කුරුණෑගල අනුරාධපුරන් ඔයාමඩුවට ආපු සේනාව ඔයාමඩුව කිට්ටුව කඳවුරු ලෑවලු. යෝදයෙක් අල්ලන එක සෙල්ලන් නෑනේ.

සූරපප්පා සෙන්පතියගේ උපදෙස්පිට කැලේ වටකරලා දුනු හී එහෙම අරගෙන කැලේ ඇතුලට සේනාව ගියාලු.අරිෂ්ට පානය කරලා හිටිය සූර පප්පා කැලේ කඩාගෙන ගිහින් යෝදයා එක්ක මූනට මුන සටන් කලාලු.කෝප වුනු මේ ජැක් යෝදයා සූර පප්පා සෙන්පති තුමාට පා පහරක් එල්ල කලාලු.ගුවනින් ගියපු සූර පප්පා සෙන්පතියා හොරොව්පතානේ කුඹුරකට වැටුනලු.(සූර පප්පා වැටුනු නිසා තාමත් මේ වෙලට කියන්නේ සූරවෙල කියලලු) බය වෙච්ච සේනාව හිස් ලූ ලූ අත දීවලු

ටු බී කන්ඩිනියුඩ්....
------------------------------------------------------------------------------------------
පලමු කොටසේ අවසානයයි.

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...