සෑම් ෆිෂර් යාචකයාගේ කතාව
Hon
soo අධිරාජ්‍යාගේ අණ පිලිපැදපු එයාගේ සෙන්පති රස්තා මෑන් සෑම් ෆීෂර්
යාචකයත් රැගෙන බලකොටුවට ආවාලු.මේ ඉන්න යාචකයන්ගේ අලුත් හා පරණ සිගන්නන්
වෙන් කරන්න කියලා දෝණි යා
පාලිකාවට රස්තා මෑන් සෙන්පති තුමා විධාන කලාලු.මේ පිරිස අතරින්
අධිරාජ්‍යයට අලුතෙන් ආව යාචකයන් සියල්ලගේම හිසගසා දමන්න මහ රජු අණ කලාලු.
සියගානක් යාචකයෝ බලකොටුවේ ගාල් කරලා පසු දින මරණයට සූදානම් කලාලු. සෑම්ට
නම් බයක් නෑලු. මොකද එයා අතේ මුතු ඇට 2ක් තියෙනවනේ.ඉතින් එදත් රෑවෙලා මුතු
ඇටේ හිටිය පහනට ආ යකාගේ අවතාරේ පිහිටෙන් මෙයා ඈත සයිබීරියාවේ ගම්මානයක්
කෙලවරට ප්‍රාදුර්භූත උනාලු.
මේ සයිබීරියාව පාලනය කලේ වෙලුප්පිල්ලයි පභාකරන්
කියන රජතුමයි එයාගේ අග බිසව වෙච්චි Pradee Kumari යිලු. මේ දෙන්නා බොහොම
ලස්සනට මේ රාජ්‍ය පාලනය කලාලු. රටේ කාටවත් අඟහිගයක් තිබුණේ නෑලු. ඉතින්
සෑම්ටත් හරි සතුටුයිලු. එයාටත් යමක් කමක් ලැබෙනවනේ.
ඔන්න ඉතින්
දවසක් සුපුරුදු පරිදි සෑම් ෆීෂර් මහ රූස්ස ෆයිනස් වනයක් කිට්ටුවෙන් යනකොට
මෙයාට ඇහෙනවලු කවුරු හරි කෙඳිරිගාන සද්දයක්.ඉක්මනට ගිහින් බැලුවලු කවුද
කියලා. විමසලා බලනකොට සුර අසුර යුද්දෙට ගිය ලෙගොලස් ග්රීන්ලීෆ් කියන අසුරයාලු. මෙයාට දරුණු පහරක් ලැබිලා තුවාල වෙලාලු.
අසුරයට තමන් අතේ තිබුණු වයින් ටිකක් පෙව්ව සෑම් ෆීෂර් කල්පනා කලාලු අසුරයව
බේරගන්න මොකක්ද කරන්න ඔනේ කියලා.එතකොට එයාට මතක් උනාලු කුල දෙවඟන තමන්ගේ
ආරක්ෂාවට පිහිටට දුන්නු මුතු ඇටේ. ඉතින් මේ සෑම් තමන්ගේ ජීවිතේ ගැන නොසිතාම
අසුරයා වෙනුවෙන් තමන්ට තිබුණු එකම එක අවසන් අවස්ථාව පාවිච්චි කරලා අසුරයව
සුවපත් කලාලු
සතුටට
පත් වුනු මේ ලෙගොලස් අසුරයා යාචකයා පිලිබඳ විමසලා කම්පා වෙලා තමන් ගාව
තිබුණු වටිනා දියමන්ති පසුම්බියක් යාචක සෑම්ට තිලිණ කලාලු. මේකත් අරගෙන
සයිබීරියාවේ අගනුවර ගිය සෑම් ෆිෂර් රජ මාලිගාවට ගිහින් වෙලුපිල්ලේ රජතුමා
හමුවෙලා තමන්ගේ ධනවත්කම කියලා සයිබීරියාවේ එකමත් එක ප්‍රාන්තෙක ආදිපාද
තනතුර ලබාගත්තලු.
ඉතින් මේ සෑම් කල්පනා කලාලු ආදිපාද වුනු තමන්ට
හොඳ කුමාරිකාවක් සරණපාවා ගන්න ඔනේ කියලා.මෙහෙම හිතනකොට එයාට මතක් උනාලු
තමන් දුප්පත්ව ඉන්නකොට උදව් කෙරුව අහිංසක සමනලී.එයත් රූමත් කෙනෙක්ලු. තාමත්
විවාහයක් කරගෙන නැත්නම් සරණපාවා ගන්නවා කියලා සෑම් හිතා ගත්තලු.
මෙහෙම හිතපු සෑම් ෆිශර් ආදිපාද තුමා ජෝන් ලොරිපාල
අයියගෙ ලොරිය කුලී පදනම මත අරගෙන චීනයට එන්න පිටත් උනාලු.දුරු කතර ගෙවාගෙන
දින කිහිපයක ඇවෑමෙන් චීනය ආව ආදිපාදතුමා චීන අධිරාජිනිය උනු Princess Thinyawo ගේත් නිදි කුම්බි කුලදෙවඟනගෙත් ආශිර්වාදය ඇතුව අහිංසක සමනලී කුමරියව විවාහ කරගෙන සතුටින් ජීවත් උනාලු.
*************************
-------------------------------------------------------------------------------------
අදට කතාව අවසානයිලු. ආයේ අලුත් කතාවකින් හෙට හමුවෙනවලු.හොඳනම් කොමින්ටුවක් දාලා යන්නලු.
Posted in ලියපු කතා
සුරංගනා කතාව 08 - තෙවන කොටස