කඳුලු දූවේ කතන්දරය
ඔන්න එකමත් එක රටක ලස්සන පුංචි දුපතක් තිබුනාලු.එ දුපතේ පුංචි කුමාරිවක් ජිවත් උනාලු.මේ කුමාරිකාවගේ දෙමව්පියෝ උනේ ජිංජි පොරෝරා මහ රජතුමයි Pradee Kumari යිලු. මේ කුමාරිකාව හරිම ලස්සනයිලු. ලස්සන ඇස් දෙකකුත් තිබ්බලු.ඉතින් ඒ නිසා ආදරේ වැඩිකමට මේ
රජතුමයි දේවියයි මේ දූ කුමාරිය නයිල් කුමරිය කියලා නම දැම්මලු.
ගුණයහපත් මේ කුමාරිකාවට ඒ රටේ හැමෝම හරි ආදරෙයිලු.දවස් දින ඔය වදියට ගොවිලා ගියාලු..කවුරුත් සතුටින් ජිවත් උනාලු...හැමදාම මේ දුපතේ ඉන්න මේ කුමාරි මුහුදු වෙරලට වේලා පුංචි ලමයි එක්ක සෙල්ලම් කලාලු.කෝම්පිට්ටු එහෙමත් ඉව්වලු.තව Batta ත් පැන්නලු.මේ කුමාරි පුංචි ලමයින්ට හරිම ආදරෙයිලු.රජගෙදර තියෙන කෑම බීම එහෙමත් ගෙනත් දුන්නලු.ඔහොම ටික ටික දවස් ගෙවිලා නයිල් කුමාරිකාව ලොකු වුනාලු.ඒත් ඉතින් දූපතේ ඉන්න පුංචි ලමයි එක්ක හැමදාම සෙල්ලං කරන එක නැවැත්තුවේ නෑලු.කුමාරිකාවක් උනාට වෙන වැඩකුත් තිබුනේ නෑ කියනවනේ.
ඔහොම ඉද්දි මහා නපුරු දවසක් උදා උනාලු.ඉතින් මේ මුහුදේ නපුරු රක්ෂයෙක් හිටියාලු දෙවෙන්දොරා කියලා.එ රාක්ෂයා මේ නයිල් කුමාරිගේ ලස්සන දැකලා ඒ ලස්සනට වශිවේලා මේ කුමාරිව ලබා ගන්න හිතුවාලු. ඉතින් මේ කුමාරිකාවට මේ දෙවොන්දර රාස්සයා යෝජනාවක් කලාලු.මේ රාස්සයාගේ නපුරු මූනට බය වුනු කුමාරිකාව යෝජනාව ප්‍රතික්ෂේප කලාලු.රාස්සයත් අදහස අත් ඇරියේ නෑලු.
ඉතිං ඊලඟ දවසේ මේ රාක්ෂයා අවාලු මේ කුමාරියගේ දෙමාපිය රජ දෙපල මුණ ගැහෙන්න.තෑගි බෝග එහෙම දීලා මේ රජතුමාට තම සිතැගි කිවුවාලු.එත් රාක්ෂයෙක්ට තමන්ගේ එකම දුව දෙන්න මේ දෙමාපියන් කැමති උනේම නැලු.අවසානේ මේ රාක්ෂයට හොදටම කේන්ති ගියාලු.ඊට පස්සේ සාපයක් කලාලු මේ දූපත විනාශ වෙන්න කියලාඑදා ඉදලා මේ දුව වටේ තියන මුහුද ගොඩ ගලන්න ගත්තාලු.
ටිකෙන් ටික මුහුදු රැලි ලොකු වෙලා ගොඩට ගලන්න ගත්තලු.බය වුනු දූපත් වැසියෝ රජතුමාට මේ ගැන කීවලු.මුහුද කිට්ටුව හිටිය දුපත් වැසියෝ එකා දෙන්න විනාශ වෙන්නගත්තලු.මේ කිසිම දෙයක් නොදන් පුංචි කුමාරි මේ විනාශය ගැන ගොඩාක් දුක් උනාලු.ඊට පස්සේ දෙමාපියන්ගෙන් ඇහුවාලු ඇයි කියලා මෙහෙම වෙන්නේ කියලා.ඒත් දෙමව්පියන්ගෙන් නම් පිලිතුරක් ලැබුණේ නෑලු.
ඊට පස්සේ නයිල් කුමරිය Vidhvath Jacka පුරෝහිතගෙන් ඇහුවලු.එයා කීවලු කුමාරිකාව පතාගෙන ආව රාක්ෂයා තමා මේ සාපය කලේ කියලා.රට බේරෙන්න නම් කුමාරිකාව මුහුදට බිලිවෙන්න කීවලු.
අවසානයේ මේ කුමාරිකාව ලොකු තිරණයක් ගත්තාලු. එදා රැ කාටවත්ම නොකියා රජ මැදුරෙන් පිට උනාලු.පිට වේලා ගිහින් අර රාක්ෂයා ඉන් මුහුද ලඟට ගියා.ගිහින් එයාට කතා කලාලු.මේ විනාශය නවත්වන්න කියලා රකුසගෙන් ඉල්ලුවලුමගේ රටට විනාශ කරන්න එපා මාවනේ ඕන
කියලා හිතුව කුමාරිකාව @මුහුදට බිලි උනාලු.
එදායින් පස්සේ
කවුරුත් කුමාරිව දැක්කේ නැලු.හැමෝම හැමතැනම හෙව්වලු.ඉතින් කොහොම හරි කුමාරිකාව එයාගේ දිවි පුදලා රට බේර ගත්තලු.ඒත් පුරෝහිතගෙ කටින් මේ රහස කොහොම හරි එලි උනාලු.ඉතින් එදා ඉදලා මුලු රටම ශෝක උනාලු.හැමෝම ඇඬුවලු.ඒනිසා එදා ඉදලා ඒ දුපතට කියන්නේ “ කදුළු දුව“ කියලාලු.
------------------------------
කතාව අවසානයිලු.මේක මට තෑග්ගක් විදිහට ලැබුණු කතාවක්ලු.එයාට ගොඩාක් ස්තූතියිලු.ඒ වගේම මට ගොඩාක් සතුටුයිලු .ඉතින් මම මේක පල කලා විතරලු.සියලු ගරු සම්මානේ මුල් නිර්මාණකරුටලු .නම හෙලි කරන්න එපා කීවලු.ඒ නිසා එහෙම කරන්නේ නෑලු.
සුරංගනා කතාව 6