නම වෙනස් කල රජකුමරුට පෙම් බැඳි ගමේ කෙල්ල සඳගලතැන්න කුමාරිහාමි
==================================
ඔන්න ඉතින් මේ #වාචාල_පිකාසෝ
කියන පිශාචයාට කුමාරයා දැක්ක ගමන් ආසාවක් ඇති උනාලු. ඊට පස්සේ මෙයා කලේ
කුමාරයාගේ ඇඟට ඇතුල් වෙන එකලු. පිශාචයා ඇතුලු උන ගමන් කුමාරයාගේ මූණ විරූපී
වෙලා අහු මුලු වල හැංගෙන්නයි දකින හැමදේම කන්නයි පටන් ගත්තලු. පිය රජතුමා
වෙච්චි #ජිංජි_පොරෝරා රජතුමාට කරන දෙයක් හිතාගන්න බැරි උනාලු.තමන්ගේ පුත් කුමාරයාට වෙච්ච සන්තෑසිය දැකපු මව් බිසව වෙන #පබා_නංගිත් කඳුලු සලන්න ගත්තලු. ඇමතිවරුන්ටත් හිතාගන්න බැරි උනාලු කරන දෙයක්.ඊට පස්සේ මහ රජතුමා සෙන්පති #අකිල_ජයරත්න කැඳවලා කුමාරයා සුවපත් කරන තුරු කූඩුවක දාන්න අණකලාලු.මේ පුවත අහපු හැමෝම දුක් උනාලු.
රජමාලිගාවේ අණබෙරකරු වන #ඇඩොල්ෆ්_හිට්ලර් කැඳවලා කුමාරයා සුවපත් කරන කෙනෙක්ට් ඇතෙක් බරට රන් මසු දෙනවා කියලා අඬබෙරයක් යැව්වලු. නුවර වීදි පුරාම අඬබෙරේ සැරිසරද්දි #අප්සරා ගුරු මාතාව අඬබෙරේ නවත්තලා කීවලු මුහුදෙන් එහා මායා දූපතේ ප්‍රධාන මායාකරු වෙන #ඩොක්_අයියා කියලා එයාගේ වැඩිමල් සහෝදරයා ඉන්න බවත් එයාව කැඳවලා සුවපත් කරගන්න පුලුවන් බවත් කීවලු මේක අහලා සතුටු වුනු රජතුමා වහාම #ඇමතිතුමා කැඳවලා සේනාවක් සමග නැවකුත් එක්ක පුද පඬුරුත් දීලා ඩොක් අයියා මායාකරුව කැන්දන් එන්න කීවලු.
රජකුමරුගේ පෙම්වතිය උනු #කේටි_කුමරියට හරි දුකයිලු. එයා හැමදාම කුමාරයා බලන්න ආවලු. අනිත් කුමාරියොත් ආවලු. #සඳගලතැන්නේ_කුමාරිහාමිටත්
දුකයිලු. ඒත් එයාට රජ මාලිගාවට එන්න වසර තිබුණේ නෑලු.දින කිහිපයක් ඇවෑමෙන්
ඇමතිතුමා ඇතුලු පිරිස ඩොක් අයියා මායකරුව එක්කන් ආවලු. නම වෙනස් කල
රාජකුමාරයා පරීක්ෂා කරපු එයා කීවලු මෙයා සුවපත් කරන්න තමන්ට තනිවම කල
නොහැකි බවත් ඒ සඳහා තව කලමණා මෙන්ම කඳුකරේ හිම මාලිගාවේ වෙසෙන #සින්ඩිරෙල්ලා සුරංගනාවිගේ ඖෂධ පැන් බින්දු කිහිපයකුත් අවැසි බව කීවලු.
වහාම ක්‍රියාත්මක වුනු රජතුමා කාරණාව පැහැදිලි කරලා හසුන් පතක් එක්ක
සුරංගනාවියන්ට තෑගි බෝග පුරවපු අස්ස කරත්තෙකුත් සූදානම් කරලා දූත පිරිසක්
එක්ක පිටත් කලාලු. ඒ අතරේ ඉතුරු කලමනා ඩොක් අයියගෙ ප්‍රධානත්වයෙන් සූදානම්
කලාලු.
ටු බී කන්ටිනියුඩ්ලු__________
-------------------------------
තෙවනි කොටස අවසන්ලු.අව්සාන කොටසින් හමුවෙන්නම්ලු. අදහස් කියන්නලු. ඉතුරු කොටස කියන්නේ බලන අයගේ විවේචන මතලු.
වහාම ක්‍රියාත්මක වුනු රජතුමා කාරණාව පැහැදිලි කරලා හසුන් පතක් එක්ක සුරංගනාවියන්ට තෑගි බෝග පුරවපු අස්ස කරත්තෙකුත් සූදානම් කරලා දූත පිරිසක් එක්ක පිටත් කලාලු. ඒ අතරේ ඉතුරු කලමනා ඩොක් අයියගෙ ප්‍රධානත්වයෙන් සූදානම් කලාලු.
ටු බී කන්ටිනියුඩ්ලු__________
-------------------------------
තෙවනි කොටස අවසන්ලු.අව්සාන කොටසින් හමුවෙන්නම්ලු. අදහස් කියන්නලු. ඉතුරු කොටස කියන්නේ බලන අයගේ විවේචන මතලු.
Posted in ලියපු කතා
සුරංගනා කතාව 03 - තෙවන කොටස