"ගුඩ් මෝනින් සුදු මහත්තයෝ". අද කීයටද ඔයා එන්නේ?
උදේ පාන්දරම ඇගෙන් කෙටි පණිවිඩයක්. පෝන් එක දිහා බැලුවාම මූණට හිනා රැල්ලක් මතු උනේ ඉබේටම.
කොච්චර දුරක හිටියත් හැමදාමත් ආදරේ අඩුවක් නෑ.
ඇදේම ඉදන් කෝල් එකක් ගත්තා.
ගුඩ් මෝනින් සුදු මැණික
ගුඩ් මෝනින් කොල්ලො. දැන් ඔය කෝල් එක ගත්තෙ අද එන්නෑ කියන්නද? frown emoticon
නෑනෑ අද එනවා.මටත් ඉවසිල්ලක් නෑනේ සුදු මූන බලාගන්නකන්.
බොරු. එහෙනම් එනවනෙ සතියකට සැරයක්වත්. ඇයි ඉතින් උදේම එන්න බැරි?
මෙතන වැඩ ටික ඔක්කොම කරලා එන්න ඕනිනේ. නැත්තන් ගෙදර ආවත් නිදහසක් නෑනේ. ඔයා දන්වනම් ප්‍රයිවට් කොම්පැණිකාරයින්ගෙන් නිවාඩු ගන්න කොච්චර අමාරුද කියලා ඔයා ඔහොම අහන්නෑ කවදාවත්ම. ඒ ටික නොකියා හිතේ ගුලි කරගත්තේ උදේම මූඩ් ගස්සවන්න හොදනෑනේ.
අද වැඩට යන්නේ නැද්ද?
යනවනෙ. මේ උයනගමන්. ගෙදර එන්නකො ඉක්මනට. කියන්න ගොඩාරියක් දේවල් තියෙනවා.
ඉක්මනටම එන්න නේන්නම් මාත් මේ දගලන්නේ. එහෙනම් මගෙ සුදු මැණික පරිස්සමෙන් වැඩටික ඉවර කරගෙන වැඩට යන්නකො.මාත් වොශ් එකක් දාගෙන අද ඉවර කරන්න ඕනේ වැඩ ටික කරලා ඉක්මනට ලෑස්තිවෙලා එන්නම්. හා ද?
හා....... උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම
උම්ම්ම්ම්ම්ම්ම්මා.....
**************************
උදේ ඉදන්ම ඉක්මනට වැඩටික ඉවර කරගන්න පටන් ගත්තත් හවස් වෙනකම්ම කරගන්න හම්බුනේ නෑ. හැම එකාගෙම ප්‍රශ්න විසඳලා යන්න එපැයි. එච් ආර් කාරයෙක් හිටියත් ඉන්න හැමෝම ප්‍රශ්න කියාගෙන එන්නේ මං ගාවට. සමහර වෙලාවට කේන්තිත් යනවා.ඒත් මොනවා කරන්නද? පව්නේ. මට එහෙම හිතුනා.
උදේ ඉදන් හවස් වෙනකම්ම පෝන් එකට නිවනක් තිබ්බෙත් නෑ. යන්තන් හවස 4 වෙනකොට එලියට පැනගත්තා. නිවාඩු දවස් ටිකේ පෙන්ඩින් රෙසවේශන් ටිකත් බොසට ෆෝවඩ් කරා. නැත්ත්න් ගෙදර ගියත් උගෙන් නිදහසක් නෑ.
තුෂාරට කියලා පානදුරට ගෙනත් දාගත්තේ 4.30 නුවර බස් එක අල්ලගන්න. කොලඹට එන්නේ නැතුව ඉක්මනට එන්න පුලුවන් ඒකේ ආවම.
මාසෙකින් ගෙදර යනවා කියන එකත් මාර ෆීල් එකක් මට එහෙම හිතුනා. හරියට ෆ්‍රස්ට් ටයිම් කෙල්ල මීට් වෙන්න යනවා වගේ. විනඩියෙන් විනාඩියට ඉන්න තැන අහලා එයා එවන මැසේජ් හැම එකකින්ම දැනුනෙ හරි ලෙංගතුකමක්. මම වගේම ඈත් ආසාවෙන් ඇත්තේ.මේ බස් එක ඉක්මනට යන්නේ නෑනේ. මට එහෙම හිතුනු වාර අනන්තයි. ඒත් ඉතින් ඩ්‍රයිවර් ඉගිලෙන්නයෑ. පාරේ ට්‍රැෆික්නේ.
බස් දෙක තුනක ගිහින් කොහොමින් හරි ගෙදෙට්ට යනකොට රෑ 12යි. ඇඟට හරි මහන්සිත් එක්ක. බෙල් එක ගහනකොටම දුවගෙන ඇවිත් පිලිගත්තේ මගෙ ආදරණීය බිරිඳ. හම්මේ අද කෙල්ලගෙ ලස්සන. මූනේ ලස්සන මල්හිනාව. ආදරෙන් තුරුලු කරගෙන ඉඹගෙන ඉඹගෙන ගියේ හිතේ තිබ්බ ඔක්කොම ආසාවල් එක පාර සන්සිඳවගන්න වගේ.
ඒ මූන දැක්කම වෙහෙස මහන්සිය කොහෙන් ගියාද නෑ.
"කෝ අම්මලා නිදිද" මම කණට කරලා රහසින් ඇහුවා.
"ඔව්, යන්කො ගෙට තාම දොරකඩනේ. පිස්සො." එයා බෙල්ලෙ එල්ලිලා මාව බදාගෙන කිවේ හරී ආදරෙන්.
දොරත් වහලා ගෙනාපු බෑග් ටික පුටුවෙන් තියලා සාලෙ ඉදන්ම වඩාගෙනම ගියේ හනිමූන් එක දවසෙ වගෙ.
"ඇදෙන් තියන්නද බිමින් තියන්නද" මං එයාව වඩාගෙනම ඇහුවා.
"ම්ම්ම් කොහෙන්ද තියෙන්න කැමති? කැමති තැනකින් තියන්න" ප්‍රශ්නෙට උත්තරෙත් ප්‍රශ්නෙකින්ම. මට හිනත් ගියා.
"මගෙ මැණික ඇදෙන් නැතුව වෙන කොහෙන් තියන්නද"
"එහෙනම් බිමින් තියන්න හැදුවේ"
"දවසක බිමටත් පුරුදු වෙන්න උනොත්"
"එතකොට බිම ඉන්නම්" නිල් පාට පුංචි ඇස් දෙකෙන් ආදරෙන් මම දිහා බලන් කියාගෙන යනවා.
පැය බාගයක්වත් හුරතල් වෙවී ඉන්න ඇති. මට බඩගින්නක් ආවා. ආපු ගමන් ඇදගෙන හිටිය ඇදුම් ගැලෙව්වෙත් නෑනේ.
"මං වොශ් එකක් දාගෙන එන්නම්"
"හ්ම්ම්ම්" නොකැමැත්තෙන් වගෙ එහෙම කීවම දුකත් හිතුන.
"ඔයත් බඩගින්නෙනෙ. රෑට කාලා නෑනේ. මං දන්නවනෙ එනකන් නොකා නොබි බලන් ඉන්නවා කියලා. මං ටක් ගාලා එන්නම්."
"පෙරේතයා,, මට වඩා බඩගින්න ලොකුඉ. හ්ම් එනවකො ආයෙ ලගට. බලන්න. මූන රතු කරගෙන ගස්සගෙන නැගිට්ටෙ හරියට විදුලියක් වගෙ.
"නෑ යකො මාසෙකට සැරයක් ගෑඉගෙ අතින් උයන බත් කටක් කන්නෙ. ඒකටත් පෙරේතකම කියනවද? මට එපා එහෙනම්." බොරුවට තරහක් අරන් එහෙම කීවම ශපෙ උනා. නැත්තන් මම පෙරේතයි කියලා හිතුවොත්. මට ලැජ්ජත් හිතුනා.
මොකුත් නොකියා බිම බලාගෙන කුස්සියට ඇදුනම මට දුකයි එක්ක. ගෙදර ආපු ගමන් මූන් එල්ලන් ඉන්න බෑනෙ. ඉක්මනට ඇග සෝදගෙන කුස්සියට යනකොට නූඩ්ල්ස් පිගානක් බෙදලා.
"එන්න කමු." මමම් පිගාන අතට අරන් ඇහුවා.
"මට කන්න බෑ අනේ. ගොඩක් රෑ වෙලානෙ"
"මෙතනින් වාඩිවෙන්නකො" එහෙම ඉයලා බලෙන්ම කටක් කැවුවා.
හිනාවක් පුරවගෙන ඒක කනගමන් පුටුව ලංකරගෙන මට තුරුල් උනා.
"ම්ම් හරි ර්සයි"
"ඉතින් ඔයානේ ඉව්වෙ. රසයි නේන්නම්. ඒ උනාට මට පෙරේතයා කිවනේ. සෝ සෑඩ්" තව කටක් කවන ගමන් එහෙම කීවම ආයෙම මූන කලු උනා.
"අනේ ඉතින්... මට තරහ ගියානේ. ආයේ කියන්නෑ. අනික ඉතින් බොරුවක්යෑ. පෙරේතයි නේන්නම්. " ද්ව ඇඩකරගෙන එහෙම කිවම දෙන්නටම හිනා.
කොහොමින් හරි නූඩ්ල්ස් පිගානම ඉවරයි.
"දැන් නිදාගමු. ඕවා උදේට අස් කරමු." මම එහෙම කිවේ ඉවසිල්ලක් නැතුවමයි.
"හ්ම්ම්ම්ම්" මගෙ අතේ එල්ලීගෙන එයත් ආවා
"මේ මොකද මේ පුලුන් පුරවපු වලස් තඩියො ටිකක් ගෙනත් දාලා. පිස්සුද ඔයාට"
"මම ගෙදර ගිය වෙලාවේ ගෙනාවා.අනේ පව් මුන්ට මගෙ ටෙඩියලා. දැන්ද දැක්කේ."
"දැන්නේ මම වටපිට බැලුවේ." වලස්තඩියො ටික මට ඔරවගෙන ඉන්නවා වගේ. මට එහෙම දැනුනා. මම නැති දාට උන් ටිකනේ ඈ ලඟින් ඉන්නේ. ඉරිසියා ඇති.මට එහෙමත් හිතුනා.
ඈ ගාවින් ආවේ වතුසුදු මල් සුවඳක්. සෙමින් හිස පාත් කරලා ආදරෙන් ඉම්බා. මුලු හිතම සතුටින් පිනා ගියා.
එක අතකින් ඔලුව අතගාන ගමන් මට මතක් උනේ උදේ එව්ව මැසේජ් එක.
"මොනවද කියන්න ගොඩාරියක් දේවල් තියෙනවා කිව්වේ?"
"ම්ම්ම්ම්ම් හැබැයි ඔන්න බනින්න එපා හොදද සුදු මහත්තයෝ"
"මම ඔයාට බනින්නේ නෑනේ. කියන්න බලන්න එක එක"
"අනේ මට වැඩට යන්න බෑ අනේ.හරි මහන්සියි. එපා වෙනවා. ගෙදර නවතින්න හිතයි."
"ඉතින් බබා මම ඔයාට කියලා නෑනේ ජොබ් කරන්න කියලා. ඔයාමනේ ගියේ"
"ඔව් ඉතින් දැන් මහන්සියි. ඔයත් ලග නෑනේ. ඔක්කොම තනියම කරගන්න හරි අමාරුයි අනේ."
"හ්ම්ම්ම්ම් මට තේරෙනවා. ඔයා එහෙනම් රිසයින් ලෙටර් එක දෙන්න.ලබන මාසේ ඉදන් ගෙදර ඉන්නකො"
"නෑ මම ස්කූටියට ගෙවල ඉවර උනාමම නතර වෙන්නම්. තව මාස 6යිනේ."
"තියෙන සල්ලි වලින් ඒක ගෙවලා ගෙදර ඉන්න"
"හ්ම්ම්ම් බලමුකො. තෑන්ක්ස් ටු අන්ඩර්ස්ටන්ඩ් මී" උනුසුම් හාදුවකින් සන්ග්‍රහයක්.
"දැන් දොයියමු.හුගක් කාලින්නෙ. ඈ තවත් තුරුල් වෙමින් පැවසුවා.
"නිදාගන්නම ඕනේද"
"මෝඩයා"
**************************
"නැගිටින්නකො......" එයා උදේම නැගිටලා. ඇඳගාවට වෙලා තේ එකත් අරගෙන. දැක්ක ගමන් පැනලා ඇදට දාගන්න හිතුනත් තේ එක හැලෙයිනෙ. එතකොට නාන්න වෙනවා.
"ඇයි මේ උදෙන්ම නැගිටලා. අද නිවාඩු දාලා ඉන්නේ කිවා නේද?"
"ඔව් ඉතින්. පුරුද්දට ඇහැරෙනවා. අම්මලට කන්න උයන්නත් ඕනෙනෙ."
"පව් මගෙ සුදු කෙල්ලට. මම එක්ක ඇවිත් ඔක්කොම වැඩ තනියම කරගන්න වෙලා නේද"
"ඒම නෑ පිස්සො. මෝඩ කතා නොකියා මේක බොන්න" තේ කොප්පේ මුවටම ලංකරා.
"ඒනන් පොවන්නකො" kiss emoticon
"කෝලන්.."
"මම අම්මට කතා කරලා එන්නම්. ඔයා සැටියෙ තියෙන බෑග් ටික කාමරේට ගේන්නකො."
එහෙම කියලා
තේ එක බීලා ඇදෙන් නැගිටලා කෙලින්ම ගියේ අම්මා ගාවට. නැත්තන් අම්මා හිතාවි පවුලක් ගෙනාවට පස්සෙ අම්මා ගැන බලන්නෑ කියලා. පුංචි දේවල් ගොඩක් අතපසු උනොත් අවසානේ වෙන්නෙ ලොකු විනාශයක්.
"අම්මේ....." දොර ගාවට ගිහින් අම්මට කතා කරා.
**************************
Next Episode Will be Coming soon
මගේ බිරිඳ 1