Friday, April 3, 2015

මගේ බිරිඳ 4



"ඔය ඉතින් නිදාගත්තා ඇති නැගිටින්නකො" ඈ තේ එක ස්ටූල් එක උඩ තබමින් මා ලගට විත් කීවාය.
මම ඇගේ අතින් අල්ලා ඇද ඇදේ හිදුවා ඔඩොක්කොවෙන් හිස තබා ගතිමි. මෘදු ලෙස හිස පිරිමදිමින් නළල සිප ගත් ඈ "අද නැගිටින්නත් හිතක් නැද්ද" ඇසුවාය
"ඉතින් ලස්සන කෙල්ලක් ගාව ඉන්නකොට නැගිටින්නෙ මොකටද?" එසේ කියමින් ඇගේ බඩ සිම්බෙමි.
"පිස්සා. මට කුචි." ඈ හුරතලෙන් කනෙන් අල්ලා කට ඇද කලාය.
"කෝ අම්මලා ලෑස්තිවෙලාද?"
"තාම ලෑස්ති වෙනවා"
"බස් එක කීයටද"
"6.10 ටනේ"
"ඉතින් මෝඩියේ තව විනාඩි 40ක් තියෙනවානේ. මට ඇහැරෙව්වේ" මම නොමනාපෙන් කීමි
"ඉතින් මට පාලුයිනේ ඒකනේ" ඈ මගෙ මුහුණට එබෙමින් කෝල ලෙසින් සිනාසෙන්නීය.
මොහොතකින් ඇගේ දුරකථනය නාද විය.
"අක්කා" ඈ හඩගෑවාය
"ඉතින් බලන් ඉන්නේ ආන්සර් කරන්න. අද බර්ත්ඩේ එකට විශ් කරන්න වෙන්න ඇති" මම කීවෙමි.
අතරතුරේ මා නැගිට කට සෝදා කිරි එක බීවෙමි.
"අක්කයි අයියයි දෙන්නාම කතා කලා" ඈ සතුටෙන් ඉපිලෙයි.
"අයියයි අක්කයි කවදත් අපිට ප්‍රශ්නයක් ඇති කරේ නෑනේ බබා. අවුරුද්දට අපි එහෙ යන්.තව මාසෙනෙ ඉවසන්න තියෙන්නේ"
"අම්මලා බැන්නොත්? අපේ අම්මා මම එක්ක තාම තරහ ඇති. ලොකු අක්කා තමයි ඔක්කොම අවුලන්නේ"
"බැන්නත් මොකෝ ඉතින් අම්මනේ. කාලෙකින් බැනුම් අහන්නත් බැරිඋනානේ. ගිහින් පොඩ්ඩක් අහලා එමු." ඈ සිනාසුනාය.
"මූන කට සෝදන් ටී ෂර්ට් එකක් දාගන්න. 6ට කිට්ටුයි"
"බස් එකට මහ දුරක් යන්න නෑනේ"
"හරි හරි කැරකි කැරකි ඉන්නකො පන්ඩිතයා" ඈ මගේ අතේ තිබුණු කෝප්පය උදුරාගෙන කුස්සියට ගියාය.
මා මූන සෝදා එනවිට අම්මලාද ලෑස්තිවී හමාරය.
අප දෙදෙනම අම්මාටත් තාත්තාටත් දණගසා වැන්දෙමු.ඉන්පසු බසයට ඇරලීමි.
"අම්මලා ගියාම පාලුයිනේ" ඈ දොර හරින ගමන් කීවාය
"ඇයි බනින්න කෙනෙක් නැති නිසාද?"
"දැන් ඉස්සර වගේ බනින්නේ නෑ හොදට කතා කරනවා." ඈ පිලිවදන් දිනි.
"හ්ම්ම් ලොකු දෙයක්" මම සැනසුම් සුසුමක් හෙලීමි
" බය වෙන්න එපා මහත්තයො හැමදේම හරියයි. බුදු හාමුදුරුවෝත් කියලා තියෙනවානේ හැමදාම ඇනුම් බැනුම් නෑ කියලා. මම කොහොම හරි එයාගෙ ලේලි නොවී දුව වෙන්නම්කො." ඈ මගේ අතේ එල්ලුණාය
" මේ වෙලාවෙ අපිට කොච්චර ප්‍රශ්න තියෙනවාද? ඔයා මෙහෙම හැමදේම ඉවසගෙන ඉන්න එක මට ලොකු හයියක්. තෑන්ක්ස් මගෙ සුදු නෝනා." මම ඇගේ හිස සිපගතිමි
"තෑන්ක්ස් එපා අපි දෙන්නටනෙ කොල්ලො" ඒ සිනහව ගත සිත සුවපත් කලේය.
"අපි දෙන්නත් ලෑස්තිවෙමු එහෙනම්"
"මොකේද යන්නේ"
"අපේ දුප්පත් බයික් එකේ තමයි"
"අනේ මගෙ ස්කූටියේ යන්කෝ ඒකේ කොහෙවත් දුර ගමනක් ගිහින් නෑ"
"අපෝ ඕකේ යන්න එපා වෙනවා" මම කීවෙමි
"අනේ ඉතින්, හොද බබානේ යමුකෝ මම මල්ලිට කියලා ගියසතියේ සර්විස් කරවගත්තත් එක්ක."
"හා හා කොන්දෙ අමාරුව හැදුනොත් මසාජ් එකක් ඕනේ"
" හා ඉතින්"
"හරි යමුකො එහෙනම්. ඔක්කොටොම කලින් ලෑස්ති වෙමුකො සුදූ"
***********************
සුදුවන් ගවුම හැද පෙරදින තිලිණ කල ආභරණ කට්ටලය ද පැලද සාලයටට පැමිණියාය. ඈ සැබැවින්ම රූමත්‍ ය. මගේ සිතට සියුම් ආඩම්බරයක් ඇතිවිණ.
"කොහොමද ලස්සනයි නේද" ඈ මා අසලට විත් ගවොම දෑතින්ම අල්ලා රවුමක් කැරකුණාය.
ඈ අසලින් හැමු විලවුන් සුවදට මුසුවූ ඇගේ සුවද මා මනකල් කලේය. සුවදින් සිත සනහා ගත් මා රූ සිරිය නෙත්පුරාම වින්දෙමි.
"මගෙ සුදු මැණික හරි ලස්සනයි නේන්නම් " මා ඇගේ දෙකොපොලින් අල්ලා පැවසීමි.
"මගෙ සුදු මහත්තයා නේ මාව ලස්සන කලේ" ඈ කෘතඥ පූර්වකව මදෑස බලමින් කීය.
"අපි යමු බබා එහෙනම්"
"ඉන්න ටිකක්" ඈ මා තුරුලෙන් මිදී දණ ගසා වැන්දාය.
"බුදු සරණයි මහත්තයො" ඈ වදිමින්ම කීවාය.
"තෙරුවන් සරණයි මගෙ මැනිකටත්" මා ඈ නැගිටුවා තුරුල් කරගතිමි.
"ආ බයික් එකේ යතුර" ඈ මගේ අතට යතුර දුන්නාය.
දොරත් ගේට්ටුවත් වසා යතුරු අල්ලපු ගෙදර නැන්දාට දුන්නේ හදිසියේවත් මල්ලී පැමිණියොත් දෙන ලෙස පවසා පිටත් උනෙමු.
හිගුරක්ගොඩට පැමිණෙන විට උදෑසන 8.30 පමණ විය.
"සුදූ මේක තමයි සෝමාවතී යනකොට හම්බෙන අන්තිම සින්හල ටවුම. අපි කාලා ගන්න දේවල් මෙහෙන්ම අරන් යමු" මා ඇයට යෝජනා කලේය
ඈ ද හිසවනා අනුමත කලාය.
**************
උදෑසන උවත් දැඩි හිරු රශ්මියත් වියලී දුවිලි මුසු සුලගත් අප විඩාවට පත් කලෝය. එහෙත් අතොරක් නැතිව ගිරවියක සේ කියවන ඇගේ වදන් වලට වෙහෙස මදකට දුරුවිය.
"අනේ ආන් බඩ ඉරිඟු තම්බනවා කාලා යන්කෝ" පාර අයිනේ කුඩා කඩයක් පසුවෙන විට තුරුල් වී සිටි දෑත් බුරුල් කරමින් පැවසීය.
"ආච්චියේ අපි දෙන්නට දලු කරල් දෙකක් දෙන්නකො" පසෙක තිබූ ප්ලාස්ටික් පුටුවක් ඇද හිදගනිමින් පැවසුවෙමි. ඈද පුටුවක් ඇද මා අසලින් හිද ගත්තාය
"ඔයා ආච්චිව අදුරනවද" ඈ මගේ කනට කොදුලාය
"නෑ ඇයි"
"අහපු විදිහට මට හිතුනා" ඉරිගු මුට්ටිය දෙස බලමින් ඈ පිලිවදන් දිනි.
"පුතාලා සෝමාවතීයටද යන්නේ" අප දෙදෙනට ඉරිඟු කරල් බේසමක් දිගු කරන ගමන් ආචිචි විමසුවේය
"ඔව් ආච්චියේ මෙතනින් සෙනග ගොඩක් ගියාද" මා විමසුවෙමි
"අද අඩුයි පුතේ අගහරුවාදානේ. සෙනසුරාදා ඉරිදට තමා වැඩි"
"මේ ඉරිගු හරි රසයි." ඈ කීවාය
"උදේම අපේ අර කොටුවෙන් කඩපුවා පුතේ" ආචිචි ඈත ඇති බඩ ඉරිඟු කොටුවක් පෙන්නමින් කිවාය
"අපි ටිකක් අරන් යමුකො" ඈ මදෙස බලමින් පවසන්නීය
"ආච්චි අපිට අමු කරල් 10කුත් ඔතලා දෙන්න"
"එනගමන් ගමු. දැන් අරන් යන්නෙ ඇයි" ඈ විමසයි
"අපි එනකොට මේ පාරෙන් එන්නෑ සුදු නෝනා" මගේ පිළිතුරෙන් ඈ සෑහීමකට පත් විය.
**************
"මම මේ සෝමාවතී ආවමයි". ඈතින් පෙනෙන සෝමාවතියේ චෛත්‍යය රාජයාණන් වහන්සේ දෙස බලමින් බයික් එකෙන් බසින ගමන් කියන්නීය.
"ඉතින් ඒකනේ එක්කන් ආවේ යමු මල් පහන් ගන්න"
මා ඇගේ අතින් අල්ලාගෙන කීවෙමි.
සතියේ දවසක් බැවින් සෝමාවතී පුදබිමේ එතරම් සෙනගක් නොමැත. එබැවින් හිතේ හැටියට වැදපුදා ගත හැකිවීම පිලිබඳව මම හිතින් සතුටුවීමි.
ඈත විල්ලුවෙන් හමා එන මද සුලග ඇගේ ගවුමේ දැවටී මනරම් රටා මවන්නීය. සුලගත් පැමිණ ඈ සිප ගනිතැයි මට හැගිණ. මට ඈ සිප වැලද ගැනීමටම සිත් විය. එහෙත් පුදබිමක් නිසාවෙන් හැගීම් ඉවසීමි.
"යමු " මගේ අතේ එල්ලී වටපිට බලන ඈ ඇමතීමි. කුඩා දැරියක මෙන් ඕ මගේ අතේ එල්ලෙමින් පැමිණියාය.
"ඔයාට බඩගිනිද" මම නැවත විමසුවෙමි
"නෑ බබා හිතයි බඩයි දෙකම පිරිලා" ඈ හුරතල් වෙන්නීය
"අක්කේ මේ පහන් 28ක් දෙන්න" පසෙක තිබූ ගිතෙල් පහන් පෙන්වා කඩේ හුන් ලදකට පැවසීමි
"28ක් මොකටද" ඇගෙන් ප්‍රශ්නයකි
**************
Next episode will be comming soon

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...