Saturday, April 18, 2015

මගේ බිරිඳ 7



අසලට පැමිණි සිසුවියන් තිදෙනා මිත්රශීලිව අප හා සිනාසුනේය. අපද පිලිතුරු සිනහවකින් සංග්රහ කලෙමු. සැනෙකින් අප මෙන්ම ඔවුන්ද මුහුද දෙස බලමින් ඔව්නොවුන් හා දොඩමලු වන්නට විය.
'මෙතන අව්වේ හිටගෙන ඉන්නේ නැතුව අර හරියට ගිහින් අයිස් ක්රීම් එකවත් කමුද' මම ඈට යෝජනා කලේ ගිනිගෙන දැවෙන හිරු අපද දවාලන හෙයිනි.
'හා' ඈ හිස සලා අනුමත කලාය
**********

' තව අයිස්ක්රීම් තුනක් ගන්නකො' ඈ මට රහසින් මෙන් කීවාය
'ඒ මොකෝ'
'පව් අර පොඩි උන් තුන් දෙනාට අනිත් ඔක්කොම කනවා එයාලා පැත්තකට වෙලා ඉන්නවා. සල්ලි නැතුව ඇති' ඈ කලින් අප අසලට ආ සිසුවියන් තිදෙනා මට පෙන්නමින් කීවාය.
' හා එහෙනම් ඔයාම ගිහින් දෙන්නකො' මම ඇගේ අතට මිලදී ගත් අයිස් ක්රීම් දුනිමි
'ඉතින් ඔයත් එන්න' ඈ මටත් ආරාධනා කලාය
' නන්ගිලා අයිස්ක්රීම් කන්න' ඈත මුහුද දෙස බලමින් ගොලුවතින් සිටි දැරිවියන් තිදෙනාට අයිස්ක්රීම ගොටු දිගු කරමින් ඈ පවසන්නීය. මොහොතක් ගල් ගැසී බලන් හුන් සිසුවියෝ සිනාවකින් මුව සරසාගෙන එය පිලිගත්තෝය.
' තෑන්ක් යූ අක්කේ' තිදෙනාගෙන් එක් අයෙකු පැවසීය
'පව් පොඩි කෙල්ලො ටික. මට දැක්කම දුක හිතුනා' ඈ හෙවනකට ඇවිදන් යන අතරේ මට සෙමින් කීය
'හ්ම්ම් ඔව්'
*****************

වෙලාව සවස 4ට ආසන්නය. පැය 3ක් පමණ ආපසු යා යුතුය. පාසිකුඩා වෙරලේ ඈත සිතිජය වලාවන් රූ රටා අඳිමින් සිටී. ලස්සන වෙරලින් ඈත් වෙන්නටද ලෝබ සිතේ. ඊටත් වඩා නිදහසේ සෑහෙන කාලෙකින් ඈ හා ගමනක් ආවේද අදය. ඇගේ සිතත් සතුටින් පිරී ඇත.
'හතරටත් කිට්ටුයි බබා. අපි යන්ද. දැන් ගියොත් හත අට වෙනකොට යන්න පුලුවන්' මගේ එල්ලී කියවමින් සිටි ඈට මම කීවේමි
'හ්ම්ම්ම්ම්ම්ම් යන්නත් ඕනිද' ඈ නොකමැත්තෙන් විමසන්නීය
'ඔව් ඉතින් මෙහෙ පදින්චි වෙන්නයෑ යනකොට ඉස්සො වඩේ අරන් දෙන්නම් යනගමන්'
'හා තව ටිකක් ඉදලා යන්. මේ මෙහෙන් ඉස්සො ටිකකුත් අරන් යන්කො' ඈ කීවාය
'යනගමන් අරගම්මු'
'යමු සුදු මැණික' මම ඇගේ උරහිසින් අත දමා තුරුළු කරගනිමින් කීය
' හ්ම්ම් ඉතින් කකුල් සිදෙනවා. වඩාගෙන යන්නකො' ඈ මට තුරුළු වූවාය
'මෙතන කවුරුත් හිටියේ නැත්තන් වඩාගෙන යනවා ඒත් ඒහෙම බෑනේ. ඒ නිසා පයින් යමූ, ගෙදර ගියාම ඇති තරම් වඩාගන්නම්කො' මා ඇගේ හිස අතගෑවෙමි
'මට ඉස්සෝ වඩේ අරන් ඕනේ'
'මම නැති ටිකට හරි පෙරේත වෙලා දකින දකින දේ ඉල්ලනව පොඩි එකෙක් වගේ' colonthree emoticon
'ගෙදර දවස් 20ක් නෑනේ. ආවාම ඒවටත් එක්කම කරදර දෙන්න ඕනේ' ඈ මගේ අතමිරිකුවාය.
'උම්මා එකක් දෙන්නකෝ' හෙල්මට් එක අතට දෙමින් මා සෙමින් විචාලෙමි
'බෑ මාව වාඩාගෙන එන්න බෑ කීවනේ දෙන්නෑ' ඈ තරහ මූනක් ආරුඩ කරගත්තාය.
මා වටපිට බලා සෙමින් කම්මුල සිප ගතිමි.
'ශ්..... ඒයි පිස්සුද. කවුරු හරි දැකනන් ලැජ්ජාවේ බෑ' ඇගේ සුදු මූන රතු වී ඇත.
'තව හිනාවෙනවත් එක්ක මෝඩයා' මගේ අතර සෙමින් පාරක් ගසමින් ඈ කීවාය
'යන්න ඕනේ නගින්න ඉතින් බයික් එකට.හරි සුවඳයිනේ ඒකයි ගත්තේ. නැග්ගේ නැති උනොත් තව එකක් ගන්නවා' මම සිනාසෙමින් කීවෙමි
'හ්ම්ම්' ඈ මගේ උරහිසට අත තබා බයික් එකට නැගගත්තාය.
'යමු ඉතින්. මහා නෝටි කොල්ලෙක්' ඈ මගේ බඳ වටා දෑතම යවමින් මා වැලඳගත්තාය

නිමක් නැති ඇගේ කතා අසමින් අප හුන් නගරයට පැමිණෙන විට රාත්රිය උදාවී ඇත. සඳ එලිය නාගරික වීදි ලාම්පු වලින් වැසී ගොස්ය. නිවසට ඇත්තේ නොබෝ දුරකි.
'රෑට කාලා යනවද ගෙදර අරන් ගිහින් කනවද' මම ඇගෙන් විමසුවෙමි.

***************************************************

Next episode will be coming soon

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...