"අම්මා තේ බිව්වද?" මං අම්ම්ගෙ ඔලුව අතගාලා ඇහුවා.
"ඔව් පුතේ කොල්ලා මහත් වෙලානේ" අම්මා මගෙ අතින් අල්ලගෙන ආදරෙන් කිවා.
"බඩ පොඩ්ඩක් ඇවිත්." කොහොමද දුව හොදද? "
"වරදක් නෑ. උඹ ඉතින් අපි කියන එව්වා අහන එකෙක්යෑ" අම්මා තාමත් නෝක්කාඩුවෙන්ය. squint emoticon
මෙවන් අවස්ථාවක සුළු හෝ වරදක කෙලවර නැන්දම්මා- ලේලි හබයකි. මා නිතර නිවසේ රැඳී නොසිටීමත් ඈ දවස පුරාම මගෙ මව්පියන් බලාකියා ගැනීමත් සමග රැකියාවත් කිරීම අමතර වෙහෙසකි. පවුලෙන් අම්මා වැඩියෙන්ම ආදරේ මටය. ඇගේ වචනට පිටින් ගොස් විවාහයක් කර ගැනීම ඈට කිසිසේත්ම රුස්සන්නේ නැත. මට මා ගැන වේදනාවක්ද ඇති විය. පෙම් කිරීම සුවදායක උවද විවාහය බැලන්ස් කරගැනීම මෙතරම් අපහසුයැයි කිසි දිනෙක සිතුවේ නැත.
මා අම්මාගේ කාමරයෙන් පිටවූයේ සැහැල්ලු සිතකින් නොවේ.
කාමරයට ගොස් එබී බැලුවෙමි. ඈද නැත. අම්මා තාමත් ඈව පිලිගන්නේ නැද්ද. මගෙ සිතට කණගාටුවක් දැනිණි.
කල්පනා කරමින්ම කුස්සිය ඇදුනෙමි. ඇය හාල් හෝදමින් සිටී. නැලවෙන උකුල දුටු විට කලකිරීමද පහවිය. සෙමින් ගොස් ඈව තුරුල් කර ගතිමි.
"අම්මලා දකී" ඈ රහසින් කොඳුලාය
"මොකෝ කරන්නේ" මම ඈව තවත් තදින් වැලඳගෙන ඇසුවෙමි
"ආච්චිට හාල් ගරනවා" කොක් හඩලමින් සිනාසෙමින් පිලිවදන් දිනි.
"පිස්සි.."
"පිස්සි නෙවේ අම්මලා ආවොත් ලැජ්ජාවේ බෑ. එහාට වෙන්නකො." ඈ අයදී
"හ්ම්ම් කෝ ඉන්න එහෙනම් මමත් උදව්වක් දෙන්න. මොකක්ද කරන්න ඕනේ"
"මොකුත් එපා කතා කර කර ඉන්න ඒ ඇති"
"ඕක ඉක්මනට හෝදලා යන්. ගෙනාපුවා දෙන්න තියෙනවා"
"එහෙනන් ඉක්මනට යන්"
**************************
""දැන් මොනවද ගෙනාවේ?"
"මේක තමා වැදගත්ම දේ.. මාසේ පඩිය" මා ඇය අතට දුනිමි
"කීයක් තියෙනවද? ඉන්න බලන්න මගෙ බජට් එකට හරිද කියලා" ඈ දෝතින්ම එය රැගෙන අල්මාරිය ඇර පොතක් එලියට ගත්තීය
"මේ මොකද පොතක්"
"මාසේ වියදම ලියන්න"
"මේ ටික ලයිට් බිල් වලට, ගෙවල් කුලිය මේ තියෙන්නේ. මේ අපි දෙන්නගෙ ටෙලිපෝන් බිල්" ඈ පිලිවෙලකට ලියා එකතු කර ඇත. මට ඈ පිලිබඳව අසීමිත ආදරයක් ඇතිවිණි. සෙමෙන් හිස පිරිමැද්දෙමි
"ඇයි තව තියෙනවා. මේවා බෙහෙත් ගන්න ඕනි උනොත්. මේ ටික තියෙන්නේ හදිස්සියකට. කෑම බිම වියදම් මේ ටික. මේක මගෙ බයික් එකට තෙල් ගහන්න." ඈ හයියෙන් සිනාසුනාය
"ඈ එතකොට ඒකත් ගෙවන්නේ මමද" colonthree emoticon
"ඔව් ඉතින් මගෙ පඩියෙන් බයික් එකට ගෙවලා ඉතුරු ඔක්කොම පොතේ. ඩව්‍රිය හදන්න එපැයි."
"මොකා? මොන ඩව්‍රියක්ද? කවුද ඉල්ලුවේ"
මං අපි දෙන්නට ලයිෆ් ඉන්සුරන්ස් දෙකකුත් දැම්මා"
"අයියෝ ඔයා ඔය ඉන්සුවරන්ස් කාරයන්ට අහු උනාද" මට කේන්තිත් ගියා.
"අහන්නකො ඉතින් කෑ ගහන්නේ නැතුව කියනකන් මේකයි මේ දෙක කල් පිරෙන්න තව අවුරුදු 12ක් යනවා. කල් පිරෙනකොට එක්කෙනෙක්ට ලක්ශ 22ක් එනවා. පාඩු නෑනේ. අපිට තව අවුරුදු 12කින් හරි ගෙයක් හදාගන්න පුලුවන්නේ බබා. මේ හිටියා වගේ ඒකත් ඉමු." කතාවත් ඇත්ත කල්පනා කරලා බැලුවම. මම මොකුත් නොකියා නිශ්ශබ්ද උනා.
"බලන් ගියාම මගෙ කෙල්ලට මොලේ තියෙනවනේ" ඒකනම් මම හරි ආදරෙන් කිව්වේ
"ඇයි හැමදේටම සද්ද නැතුව ඉන්න හන්දා මම මැටි ගොඩක් කියලද හිතන් ඉන්නේ"
"මේ මොකෝ මේ තරහ ගිහින්"
"තරහා.. කෝ දෙනවා පෝන් එක. තාමත් අරකි කතා කරනවද? හිතන්න එපා සද්ද නැතුව හිටියට මම දන්නෑ කියලා. දවසක ඔව්වට තමුන්ටමයි විඳවන්න වෙන්නේ තේරුනාද?"
යකෝ මේ කොහෙන් පාත් වෙච්චි හෙනගෙඩියක්ද. මට ඉන්න තැනත් අමතක උනා
"මොකුත් නෑ ඩිලීට් කරන් ඇවිත්. හ්ම් " එහෙම කියලා පෝන් එක ඇඳට විසි කරලා අහක බලාගත්තා
"මොකද මේ වෙලා තියෙන්නේ පිස්සුද ඔයාට. තිලිණිට මම ආයේ මැසේජ් කරෙත් නෑ. මම ගාව නම්බරෙත් නෑ. ප්ලීස් "
"තිලිණි කියන ලස්සන අනේ ඉතින් මතක් උනාද " ඈ කෝපයෙන් විමසුවාය. රෝසවන් කම්මුල් රත් පැහැ ගැන්වී ඇත.
" ඇයි ඔයාට මාව විස්වාස නැද්ද? මොනවා වෙලාද මේ අවුරුදු ගානක් පරණ ප්‍රශ්න අදින්නේ. රණ්ඩු වෙන්නද ඕනේ. ඔයා විතරයිනේ මගෙ. ඒකනේ හැම ප්‍රශ්නයක්ම ඉවසගෙන ඔයාමව ගත්තේ.ඔයත් එහෙමනේ. ඇයි මේ පිස්සු කියවන්නේ? "
මොහොතක් නිහඬ උනු ඇගෙ ඇස් දෙකෙන් කඳුලු බිඳුවක් බිමට වැටුනා. පව් කෙල්ල මට දුක හිතුනා,මගෙම වැරදිනේ.
"නාඩා ඉන්න ඉතින් ප්ලීස්" ඈව තුරුල් කරගෙන අස්වැසුවා.
"හ්ම්ම් මීට පස්සේ ඒවගේ එව්වා බෑ. තේරුනාද? මගෙ අතින් එහෙම දෙයක් උනොත් ඔයාට කොච්චර දුක හිතෙයිද? මටත් එහෙමයි. දුක සතුට දෙකම දැනෙනවා" ඈ හූල්ලමින් පවසන්නීය. "සමාවෙන්න ආයේනම් විහිලුවටවත් කරන්නෑ." ඇස් දෙක දිහා බලාගෙන කිව්වෙ ඇත්තටම
"හ්ම්ම් මගෙ ගොන් බූරුවා" ඈ මගෙ අත සපමින් කොඳුලාය
"කෝ ඉතින් පිස්සු නටනවනේ. හෙට උපන් දිනෙත් එක්ක නේද. ගෙනාපු තෑගි ටික දෙන්න දුන්නෙත් නෑ තාම අන්ජන් බල බල ඉන්නවනේ"
"ඉතින් දුන්නයෑ" ඈ කෝල ලෙස තෙපලාය
"ලස්සනද?" ඈ වෙනුවෙන්ම මිලදී ගත් රිදී පැහැ ගවුම ඈට පිලිගන්වමින් මම ඇසුවේය.
"ම්ම්ම්ම්ම්ම්ම්ම් හරී ලස්සනයි බබෝ. උම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම
"කෝ ඇඳලා පෙන්වන්න මට හැඩ බලන්න ඕනේ"
"එලියට යන්න එහෙනම්"
"ඒ මොකෝ මම හිටියාම මාත් අන්දන්න හෙල්ප් කරන්නම් "
"මම දන්නවනේ හැටි මෙතන මේක අදින්න වෙන්නෑ. හා හා යන්න"
"හ්ම්ම් එහෙනම් ඇඳලා කතා කරන්නකො. මම එලියෙ ඉන්නම්"
විනාඩි කිහිපයකින් දොර විවර විය.
"ශහ් යකෝ මගෙ කෙල්ලගෙ ලස්සන" මට එහෙම කියවුනා. හැබෑවටම ඇගේ රුවටම සරිලන්න ඇඳුමද ගැලපිණි.
"තෑන්ක්ස් සුදු මහත්තයෝ හරිම ලස්සනයි. ඕ කණ්නාඩියෙන් හැඩ බලමින් මට තුරුල් විය.
"මගෙ සුදු මැනික කොහොමත් ලස්සනයිනේ. ඉන්නකො ඕකට තව අඩු පාඩු තියෙනවා. මේ ටිකත් දාන්න එන්න. " මා ඈ වෙනුවෙන් මිලදී ගත් සිල්වර් මුදුවක්, කරාඹුවක් හා මාලයක් අතේ ගුලි කලෙමි.
ඈ වික්ෂිප්තව මන්දහාසයෙන් මා දෙසම බලා සිටී.
"මට හරි ආසා හිතුනා ඔයාව සිල්වර් පාටින්ම සරසන්න සුදුවට ඉන්නවනේ" මුදුව පලඳන ගමන් මම කීවෙමි
නිල්වන් ඇස් යුගල කඳුලින් පිරී ගියේය. "මට මෙච්චර ආදරේද" ඈ සෙමින් ඇසුවාය
"නැත්තන් ඔයා මගෙ මැණිකනේ කෝ එන්න වඩාගන්න චුට්ටක්"
කුඩා දැරියක මෙන් ඈ සිනාසෙමින් මගේ කරේ එල්ලුණාය.
"මං හරි ආසයි මාව වඩා ගන්නවට. චූටි කාලේ අප්පච්චි හිටියේ නෑනේ මාව වඩාගන්න. ඉස්සර කවුරු හරි තාත්තා කෙනෙක් වඩාගෙන යනකොට මට ඉරිසියා හිතෙනවා."
"ඉතින් දැන් මම ඉන්නවනේ. ඒ නිසා ඉරිසියා කරන්න එපා" එසේ කියමින් ඇගේ මුව සිප ගන්නට සැරසුනා පමණි.
නිවසේ සීනුව නාද විය.
**************************
Next Episode Will be Coming Soon........
මගේ බිරිඳ 2