Tuesday, November 19, 2013

 මාලු බාන්නාගේ කතාව

 
බාධක මැඩගෙන රන් ඇපල් ගහ තිබුණු කුටිය වෙත ලඟා උනාලු.මේ වෙනකොට මාරයාටත් දැනිලලු තිබුණේ තමන්ගේ රාජධානියට අමුත්තෝ ඇතුල් වෙලා කියලා.ඉතින් මෙය හනිකට රන් ඇපල් ගහ ගාවට ගියාලු.එතකොට දැක්කලු කිඹුල් දර්මේ අතේ තියෙන රන් ඇපල් ගෙඩියයි එතන ආරක්ෂාවට පත් කරලා හිටිය #Vinu ආරක්ෂිකාව රැහැන් වලින් බැඳලා තියෙනවයි. මාරයාගේ මායා බලය යෙදුවත් මේ අය අතේ තිබ්බ මායා දියරය නිසා හානියක් උනේ නෑලු.

සටන් කීපයක් එහෙම කරපු මේ වීරයෝ 3න් දෙනා සුලු තුවාල ලබලා අඳුරු ලොවෙන් රන් ඇපල් ගෙඩියත් අරන් පිටත් උනාලු. තින්යාඕ යක්ෂණිය ඉන්න රූස්ස වනාන්තරේ අඳුරු ලොවට වඩා භයානකලු.

මුලින්ම හමු වුනේ #Natasha කියන නාග කන්‍යාවලු.මෙයාට කිකිලි බිත්තරයක් දුන්න මන්තරකරු එතනින් ගැලවුනාලු.ඊට පස්සේ ඉස්සරහට ආවේ #දගකාර හොල්මනලු.එයා එක්ක ලේසි නෑලු. මිනිස් බිල්ලක් ඉල්ලවලු.ඒත් ඉතින් මන්ත්‍ර එහෙම කියලා අවසානේ #පූසෙක් ව බිලි දෙන්න එකඟ කර ගත්තලු.

එතනිනුත් ගැලවිලා ඔහොම යනකොට #බෙලාස්වෝන් අවතාරේ ආවලු.එයාව අල්ලලා බෝතලේකට දැම්මලු.හරි දරුණු කෙනෙක්ලු එයා.ඊට පස්සේලු තින්යාඕ ආරක්ෂා කරගෙන ඉන්න නිධානේ තිබුණ තැනට ආවලු.

පුද පූජා එහෙම දීලා රන් ඇපල් ගෙඩියත් දීලා නිධානේ අරගත්ත මේ තුන්දෙනා සමසේ බෙදාගෙන සතුටින් විසිරුණාලු. යකා මාස්ටර් මන්ත්‍රකරු දූපතකට ගියාලු.කිඹුල් දර්මෙයි වෑන් හෙල්සිනුයි ගමට එන්න පිටත් වුනාලු.

අවුරුද්දකට පස්සෙලු දෙන්නා ගමට ආවේ.ඒ එනකොට වෑන් හෙල්සින්ගෙ බිරිද වුනු පබා නංගි හෙල්සින්ට කරදරයක් උනා කියලා හිතලා ඒ ගමේම හිටිය දඩයක්කරු වුනු #අනියම් නන්නතාර විවාහ කරගෙනලු.මහත් සේ දුක් වුනු හෙල්සින් ඒ පලාත අත ඇරලා කිඹුල් දර්මෙත් එක්ක අගනුවරට ගියාලු.

දෙන්නගෙ ධනවත්කම දැකලා පැහැදුනු රජතුමා ආදිපාද තනතුරු දෙකක් එහෙම දීලා ලස්සන කුමාරිකාවෝ දෙන්නක් මේ දෙන්නට සරණ පාවලා දුන්නලු.

ඊට පස්සේ හැමෝම සතුටින් ජීවත් උනාලු :3

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...