ඔන්න
ඉතින් දෙවෙන්දොර සං කරපු මේ බරපතල වරද වෙනුවෙන් නඩු අහන දවස උදා උනාලු.
පහල කඩේ උසාවි සංකීර්ණය අතුරු සිදුරු නැතුව පිරුණලු. දෙස් විදෙස් මාධ්‍ය
වාර්තාකරුවෝ පිරිලලු. අග විනිසුරුතුමිය වුනු #නිදි_කුම්බි
චෝදනාපත්‍රය සලකලා බලලා නඩුවේ තිබ්බ සුවිශේෂත්වය නිසාම තමන් ඇතුලු පංච
පුද්ගල කමිටුවක් පත් කරලා තීරණය ප්‍රකාශයට පත් කරන්න කටයුතු කලාලු.
මේ කමිටුවට #Vidhwath_jacka , #Rasta_Hikka , #සසිද්_මුෂ්මික , #Salitha_nuwan
කියන විනිසුරුවරයෝත් ඇතුලත් උනාලු. මුලු ලෝකේම තියෙන නඩු වාර්තා පොත්
කියවලා බැලුවත් මේ 5 දෙනාට බැරි උනාලු සමාන නඩු වාර්තාවක් හොයාගන්න.ඒ නිසා
මේක තමන්ට විසඳන්න අමාරු බවත් මේ සඳහා සුදුසුම පුද්ගලයා වන්නේ හිමාල වන
අඩවියේ බවුන් වඩන අර්ධ දෙවියෙකු වූ #මාරයා කියලා මේ #නිදි_කුම්බි ඇතුලු 5 දෙනාම ඒකමතිකව තීන්දුව දුන්නලු.
ඉතින් මේ ලංකා උසාවියෙන් දීපූ තීන්දුවට හැමෝම එකඟ උනාලු. එකඟ වෙලා #ජිංජි_පොරෝරා කියන දක්ෂ කඳුනගින්නගෙ සහයත් අරගෙන #මාරයා දෙව්තුමා මුනගැහෙන්න ගියාලු. මේ ගමනට #සෑම්_ෆිෂර්, #අනියම්_නන්නත්තාර කිඳුරා #Hong_Soo අධිරාජයාත් #දෙවෙන්දොර
වෙනුවෙන් එන් ජෙ ඕ සංවිධාන කිහිපයකුත් මේ පිලිබඳව නිරීක්ෂණය සඳහා ෆැෆරල්
සංවිධානයේ නියෝජිත පිරිසකුත් එකතු උනාලු. ඉතින් තමන් හමුවට මේ පිරිස එන බව
දිවැසින් දැකපු මේ #මාරයා දෙවියා මේ පිරිසට පහසු ස්තානයකට ප්රාදුර්භූත
උනාලු. පුද පඬුරු පිලිගන්වලා තමන් ආව කාරණාවත් කියලා #මාරයා ගෙන් තීරණය
ඉල්ලා සිටියලු.
ඉතින් මෙයා අනාගතයත් බලලා කාටවත් අසාධාරණයක්
නොවෙන්න සෑම දෙනාටම බෙදා හදාගැනීමේ පුරුද්ද ඇති කරන්න කියාලා හිතලා එයා
සම්මුතියෙන් එකඟ වෙන්න කියලා තීන්දු 2ක් දුන්නලු. එකක් තමා ලෝකේ අනිත්
රටවලට ලැබෙන උම්බලකඩ සලාකේ බෙදා හදාගෙන ජපානයටත් දීලා පාවිච්චි කරන්න කීවලු
එහෙම නැත්නම් #දෙවෙන්දර සංව හඳට යවලා(මිහිතලයෙන් ඉවත් කරලා) සෑම් ෆිෂර්ව සතුටු කරලා නැවත උම්බලකඩ සලාකය ලබා ගන්න කීවලු.
මේ තීන්දුවෙන් පස්සේ ජපාන අධිරාජයා මහත් අසරණභාවයට පත් උනාලු. එයා වහාම තමන්ගේ මාමණ්ඩිය වන #මහින්ද_බාප්පව
දැනුවත් කලාලු. ඉතින් මෙයාගේ තියෙන ජාත්‍යන්තර සහයෝගය නිසා ඉක්මනින්ම
එක්සත් ජාතින්ගේ විශේෂ සමුලුවක් කැඳෙව්වලු. මේ පිලිබඳව සාකච්චා කරපු ලෝක
නායකයෝ කවුරුවත් තමන්ට මුහුදෙන් හම්බෙන උම්බලකඩ සලාකය බෙදා ගන්න කැමති උනේ
නෑලු ඒ නිසා දෙවනි තීන්දුව ක්‍රියාත්මක කරන්න එක හෙලාම එකඟ උනාලු.
============================================
අදට තුන් වෙනි කොටස අවසන්ලු. හෙට හතරවෙනි කොටස අරන් එන්නම්ලු. එතෙක් ඉවසන්නලු. හෙට දෙවෙන්දරසං හඳට ගිය හැටි කියන්නම්ලු . හොඳ නරක ලයික් එකක් කමින්ට් එකක් දාලා කියන්නලු
Posted in ලියපු කතා
දිය කිඳුරියට පෙම් බැඳි කිමිදුම්කරුගේ කතාව- 03 කොටස