අසපුවේ දන් හොරෙන් කා අපායට ගිය මාරයා
තත්වය බරපතල බව කීව වෙද මහත්තුරු ටික මෙයාව ඉක්මනට ජාතික රෝහල ඇතුලත්
කරන්න කීවලු. ඉතින් මේ ප්‍රවෘත්තිය නයි ටී එන් නාලිකාවේ යනවා දැකපු මහින්ද බාප්පා
ඉක්මනට මැදිහත් වෙලා රුසියාවේ තිබ්බ එම් අයි 24 හෙලිකොප්‍ටරයක් එවලා
දෙවොන්දර සං තාපසතුමාව ඉක්මනට ජාතික රෝහලට ඇතුලත් කලාලු. එතන හිටිය රෝහල්
අධ්‍යක්ෂක එමෝ බෝයි කීවලු තාපසතුමාට අමාරුයි මෙහෙ සුවපත් කරන්න බෑ ඒ නිසා සිංගප්පූරුවට යවන්න කියලා.
ඉතින් හැමෝම කලබල වෙලා ඒ කාලේ ලංකාවේ තිබුණු අහස අපිට ගුවන් සේවයෙන් මේ
තාපසතුමාව සිංගප්පූරූ යැව්වලු. මේ අතරෙදි රටම කලඹපු මේ සිදුවීම පිලිබඳව
වහාම පරීක්ෂණයක් පවත්වන්න මහින්ද බාප්පා නියෝග කලාලු.මේකට සිංගප්පූරුවේ
ඉදලා Hong Soo වෙද මහත්තයා එව්වා පුස්කොල වාර්තාවත් මනා පිටිවහලක් උනාලු.ඒකේ තිබුණු විදිහට දවස් 14කින් තාපසතුමාගේ බඩේ බත් ඇටයක්වත් වැටිලා නෑලු.
ඉතින් මේ පිලිබඳව පරීක්ෂණ කරපු Chaminda Mallawa
ප්‍රධාන රාජපුරුෂයෝ ටික තාපසතුමාට දානේ නොදීම හේතුවෙන් ගමේ අයව අත්
අඩංගුවට ගන්න තීරණය කලලු.මේ අසාධාරණ තීන්දුව පිලිබඳව මුලු ගමම විරෝදය
පෑවලු. ඔය රතුපස්වල කියන හරියේ උද්ගෝෂණයක් එහෙම තිබ්බා කියලත් පොත පතේ
සඳහන් වෙනවාලු ඔන්න. ගම්මු එකහඬින් කියාසිටියලු මේකට වැරදිකරුවා මාරයා
කියලා ඒත් නීතිය පිලිගන්නෙම නෑලු
චානක මධුරංග කරුණාරත්න, Chamini Bhagya, Batta Putha
ඇතුලු ත්‍රිපුද්ගල කමිටුව්ක් පත් කරලලු පරණ කඩේ උසාවියේ නඩු ඇහුවාලු.මේ
අතරේ තාපසතුමා සුවය ලබලා දිවයිනට සැපත් උනාලු. ඉතින් ඒ නිසා තාපසතුමාගෙනුත්
සාක්කි විමසුවලු. මේ තාපසතුමා නඩුකාර කමිටුව අමතලා කීවලු "මට මොකුත් මතක
නෑ " කියලා. අවුරුදු ගානක් දානේ දුන්න ගම්මුන්ට හරි කේන්තියිලු ඉතින්.
එයාලා බේර ගන්න තාපසතුමා ඇත්ත කිවේ නෑනේ.ඉතින් ආයෙම පාරක් මෙයාලා
උද්ගෝෂණයක් කලාලු. රාජපුරුෂයන්ට එහෙමත් ගැහුව්ලු. කේන්තිගිය රාජපුරුෂයෝ ටික
ගම් නයකයා උන Dadallage Indunil ට හෙල්ලකින් ඇනලා මැරුවලු
ඉතින් මෙයාගේ බිරිඳ උනු සඳගලතැන්න කුමාරිහාමිට හරිම දුකයිලු. මෙයාට හොඳ
උප්පරවැට්ටියක් කල්පනා උනාලු.එයා මාරයාට ගෙදරට ආරාධනා කරලා නවසීලන්තෙන්
ගෙනාපු ඇන්කර් කිරි පිටි පැකට් එකක්ම මාලිගාවත්තේ යූරියා කලවන් වෙච්ච
සීනීත් වැඩිපුර දාලා හදලා බෝතලේකට දාලා මාරයාට දුන්නලු ගිහින් බොන්න
කියලා.කවදාවත් නයි ටී එන් ප්‍රවෘත්ති බලපු නැති නිසා මාරයා ඇන්කර් ගැන
මොකුත් දන්නේ නෑලු. ඉතින් මෙයා නන්නතාරටත් දෙන්නේ නැතුව තනියම බොනවා කියලා
හිතාලා ඔක්කොම කිරි ටික බීවලු.
එක හුස්මට බීව ඇන්කර් කිරි නිසා
මෙයාගේ ශරීරයේ ඩීසීඩී සාන්ද්‍රණය ඉහල ගිහින් මෙයා එතනම් මිය ගියාලු.ගිහින්
අවීචී මහා නරකාදියට ගියා කියලා තමා පොත පතේ සඳහන් වෙන්නේ.ඔත්පල වෙලා හිටිය
නන්නත්තාර මනුස්සයත් දුක් විඳලා මිය පරලොව ගිහින් අවීචියේ ඉපදුනාලු
ඊට පස්සේ හැමෝම සතුටින් ජීවත් උනාලු
------------------------------------------------------------------------
කතාව අවසන්ලු :3
Posted in ලියපු කතා
සුරංගනා කතාව 05 - දෙවන කොට්ස