ඔන්න ඉතින් මේ #Hong_soo අධිරාජ්‍යයා #සෑම්_ෆිෂර්
කියන මුහුදට අධිපති සුරයව හම්බ උනාලු ඉති මුහුද මැද තියෙන් සබ්මැරෙන්
තොටුපලින් රාජකීඑය උත්තමාචාර එහෙම තියලා පිලි අරගෙන මාලිගාව එක්ක ගියාලු.
ඉතින් සෑම් රජතුමත් කලබල වෙලා ඇහුවලු තකහනියක්ම හොන්සූ අධිරාජයා එන්න හේතු
උන කාරනව. අධිරාජයා බොහොම කනගාටුවෙන් උම්බලකඩ සහනාධාරේ ගැන විමසුවලු. ඉතින්
බොහොම සන්සුන් ව සියලු කාරණාත් තමන්ගේ දූ කුමරිය ගැනත් #දෙවොන්දර සං ගැනත් පහදලා දීපු මේ සෑම් රජතුමා තමාට වෙච්ච මදි පුංචිකම වෙනුවෙන් නඩු පවරනවා කියලත් කීවලු.
ඉතින් බලාපොරොත්තු කඩවුන මේ අධිරාජයා නැවත හිස් අතින්ම කෝපයෙන් මාලිගාවට ආවලු.ඊට පස්සේ එයාගේ සෙන්පති උනු #රේ_දි_මැජිකල්_මිස්ටීරියෝ
අමතලා වහාම දෙවොන්දර සංව අල්ලගෙන එන්න කීවලු. මේ මොකුත් නොදන්න දෙවෙන්දර
සං සුපුරුදු පරිදි වෙරලට වෙලා සිප්පි කටු අහුලමින් ඉන්නකොට සෙබලු ඇවිත්
මෙයාව අල්ල ගත්තලු. බොහොම බය වෙච්ච මෙයාට හේතුව විමසන්නටත් කලින් පහර දීලා
අස්ස කරත්තෙට දලා ගැටගැහුවලු
ජපානේ අධිකරණෙට ගෙනත් මේ දෙවොන්දරසං ට විරුද්දව නඩුවක් දැම්මලු.
අධිරාජ්ජයා වෙනුවෙන් ජපානේ විනිෂ්‍ය මණ්ඩලෙත් සෑම් ෆීෂර් රජතුමා වෙනුවෙන්
සුරයන්ගෙ අග විනිසුරුත් දෙවොන්දර සං වෙනුවෙන් හියුමන් රයිට් ඉන්ටර්නැෂනල්
සංවිධානෙත් පෙනී හිටියලු. නඩුව ඉතින් ඔහොම යනවලු. අධිකරණය දෙවෙන්දොරට
අසාධාරණ කියලා දැනුනු මේ සංවිධානේ වහාම රීට් ආඥාවක් නිකුත් කරලා ලෝකේ තියෙන
සාධාරණම උසාවි තියෙන ලංකාවේ මේ නඩුව අහන්න කියලා ඉල්ලීමක් කලාලු. බටහිරින්
සහ ජාත්‍යන්තර මාද්යවලින් එල්ල වෙච්ච මේ පීඩනය හමුවේ ජපානයට කරගන්න දෙයක්
නැති උනාලු. ඉතින් ඒ නිසා මේ නඩුව ශ්‍රී ලංකාවේ අහන්න තීරණය කලාලු.
පස්සේ #ජෝජ්_බුශ්ජනාධිපතිතුමා හා එක්සත් ජානීන්ගේ සාම මහ ලේකම් #පිටිවැල්ලේ_පොඩ්ඩා
ගේ මැදිහත් වීමෙන් ලංකාවට එන්න වීසා අරන් දුන්නලු. ( දෙවෙන්දරට ලංකාවට එන
එක පහසු උනේ නෑලූ. IELTS කෝස් එකකුත් එංගල්න්තෙ බ්‍රිටිශ් කවුන්සිල් එකට
ගිහින් කරලලුනේ වීසා හදාගත්තා කියන්නේ ) ඉතින් ඔන්න ඒ වෙනකොට ලංකාවේ අග විනිසුරුතුමිය උනේ #නිදි_කුම්බි ලු. එයා බොහොම සාධාරණ අගවිනිසුරුතුමියක්ලු. මේ බව දන්න මහින්ද බාප්පා තමන්ගේ අග බිසොව වෙච්ච #Vinu_prasadi
ට කියලා එයාගේ හිතවත්කම මත තමන්ගේ බෑණට පක්ෂපාතී තීන්දුවක් දෙන්න නිදි
කුම්බිව එකඟ කරගන්න කියලා කීවලු. ඉතින් මේ විනූ ප්‍රසාදිත් අස්ස කරත්තයක්
එහෙම තෑගි දීලා අග විනිසුරුවරිය නම්ම ගන්න උත්සහා කලාලු
ටු බී කන්ටිනියුඩ්ලු
------------------------------------------------------------------------------------------
දෙවන කොටස අවසන්ලු. තෙවන කොටසින් හමුවෙමුලු. හෙට කතාවෙන් අග විනිසුරුවරිය
නඩු අහපු හැටි සහ දෙවෙන්දරසංට මොකද උනේ කියලා බලාපොරොත්තු වෙන්නලු
Posted in ලියපු කතා
දිය කිඳුරියට පෙම් බැඳි කිමිදුම්කරුගේ කතාව- 02 කොටස