Tuesday, November 19, 2013

 මාලු බාන්නාගේ කතාව

බාධක මැඩගෙන රන් ඇපල් ගහ තිබුණු කුටිය වෙත ලඟා උනාලු.මේ වෙනකොට මාරයාටත් දැනිලලු තිබුණේ තමන්ගේ රාජධානියට අමුත්තෝ ඇතුල් වෙලා කියලා.ඉතින් මෙය හනිකට රන් ඇපල් ගහ ගාවට ගියාලු.එතකොට දැක්කලු කිඹුල් දර්මේ අතේ තියෙන රන් ඇපල් ගෙඩියයි එතන ආරක්ෂාවට පත් කරලා හිටිය #Vinu ආරක්ෂිකාව රැහැන් වලින් බැඳලා තියෙනවයි. මාරයාගේ මායා බලය යෙදුවත් මේ අය අතේ තිබ්බ මායා දියරය නිසා හානියක් උනේ නෑලු.

සටන් කීපයක් එහෙම කරපු මේ වීරයෝ 3න් දෙනා සුලු තුවාල ලබලා අඳුරු ලොවෙන් රන් ඇපල් ගෙඩියත් අරන් පිටත් උනාලු. තින්යාඕ යක්ෂණිය ඉන්න රූස්ස වනාන්තරේ අඳුරු ලොවට වඩා භයානකලු.

මුලින්ම හමු වුනේ #Natasha කියන නාග කන්‍යාවලු.මෙයාට කිකිලි බිත්තරයක් දුන්න මන්තරකරු එතනින් ගැලවුනාලු.ඊට පස්සේ ඉස්සරහට ආවේ #දගකාර හොල්මනලු.එයා එක්ක ලේසි නෑලු. මිනිස් බිල්ලක් ඉල්ලවලු.ඒත් ඉතින් මන්ත්‍ර එහෙම කියලා අවසානේ #පූසෙක් ව බිලි දෙන්න එකඟ කර ගත්තලු.

එතනිනුත් ගැලවිලා ඔහොම යනකොට #බෙලාස්වෝන් අවතාරේ ආවලු.එයාව අල්ලලා බෝතලේකට දැම්මලු.හරි දරුණු කෙනෙක්ලු එයා.ඊට පස්සේලු තින්යාඕ ආරක්ෂා කරගෙන ඉන්න නිධානේ තිබුණ තැනට ආවලු.

පුද පූජා එහෙම දීලා රන් ඇපල් ගෙඩියත් දීලා නිධානේ අරගත්ත මේ තුන්දෙනා සමසේ බෙදාගෙන සතුටින් විසිරුණාලු. යකා මාස්ටර් මන්ත්‍රකරු දූපතකට ගියාලු.කිඹුල් දර්මෙයි වෑන් හෙල්සිනුයි ගමට එන්න පිටත් වුනාලු.

අවුරුද්දකට පස්සෙලු දෙන්නා ගමට ආවේ.ඒ එනකොට වෑන් හෙල්සින්ගෙ බිරිද වුනු පබා නංගි හෙල්සින්ට කරදරයක් උනා කියලා හිතලා ඒ ගමේම හිටිය දඩයක්කරු වුනු #අනියම් නන්නතාර විවාහ කරගෙනලු.මහත් සේ දුක් වුනු හෙල්සින් ඒ පලාත අත ඇරලා කිඹුල් දර්මෙත් එක්ක අගනුවරට ගියාලු.

දෙන්නගෙ ධනවත්කම දැකලා පැහැදුනු රජතුමා ආදිපාද තනතුරු දෙකක් එහෙම දීලා ලස්සන කුමාරිකාවෝ දෙන්නක් මේ දෙන්නට සරණ පාවලා දුන්නලු.

ඊට පස්සේ හැමෝම සතුටින් ජීවත් උනාලු :3

මාලු බාන්නගේ කතාව

සෑ.යු - මෙහි මධ්‍යසාර අඩංගු දර්ශන ඇති බැවින් ඒ බව ඔබේ හය හතර නොදත් දරුවාට කියා දෙන්න.
----------------------------------------------------------------------------------------------

ඔන්න දුවේ පුතේ එකෝමත් එක රටක හිටියලු වෑන් හෙල්සින් කියලා මාලුබාන්නෙක්.මෙයාගේ රස්සාව තමයිලු සුදු නිසන්සල අසෙනිය විලේ මාලු බාන එක.රෑට මාලුබාන්න ගියාම උදේටලු එන්නේ. ඉතින් ඒ එනකොට මෙයාගේ භාර්යාව වෙච්චි පබා නංගී කෑම එහෙම හදලා කඩුල්ලට වෙලා මග බලන් ඉන්නවලු වෑන් හෙල්සින් මාලු ගොඩාක් අල්ලන් එනකම්.සාරවත් මාලු අස්වැන්නල් ලැබුණාම දෙන්න දෙමහල්ලෝ අහල පහල අයටත් බෙදල දෙන එක පුරුද්දක් උනාලු.

මේ වෑන් හෙස්ලින්ගේ හොඳම යාලුවා තමයිලු කිඹුල් ධර්මේ කියලා කියන්නේ. නිතර වයින් බිව්වත් හිත හොඳකෙනෙක්ලු. පුන්චි දරුවන්ට එහෙම හරි ආදරෙයිලු. මෝඩ කෙල්ල එහෙම ඉස්කොලේ ඇරිලා යනකොට ලෑතර එකක්, සීනි කූරක් පකඩ කෑල්ලක් එහෙම අරන් දෙනවලු.

ඉතින් මේ යාලුවෝ දෙන්නා දුප්පත්ලු.ඒ නිසා ටිකක් කණස්සල්ලෙන්ලු හිටියේ.ඉතින් මේකට පිලියමක් විදිහට දෙන්නම වස්තුව හොයන් එන්න යන්න කතිකා කරගෙන අඹුවන්ටත් කියලා අවසර අරගෙන දුරු රටකට යන්න පිටත් උනාලු.

මේ යන ගමනෙදි මෙයාලට යකා මාස්ටර් කියන මන්තර කාරයෙක් හම්බුනාලු.මෙයා කිවවලු ඈත කැලේකේ නිධානයක් තියෙනවා.ඒත් ඒක බලාගන්නේ තින්යාඕ කියලා යක්ෂණියක්. එයාට අඳුරු ලොවේ මැද කුටියේ තියෙන ඇපල් ගහෙන් රන් ඇපල් ගෙඩියක් ගෙනත් දුන්නාම නිධානේ ගන්න පුලුවන් කීවලු.

අඳුරු ලොවට අධිපති මාරයාලු. අඳුරු ලොවට අනවසරෙන් එන කවුරු උනත් ගල් රූප බවට පත් කරන එකලු මෙයාගේ රාජකාරිය.මේ බව යකා මාස්ටර් මන්තරකරුවා දන්නවලු.ඒ නිසා එයාගේ තව යාලුවෙක් උනු රැඩිකස් ෂෙඩ් මායාකරැ හම්බෙලා මායා දියරයක් ලබා ගත්තලු ගල් රූප වෙන එකෙන් වැලකෙන්න. ඔන්න ඉතින් තුන් දෙනාම අඳුරු ලොවට ආවලු.

සෑම් ෆිෂර් යාචකයාගේ කතාව

Hon soo අධිරාජ්‍යාගේ අණ පිලිපැදපු එයාගේ සෙන්පති රස්තා මෑන් සෑම් ෆීෂර් යාචකයත් රැගෙන බලකොටුවට ආවාලු.මේ ඉන්න යාචකයන්ගේ අලුත් හා පරණ සිගන්නන් වෙන් කරන්න කියලා දෝණි යා පාලිකාවට රස්තා මෑන් සෙන්පති තුමා විධාන කලාලු.මේ පිරිස අතරින් අධිරාජ්‍යයට අලුතෙන් ආව යාචකයන් සියල්ලගේම හිසගසා දමන්න මහ රජු අණ කලාලු.

සියගානක් යාචකයෝ බලකොටුවේ ගාල් කරලා පසු දින මරණයට සූදානම් කලාලු. සෑම්ට නම් බයක් නෑලු. මොකද එයා අතේ මුතු ඇට 2ක් තියෙනවනේ.ඉතින් එදත් රෑවෙලා මුතු ඇටේ හිටිය පහනට ආ යකාගේ අවතාරේ පිහිටෙන් මෙයා ඈත සයිබීරියාවේ ගම්මානයක් කෙලවරට ප්‍රාදුර්භූත උනාලු.

මේ සයිබීරියාව පාලනය කලේ වෙලුප්පිල්ලයි පභාකරන් කියන රජතුමයි එයාගේ අග බිසව වෙච්චි Pradee Kumari යිලු. මේ දෙන්නා බොහොම ලස්සනට මේ රාජ්‍ය පාලනය කලාලු. රටේ කාටවත් අඟහිගයක් තිබුණේ නෑලු. ඉතින් සෑම්ටත් හරි සතුටුයිලු. එයාටත් යමක් කමක් ලැබෙනවනේ.

ඔන්න ඉතින් දවසක් සුපුරුදු පරිදි සෑම් ෆීෂර් මහ රූස්ස ෆයිනස් වනයක් කිට්ටුවෙන් යනකොට මෙයාට ඇහෙනවලු කවුරු හරි කෙඳිරිගාන සද්දයක්.ඉක්මනට ගිහින් බැලුවලු කවුද කියලා. විමසලා බලනකොට සුර අසුර යුද්දෙට ගිය ලෙගොලස් ග්රීන්ලීෆ් කියන අසුරයාලු. මෙයාට දරුණු පහරක් ලැබිලා තුවාල වෙලාලු.

අසුරයට තමන් අතේ තිබුණු වයින් ටිකක් පෙව්ව සෑම් ෆීෂර් කල්පනා කලාලු අසුරයව බේරගන්න මොකක්ද කරන්න ඔනේ කියලා.එතකොට එයාට මතක් උනාලු කුල දෙවඟන තමන්ගේ ආරක්ෂාවට පිහිටට දුන්නු මුතු ඇටේ. ඉතින් මේ සෑම් තමන්ගේ ජීවිතේ ගැන නොසිතාම අසුරයා වෙනුවෙන් තමන්ට තිබුණු එකම එක අවසන් අවස්ථාව පාවිච්චි කරලා අසුරයව සුවපත් කලාලු
සතුටට පත් වුනු මේ ලෙගොලස් අසුරයා යාචකයා පිලිබඳ විමසලා කම්පා වෙලා තමන් ගාව තිබුණු වටිනා දියමන්ති පසුම්බියක් යාචක සෑම්ට තිලිණ කලාලු. මේකත් අරගෙන සයිබීරියාවේ අගනුවර ගිය සෑම් ෆිෂර් රජ මාලිගාවට ගිහින් වෙලුපිල්ලේ රජතුමා හමුවෙලා තමන්ගේ ධනවත්කම කියලා සයිබීරියාවේ එකමත් එක ප්‍රාන්තෙක ආදිපාද තනතුර ලබාගත්තලු.

ඉතින් මේ සෑම් කල්පනා කලාලු ආදිපාද වුනු තමන්ට හොඳ කුමාරිකාවක් සරණපාවා ගන්න ඔනේ කියලා.මෙහෙම හිතනකොට එයාට මතක් උනාලු තමන් දුප්පත්ව ඉන්නකොට උදව් කෙරුව අහිංසක සමනලී.එයත් රූමත් කෙනෙක්ලු. තාමත් විවාහයක් කරගෙන නැත්නම් සරණපාවා ගන්නවා කියලා සෑම් හිතා ගත්තලු.

මෙහෙම හිතපු සෑම් ෆිශර් ආදිපාද තුමා ජෝන් ලොරිපාල අයියගෙ ලොරිය කුලී පදනම මත අරගෙන චීනයට එන්න පිටත් උනාලු.දුරු කතර ගෙවාගෙන දින කිහිපයක ඇවෑමෙන් චීනය ආව ආදිපාදතුමා චීන අධිරාජිනිය උනු Princess Thinyawo ගේත් නිදි කුම්බි කුලදෙවඟනගෙත් ආශිර්වාදය ඇතුව අහිංසක සමනලී කුමරියව විවාහ කරගෙන සතුටින් ජීවත් උනාලු.
*************************

-------------------------------------------------------------------------------------
අදට කතාව අවසානයිලු. ආයේ අලුත් කතාවකින් හෙට හමුවෙනවලු.හොඳනම් කොමින්ටුවක් දාලා යන්නලු.
 
සෑම් ෆිෂර් යාචකයාගේ කතාව

ඔන්න ඉතින් මේ සෑම් යාචකයා නිදාගෙන ඉන්නකොට අගනුරව කුමාරිකාවගේ භාණ්ඩාගාරය බිදින්න ගිය කිඹුල් ධර්මේ යි ඩප්පි දර්මෙ කියන සහෝදර සොර නායකයෝ දෙන්නා පැහැර ගත්ත වස්තුවත් අරගෙන මෙතනින් යනකොට මේ සෑම් ලඟත් රන් මාලයක් වැටුනලු. ඒත් මේ බව නොදත් සෑම් වයින් බීලා තද නින්දෙලු හිටියේ.

අගනුවර පුරා වීදි සරන රාජ පුරුෂයන්ට පෙනුනලු නිදාගෙන ඉන්න සෑම් යාචකයා ගාව තියෙන රන් මාලය.වහාම අත් අඩංගුවට ගත්ත සෑම් ව Lankeeshvara කියන අගනුවර ප්‍රදානියා ගාවට ගෙන්නුවලු. එයා තීරණය කලාලු සෑම්ගේ හිස ගසා දමන්න.ඊට පස්සේ එයාව සිර ගෙදර ප්‍රදානියා වුනු මුෂ්මික ට භාර කලාලු. මේ තීරණය අහලා බොහොම කම්පාවට පත් වෙච්ච සෑම් අඬන්න ගත්තලු.

අගනුවර රජ මාලිගාව කොල්ලකෑවේ සෑම් කියලා මුලු නුවරම ප්‍රසිද්ධ කරලා සෑම් ව පසුදින හිස ගසා දමන්නලු Lankeeshvara ප්‍රධානියාගේ තීරණය උනේ. මේක අහපු අහිංසක සමනලීත් බොහොම කණගාටුවට පත් වෙලා සෑම් ව බලන්න ආවලු.

ඔන්න් ඉතින් එදා රෑ අඬ අඬ ඉන්න සෑම්ට මතක් උනාලු නිදි කුල දෙවඟන දීපු මුතු ඇට තුන. මේ මුතු ඇට වල ඉන්නේ පහනට ආආ යකා ගේ අවතාරයක්ලු. ඉතින් මුතු ඇටේ උඩ දාපු ගමන්ම මේ එක අවතාරයක් ඇවිත් සෑම් ව සිර මැදිරියෙන් අතුරු දහන් කරලා ඈත ආරක්ෂිත පලාතකට ගිහින් දැම්මලු.

බොහොම සතුටු වුන මේ සෑම් යාචකයා වෙහෙස නිසාම රූස්ස අරලියා ගහක් හෙවනේ නිදාගත්තලු. එතනින් ගමනක් යන්න ආවලු එමෝ බෝයි ගම්පතියා. නිදාගෙන ඉන්න මේ යාචකයා දැකලා අනුකම්පා කල මේ ගම්පතියා තමන් අතේ තිබ්බ ආහාර බඳුන යාචකයා ගාවින් තියලා ගියාලු. අවදි උන යාචක සෑම් ඔහුටත් තමන්ට මුතු දීපු දෙවඟනටත් ස්තූති කරලා කුසගින්න නිවාගත්තලු.
ඔන්න මේ සෑම් යාචකයා පහුවදාට එලි උනාට පස්සේ මේ නොදන්න පලාත ගැන පොඩ්ඩක් විපරම් කරලා බැලුවලු. ඒක Hong Soo අධිරාජ්‍යාගේ රාජධානියලු.තමන්ගේ අතේ කාසියක් වත් නැතිනිසා සෑම් යාචකයා කල්පනා කලාලු බටනලාව වයලා කීයක් හරි හොයාගන්න.

ඔය අතරේ නගරෙට ආව අමා කෙල්ල මෙයාගේ බට නලා වාදනය අහලා පැහැදිලා සෑම් ව ගෙදර එක්ක ගිහින් කෑම සහ කාසි ලබා දුන්නලු. බොහොම සතුටට පත් වෙච්චි මේ සෑම් ඊයේ රාත්‍රිය ගත කරපු අරලිය ගහ යටටම ආවලු.

ඔය අතරේ මේ හොන් සූ අධිරාජ්‍යට චර පුරුෂයෝ ඇතුල්වෙලා යාචක වෙස් ගෙන ඉන්නවා කියලා ආරංචි උනාලු.ඒ නිසා සියලුම යාචකයන් අල්ලලා ගන්න කියලා මේ Hong Soo අධිරාජ්‍යයා සෙන්පති රස්තා මෑන් ට නියෝගයක් නිකුත් කලාලු.
******************************

ටු බී කන්ටිනියුඩ්

--------------------------------------------------------------------------------------
දෙවන කොටස අවසානයි.
 
 සෑම් ෆිෂර් යාචකයාගේ කතාව

 ඔන්න ඉතින් අද මේ කියන්න යන සුරංගනා කතාව උනේ චීනය කියන රටේ Princess Thinyawo කියන කුමාරිකාව රට පාලනය කරන කාලයේ. මේ කාලය රටේ ජනතාවට ටිකක් අමාරු කාලයක්ලු. මායා රජු චීන රාජධානිය විනාශ කලාට පස්සේ අලුතෙන් ගොඩ නැගෙන්න පටන් ගන්න කාලෙලු. රටේ හුගාක් අයට සල්ලි තිබුණේ නෑලු. ඉතින් හොරකම් එහෙමත් වැඩියිලු.

මේ කාලයේ මේ රටේ අගනුවර හිටියලු සෑම් ෆිශර් කියලා යාචකයෙක්.මෙයාට ලස්සනට බටනලාව එහෙම වාදනය කරන්න පුලුවන්ලු. ඉරිදා පොලට ගිහින් බිම වාඩිවෙලා බට නලාව වාදනය කරලා කීයක් හරි හොයාගන්න එකලු මේ සෑම් යාචකයගෙ පුරුද්ද. ඉතින් මෙයා යාචකයෙක් නේ.එයාට ස්ථීර නවතින්න තැනක් තිබුනේ නෑලු.

අහිංසක සමනලී ගේ වයින් වෙලඳසැල ඉස්සරහ නවාතැන් ගන්න එකලු කලේ. සමනලිත් මොනවත් කිවේ නෑලු. සීත කාලෙට හැමදාම මේ යාචකයට වයින් ටිකක් දෙන්න අමතක කලෙත් නෑලු.

ඔන්න ඉතින් දවසක් උදෑසන වයින් වීදුරුවකින් සප්පයම් වෙච්ච මේ සෑම් යාචකයාට හිතුනලු මාලු ටිකක් අල්ල ගන්න කියලා සඳගලතැන්න දොල ගාවට යන්න. බට නලාවයි බිලී පිත්තයි අරගෙන මෙයා දොල ගාවට ගියාලු.

පහුගිය කාල සීමාවෙම හුගාක් මහන්සියුන හින්දා මේ චීන රාජ්‍යයේ කුළ දෙවඟන වුනු නිදි කුම්බි දෙවඟන ත් මේ දොල ගාවටම ආවලු හිත ටිකක් නිදහස් කරගන්න කියලා හිතාගෙන.

මාලුවෙක්වත් අහු නොවුන නිසා නන්නත්තාර වුනු දුකටත් එක්ක ගල් තලාව උඩ වාඩි උන මේ සෑම් යාචකයා තමන්ගේ බටනලාව වයන්න පටන් ගත්තලු. මේ අසලම හිටිය දෙවඟනටත් මේ මිහිරි බටනලා වාදනය ඇහුනලු. ඉතින් මෙයා හුගාක් සතුටට පත් උනාලු.
ඊට පස්සේ මේ යාචකයගෙ කරුණු විමසලා බොහොම කණටාටුවට පත් උනු මේ දෙවඟන යාචකයේ අනාගතය දිවැසින් බලලා පුන්චි මුතු ඇට 3ක් දුන්නලු. දීලා කීවලු මේ මුතු ඇට 3 අරගන්න.ඒවා ඔයාට අසීරු අවස්ථාවක් ආවොත් උඩ දාලා අවශ්‍ය දේ හිතාගන්න ඒක ඉටුවෙයි කීවලු.ඒත් වස්තුව නම් ඉල්ලුවට ලැබෙන්නේ නෑ මාරයා ගෙන් ජීවිතය ආරක්ෂා කරගන්න පුලුවන් කීවලු.

බොහොම සතුටට පත් යාචක සෑම් නිදි දෙවඟනටත් වැඳලා අවසර අරගෙන සමනලීගේ වයින් ස්ටෝරුව ගාවට ආවලු.එනකොට හුඟක් රෑ වෙලාලු. කුසගින්නෙම නිදාගන්න කියලා හිතාගෙන.
**********************

ටු බී කන්ඩිනියුඩ්........
-------------------------------------------------------------------------------------
පලමු කොටස අවසානයි.
 
ජැකා යෝධයාගේ කතාව

Jacka යෝදයාට විධිමත් සටන් පුහුණුවකුත් දෙන්න හිතුව මේ සීසර් රජතුමා දක්ෂ සටන් නායකයෙක් වන සසිද් මුෂ්මික භාර කලාලු.එයත් අංගම් පොර, කරාතේ, වූශූ, ජෙට් කුන්ඩෝ කඩු ශිල්ප,දුනු ශිල්ප එහෙම කියලා දීලා මේ යෝදයාව අති දක්ෂයෙක් කලාලු.දැන් මේ යෝදයාලු මුලු ලංකාපුරයේම හිටිය දක්ෂම යුද ශිල්පියා.මෙයාට දවසට වී බුසලක සහල් ඔනේලු බත් කන්න.ඉතින් මේ පිලිබඳව කල්පනා කරපු රජතුමා අගනුරවට තරමක් දුරින් තිබුනු අවිස්සාවේල්ල කිට්ටුව ගමක් ගම්වරයක් විදිහට පවරලා දුන්නලු.ඒ වගේම යෝදයාගේ මනාපය පරිදි සඳගලතැන්න කුමාරිහාමිත් කරකාර බන්දලා දුන්නලු.
(මේ යෝදයාට පවරලා දුන්න ගමට ඒ කාලේ කිවේ ජැක් ගම කියලලු.පස්සේ කාලේක ජැක්ගම සිංහලේට පෙරලිලා කොස්ගම උනා කියලා පොත පතේ සඳහන් වෙන්නේ. බොරුනම් ඕන් කොලඹ ඉදලා අවිස්සාවෙල්ලේ යනකොට කොස්ගම කියලා ගමක් හම්බෙයි )

ජැකා යෝදයාගේ හිත මිතුරා උනේ අනියම් නන්නත්තාරලු. මෙයා නිතරම ජැකාගේ සුවදුක් බලන්න ආවලු.යෝදයත් එහෙමලු.මෙහෙම ටික කාලයක් ගියාලු.මේ ජැකා යෝදයා පිලිබඳව දේශ දේශාන්තර වල විවිධ මත පල වුනාලු.මේ ජැක් යොදයා ගැන දැනගත්ත මාලදිවයිනේ හිටිය මාරයා රජතුමා කිඹුල් ධර්මේ හා ඩප්පි දර්මෙ කියන දක්ෂ සෙන්පති යුගලකුයි තව දහස් ගානක සේනාවකුයි පිරිවරාගෙන ලංකාව යටත් කරලා යෝදයාව තමන් සතු කරගන්න හිතාගෙන හලාවතින් ගොඩ බැස්සලු.

චරපුරුෂයන්ගෙන් මේ ගැන ආරන්චි වෙලා කුපිත උනු සීසර් රජතුමා සුර පප්පයි යෝදයයි සේනාව එක්ක මාරයාගේ සේනාව එක්ක සටන් කරන්න ආවලු. දෙගොල්ලො හලාවත කිට්ටුවදි සටන් කරලා මාර සේනාව පැරැද්දුවලු.දක්ෂ විදිහට මේ යෝදයා සටන් කලාලු. මේ සටන මාස ගනනාවක්ම තිබුනා කියනවනේ.මේ මාර සේනාව සටන් එක්ක සටන් කරපු ස්ථානයටලු අද මාර විල කියන්නේ.මාරයා මරා දාපු විල මාරවිල උනා කියලා පොත පතේ සඳහන් වෙනවලු

ජයග්‍රාහී සීසර් රජතුමාගේ සේනාව රත්නපුරේ අගනුවරට එනකොට යෝදයාගේ ප්‍රීතිය අතුරුදහන් වෙලා යන ආරංචියක් අහන්න හම්බුනාලු.ඒ තමන්ගේ ආදරණීය ඇඹේණිය උනු සඳගතැන්නේ කුමාරිහාමි අනියම් නන්නත්තාර එක්ක හාදවෙලා රටින් පිටවෙලා කියන එක. මේ පිලිබඳ බොහොම කණගාටුවට පත් වුනු සීසර් රජතුමා නාටිකාංගනාවක් වුනු දගකාරීව විවාහ කර දෙන්න හැහුවත් කලකිරුණු මේ ජැකා යෝදයා කැමති උනේ නෑලු.

යුදෙදෙත් අවසන් නිසා නැවත් කැරැල්ලක් පැමිණියොත් එන බවට පොරොන්දු වෙලා රජුගෙන් සමුගත්ත මේ ජැකා යෝදයා වනගත් වෙලා භාවනා කරන්න තීරණය කලාලු.ඉතින් මෙයා කුරුණෑගල නුදුරු කැලෑවකට සේන්දු උනාලු.යෝදයා කල මෙහෙවර අගය කල රජතුමා ඔහුගේ ආහාර අවශ්‍යතාව සපුරන්න අවට ගම්වාසීන්ට නියෝග කලාලු.බිරිඳ අහිමි උන දුකත් කලකිරීමත් නිසා වනයේම ඉපදුනු මේ ජැකා යෝදයා වනයේම අවසන් හුස්ම හෙලුවා කියලයි වනපොතේ සඳහන් වෙන්නේ. ජැකා යෝදයාට උපහාර පිණිස මේ වනාන්තරේ ඔහුගේ නමින් නම් කරන්න ජුලියස් සීසර් රජතුමා කටයුතු කලාලු. ජැක්කැලේ කියලා නම්කරපු මේ කැලේ පසුකාලීනව කොස් කැලේ උනා කියලා සඳහන් වෙනවා.

ඊට පස්සේ හැමෝම සතුටින් ජීවත් උනාලු
------------------------------------------------------------------------------------------

ඔන්න ඉතින් අද කතාව අවසන්ලු. ආයේ හෙට එන්නම්ලු.

ජැකා යෝධයාගේ කතාව

මරදන්කඩවල හිටිය රේ මිස්ටීරියෝ වෙදැදුරු ගාවට එක්ක ගිය සූර පප්පාව ඉතා කෙටි කලකින් සුවය ලැබුණලු.පප්පා එක්ක ආපහු රත්නපුර අගනුවරට ආව සේනාව සීසර් රජතුමා මුණ ගැහිලා සිදුවුනු දේවල් කීවලු. රජතුමා හිතාගත්තලු මේ යෝදයා බොහොම බලවත් කෙනෙක්.සටන් කරලා හරියන්නේ නෑ වෙනත් ක්‍රමයක් බලන්න ඔනේ කියලා.

මෙහෙම හිතලා අග්‍ර පුරෝහිත උනු Janaka Chathuranga කැඳෙව්වලු. කැඳවලා කීවලු කාරණාව. ඉතින් මේ පුරෝහිතතුමත් කල්පනා කරලා බලලා කීවලු සීසර් රජතුමනි මේ සඳහා දක්ෂ චරපුරුෂයෙක් යවලා යෝදයාව කුලුපග කරගෙන එක්ක එන්න කියලා.මේ උපදේශයට බොහොම කැමති වුනු රජතුමා තමන් ගාව හිටිය දක්ෂම චරපුරුෂයා උනු අනියම් නන්නත්තාරව කැඳෙව්වලු. මෙයාට අනියම් කියන්නේ එයා රහස් වැඩ හොඳට කරන නිසාලු

රජ අණ ඉහලින්ම පිලිගත්ත මේ අනියම් නන්නත්තාර චරපුරුෂයා සුමතියා අයියගේ මැජික් අරිෂ්ට ටිකක් එහෙම වැඩිපුර අරගෙන විල්පත්තු වනන්න්තරයට යෝදයා මුණගැහෙන්න ගියාලු.යෝදයත් මේ තනියම ආව අමුත්තා දැකලා ටිකක් වික්ෂිප්ත උනාලු. තරමක බයක් චරපුරුෂයාට ආවත් ඒක පෙන්නුවෙ නැතුව අරිෂ්ට ටිකක් දුන්නලු.යෝදයත් මීට කලින් පානය නොකරපු මේ අමුතු පානය එක හුස්මට පානය කලාලු.නන්නත්තාර පිලිබඳව සතුටු වෙච්ච මේ යෝදයා එයාටනම් කරදරයක් කලේ නෑලු. ඉතින් දෙන්නා මෙහෙම කුලුපග උනාලු

දෙතුන් මසක ඇවෑමෙන් ජැක් යෝදයාව මිත්‍ර කරගත්ත මේ චරපුරුෂයා රජ මාලිගාවට එක්කගෙන ආවලු. සද්දන්ත මේ යෝදයා දැකපු සීසර් රජතුමත් සතුටු උනාලු. ඒත් කැලෑ කොල අතු, සම් කෑලි හැඳ පැලඳ සිටි මේ යෝදයාව ශිෂ්ට කරන්න කියලා හිතුව සීසර් රජතුමා Sam Fisher කියන පඬිවරයට භාර දුන්නලු.පඬිතුමත් සකස්කඩය, බුද්ධගච්ඡ‍ය එහෙම කියලා දීලා වැලිපිල්ලේ අකුරු ලියවලා කෙටි කාලෙකින්ම මේ ජැක් යෝදයාව උගතෙක් කලාලු

ටු බී කන්ටිනියුඩ්
---------------------------------------------------------------------------------------------

දෙවන කොටසේ අවසානයලු.

ජැකා යෝධයාගේ කතාව

මේක එකෝමත් එක ලංකාව කියන රටේ සිදු වුනු කතාවක්ලු.

ඔන්න ඉස්සර ලංකාවේ රත්නපුරේ අගනුවර කරගෙන ජුලියස් සීසර් කියලා රජ කෙනෙක් හිටියලු. මෙයාගේ සෙන්පතියා උනේ ගෝල් දේශෙන් ආව සූර පප්පාලු.මේ රජ්ජුරුවන්ගේ දේවිය උනේ සුදු මැණිකේලු. ඉතින් මේ ජූලියස් සීසර් රජතුමා බොහෝම දක්ෂ විදිහට රත්නපුරේට වෙලා රට පාලනය කරගෙන හිටියලු

ඉතින් ඔහොම ඉන්නකොට විල්පත්තු කැලෑව වාසභූමිය කරගෙන Jacka කියලා ‍යෝදයෙක් ඉන්නවා කියලා සීසර් රජතුමාට ආරංචියක් ආවලු. මේ යෝදයා ගැන කියනවනම් මෙයාට වැඩියෙන්ම ආසා ඌරු මස් කන්නලු. දවසට 4-5ක් කාලා මලක් එහෙමත් කපා ගන්නවපු . කැලේ සත්තු කනවට අමතරව මෙයා ඒ සත්තුන්ට වෙන වෙන වැඩත් කලා කියලාත් පොත පතේ සඳහන් වෙලවලු ඔන්න

ඉතින් මේ රජ්ජුරුවෝ හිතුවලු මේ යෝදයාව තමන්ගේ සේනාවට බඳව ගන්න.මෙහෙම හිතලා සූර පප්පා සෙන්පති තුමාටයි සේනාවටයි ගමේ සුමතියා අයියගේ අරිෂ්ට ටිකක් එහෙම දීලා පිටත් කෙරෙව්වලු යෝදයාව අල්ලගෙන එන්න කියලා. දුරු කතර ගෙවාගෙන අවිස්සාවේල්ල,කුරුණෑගල අනුරාධපුරන් ඔයාමඩුවට ආපු සේනාව ඔයාමඩුව කිට්ටුව කඳවුරු ලෑවලු. යෝදයෙක් අල්ලන එක සෙල්ලන් නෑනේ.

සූරපප්පා සෙන්පතියගේ උපදෙස්පිට කැලේ වටකරලා දුනු හී එහෙම අරගෙන කැලේ ඇතුලට සේනාව ගියාලු.අරිෂ්ට පානය කරලා හිටිය සූර පප්පා කැලේ කඩාගෙන ගිහින් යෝදයා එක්ක මූනට මුන සටන් කලාලු.කෝප වුනු මේ ජැක් යෝදයා සූර පප්පා සෙන්පති තුමාට පා පහරක් එල්ල කලාලු.ගුවනින් ගියපු සූර පප්පා සෙන්පතියා හොරොව්පතානේ කුඹුරකට වැටුනලු.(සූර පප්පා වැටුනු නිසා තාමත් මේ වෙලට කියන්නේ සූරවෙල කියලලු) බය වෙච්ච සේනාව හිස් ලූ ලූ අත දීවලු

ටු බී කන්ඩිනියුඩ්....
------------------------------------------------------------------------------------------
පලමු කොටසේ අවසානයයි.

සුරංගනා කතාව 6

කඳුලු දූවේ කතන්දරය

ඔන්න එකමත් එක රටක ලස්සන පුංචි දුපතක් තිබුනාලු.එ දුපතේ පුංචි කුමාරිවක් ජිවත් උනාලු.මේ කුමාරිකාවගේ දෙමව්පියෝ උනේ ජිංජි පොරෝරා මහ රජතුමයි Pradee Kumari යිලු. මේ කුමාරිකාව හරිම ලස්සනයිලු. ලස්සන ඇස් දෙකකුත් තිබ්බලු.ඉතින් ඒ නිසා ආදරේ වැඩිකමට මේ
රජතුමයි දේවියයි මේ දූ කුමාරිය නයිල් කුමරිය  කියලා නම දැම්මලු.

ගුණයහපත් මේ කුමාරිකාවට ඒ රටේ හැමෝම හරි ආදරෙයිලු.දවස් දින ඔය වදියට ගොවිලා ගියාලු..කවුරුත් සතුටින් ජිවත් උනාලු...හැමදාම මේ දුපතේ ඉන්න මේ කුමාරි මුහුදු වෙරලට වේලා පුංචි ලමයි එක්ක සෙල්ලම් කලාලු.කෝම්පිට්ටු එහෙමත් ඉව්වලු.තව Batta ත් පැන්නලු.මේ කුමාරි පුංචි ලමයින්ට හරිම ආදරෙයිලු.රජගෙදර තියෙන කෑම බීම එහෙමත් ගෙනත් දුන්නලු.ඔහොම ටික ටික දවස් ගෙවිලා නයිල් කුමාරිකාව ලොකු වුනාලු.ඒත් ඉතින් දූපතේ ඉන්න පුංචි ලමයි එක්ක හැමදාම සෙල්ලං කරන එක නැවැත්තුවේ නෑලු.කුමාරිකාවක් උනාට වෙන වැඩකුත් තිබුනේ නෑ කියනවනේ.

ඔහොම ඉද්දි මහා නපුරු දවසක් උදා උනාලු.ඉතින් මේ මුහුදේ නපුරු රක්ෂයෙක් හිටියාලු දෙවෙන්දොරා කියලා.එ රාක්ෂයා මේ නයිල් කුමාරිගේ ලස්සන දැකලා ඒ ලස්සනට වශිවේලා මේ කුමාරිව ලබා ගන්න හිතුවාලු. ඉතින් මේ කුමාරිකාවට මේ දෙවොන්දර රාස්සයා යෝජනාවක් කලාලු.මේ රාස්සයාගේ නපුරු මූනට බය වුනු කුමාරිකාව යෝජනාව ප්‍රතික්ෂේප කලාලු.රාස්සයත් අදහස අත් ඇරියේ නෑලු.

ඉතිං ඊලඟ දවසේ මේ රාක්ෂයා අවාලු මේ කුමාරියගේ දෙමාපිය රජ දෙපල මුණ ගැහෙන්න.තෑගි බෝග එහෙම දීලා මේ රජතුමාට තම සිතැගි කිවුවාලු.එත් රාක්ෂයෙක්ට තමන්ගේ එකම දුව දෙන්න මේ දෙමාපියන් කැමති උනේම නැලු.අවසානේ මේ රාක්ෂයට හොදටම කේන්ති ගියාලු.ඊට පස්සේ සාපයක් කලාලු මේ දූපත විනාශ වෙන්න කියලාඑදා ඉදලා මේ දුව වටේ තියන මුහුද ගොඩ ගලන්න ගත්තාලු.

ටිකෙන් ටික මුහුදු රැලි ලොකු වෙලා ගොඩට ගලන්න ගත්තලු.බය වුනු දූපත් වැසියෝ රජතුමාට මේ ගැන කීවලු.මුහුද කිට්ටුව හිටිය දුපත් වැසියෝ එකා දෙන්න විනාශ වෙන්නගත්තලු.මේ කිසිම දෙයක් නොදන් පුංචි කුමාරි මේ විනාශය ගැන ගොඩාක් දුක් උනාලු.ඊට පස්සේ දෙමාපියන්ගෙන් ඇහුවාලු ඇයි කියලා මෙහෙම වෙන්නේ කියලා.ඒත් දෙමව්පියන්ගෙන් නම් පිලිතුරක් ලැබුණේ නෑලු.

ඊට පස්සේ නයිල් කුමරිය Vidhvath Jacka පුරෝහිතගෙන් ඇහුවලු.එයා කීවලු කුමාරිකාව පතාගෙන ආව රාක්ෂයා තමා මේ සාපය කලේ කියලා.රට බේරෙන්න නම් කුමාරිකාව මුහුදට බිලිවෙන්න කීවලු.
අවසානයේ මේ කුමාරිකාව ලොකු තිරණයක් ගත්තාලු. එදා රැ කාටවත්ම ‍නොකියා රජ මැදුරෙන් පිට උනාලු.පිට වේලා ගිහින් අර රාක්ෂයා ඉන් මුහුද ලඟට ගියා.ගිහින් එයාට කතා කලාලු.මේ විනාශය නවත්වන්න කියලා රකුසගෙන් ඉල්ලුවලුමගේ රටට විනාශ කරන්න එපා මාවනේ ඕන
කියලා හිතුව කුමාරිකාව @මුහුදට බිලි උනාලු.

එදායින් පස්සේ

කවුරුත් කුමාරිව දැක්කේ නැලු.හැමෝම හැමතැනම හෙව්වලු.ඉතින් කොහොම හරි කුමාරිකාව එයාගේ දිවි පුදලා රට බේර ගත්තලු.ඒත් පුරෝහිතගෙ කටින් මේ රහස කොහොම හරි එලි උනාලු.ඉතින් එදා ඉදලා මුලු රටම ශෝක උනාලු.හැමෝම ඇඬුවලු.ඒනිසා එදා ඉදලා ඒ දුපතට කියන්නේ “ කදුළු දුව“ කියලාලු.

----------------------------------------------------------------------------------------------
කතාව අවසානයිලු.මේක මට තෑග්ගක් විදිහට ලැබුණු කතාවක්ලු.එයාට ගොඩාක් ස්තූතියිලු.ඒ වගේම මට ගොඩාක් සතුටුයිලු .ඉතින් මම මේක පල කලා විතරලු.සියලු ගරු සම්මානේ මුල් නිර්මාණකරුටලු .නම හෙලි කරන්න එපා කීවලු.ඒ නිසා එහෙම කරන්නේ නෑලු.

අසපුවේ දන් හොරෙන් කා අපායට ගිය මාරයා

තත්වය බරපතල බව කීව වෙද මහත්තුරු ටික මෙයාව ඉක්මනට ජාතික රෝහල ඇතුලත් කරන්න කීවලු. ඉතින් මේ ප්‍රවෘත්තිය නයි ටී එන් නාලිකාවේ යනවා දැකපු මහින්ද බාප්පා ඉක්මනට මැදිහත් වෙලා රුසියාවේ තිබ්බ එම් අයි 24 හෙලිකොප්‍ටරයක් එවලා දෙවොන්දර සං තාපසතුමාව ඉක්මනට ජාතික රෝහලට ඇතුලත් කලාලු. එතන හිටිය රෝහල් අධ්‍යක්ෂක එමෝ බෝයි කීවලු තාපසතුමාට අමාරුයි මෙහෙ සුවපත් කරන්න බෑ ඒ නිසා සිංගප්පූරුවට යවන්න කියලා.

ඉතින් හැමෝම කලබල වෙලා ඒ කාලේ ලංකාවේ තිබුණු අහස අපිට ගුවන් සේවයෙන් මේ තාපසතුමාව සිංගප්පූරූ යැව්වලු. මේ අතරෙදි රටම කලඹපු මේ සිදුවීම පිලිබඳව වහාම පරීක්ෂණයක් පවත්වන්න මහින්ද බාප්පා නියෝග කලාලු.මේකට සිංගප්පූරුවේ ඉදලා Hong Soo වෙද මහත්තයා එව්වා පුස්කොල වාර්තාවත් මනා පිටිවහලක් උනාලු.ඒකේ තිබුණු විදිහට දවස් 14කින් තාපසතුමාගේ බඩේ බත් ඇටයක්වත් වැටිලා නෑලු.

ඉතින් මේ පිලිබඳව පරීක්ෂණ කරපු Chaminda Mallawa ප්‍රධාන රාජපුරුෂයෝ ටික තාපසතුමාට දානේ නොදීම හේතුවෙන් ගමේ අයව අත් අඩංගුවට ගන්න තීරණය කලලු.මේ අසාධාරණ තීන්දුව පිලිබඳව මුලු ගමම විරෝදය පෑවලු. ඔය රතුපස්වල කියන හරියේ උද්ගෝෂණයක් එහෙම තිබ්බා කියලත් පොත පතේ සඳහන් වෙනවාලු ඔන්න. ගම්මු එකහඬින් කියාසිටියලු මේකට වැරදිකරුවා මාරයා කියලා ඒත් නීතිය පිලිගන්නෙම නෑලු

චානක මධුරංග කරුණාරත්න, Chamini Bhagya, Batta Putha ඇතුලු ත්‍රිපුද්ගල කමිටුව්ක් පත් කරලලු පරණ කඩේ උසාවියේ නඩු ඇහුවාලු.මේ අතරේ තාපසතුමා සුවය ලබලා දිවයිනට සැපත් උනාලු. ඉතින් ඒ නිසා තාපසතුමාගෙනුත් සාක්කි විමසුවලු. මේ තාපසතුමා නඩුකාර කමිටුව අමතලා කීවලු "මට මොකුත් මතක නෑ " කියලා. අවුරුදු ගානක් දානේ දුන්න ගම්මුන්ට හරි කේන්තියිලු ඉතින්. එයාලා බේර ගන්න තාපසතුමා ඇත්ත කිවේ නෑනේ.ඉතින් ආයෙම පාරක් මෙයාලා උද්ගෝෂණයක් කලාලු. රාජපුරුෂයන්ට එහෙමත් ගැහුව්ලු. කේන්තිගිය රාජපුරුෂයෝ ටික ගම් නයකයා උන Dadallage Indunil ට හෙල්ලකින් ඇනලා මැරුවලු

ඉතින් මෙයාගේ බිරිඳ උනු සඳගලතැන්න කුමාරිහාමිට හරිම දුකයිලු. මෙයාට හොඳ උප්පරවැට්ටියක් කල්පනා උනාලු.එයා මාරයාට ගෙදරට ආරාධනා කරලා නවසීලන්තෙන් ගෙනාපු ඇන්කර් කිරි පිටි පැකට් එකක්ම මාලිගාවත්තේ යූරියා කලවන් වෙච්ච සීනීත් වැඩිපුර දාලා හදලා බෝතලේකට දාලා මාරයාට දුන්නලු ගිහින් බොන්න කියලා.කවදාවත් නයි ටී එන් ප්‍රවෘත්ති බලපු නැති නිසා මාරයා ඇන්කර් ගැන මොකුත් දන්නේ නෑලු. ඉතින් මෙයා නන්නතාරටත් දෙන්නේ නැතුව තනියම බොනවා කියලා හිතාලා ඔක්කොම කිරි ටික බීවලු.

එක හුස්මට බීව ඇන්කර් කිරි නිසා මෙයාගේ ශරීරයේ ඩීසීඩී සාන්ද්‍රණය ඉහල ගිහින් මෙයා එතනම් මිය ගියාලු.ගිහින් අවීචී මහා නරකාදියට ගියා කියලා තමා පොත පතේ සඳහන් වෙන්නේ.ඔත්පල වෙලා හිටිය නන්නත්තාර මනුස්සයත් දුක් විඳලා මිය පරලොව ගිහින් අවීචියේ ඉපදුනාලු

ඊට පස්සේ හැමෝම සතුටින් ජීවත් උනාලු

------------------------------------------------------------------------

කතාව අවසන්ලු :3
 
අසපුවේ දන් හොරෙන් කා අපායට ගිය මාරයා

ඔන්න එකෝමත් එක ලංකාව කියන රටේ දිගාමඩුල්ලේ පුංචි ගමක මාරයා කියලා මනුස්සයෙක් හිටියලු.මෙයාට මාරයා කියන්නේ මෙයා කරන මාර වැඩ නිසාලු.දඩයමින් ජීවිකාව ගෙවපු මෙයාගේ හොඳම යාලුවා උනේ අනියම් නන්නත්තාරලුමේ දෙන්නා ජාඩියට මූඩිය වගේලු. ගමේ මිනිස්සුන්ට වගේම සතා සීපාවටත් සෑහෙන්න හිරිහැර කලාලු.මේ දෙන්නා පාරක යනකොට කොලු කුරුට්ටෙක් තියා බල්ලෙක් පූසෙක් වත් අහලක පහලක ඉන්නේ නෑලු.මේ දෙන්නගෙ වැඩ ඒ තරම් භයානකලු. දෙන්නගෙ තියෙන කුප්ප වැඩ හා චන්ඩිකම නිසා කවුරුත් මොකුත් කිවේ නෑ.කියන්න බය උනාලු.

මෙහෙම ටික කාලයක් ගියාලු. හරියට දඩයම් කරගන්න බැරි උන මේ දෙන්න හුගාක් අසීරුතාවයකට පත් උනාලු. කෑම නැති නිසා හොරකම් කරන්න පුරුදු උනත් ඒක හරි ගියේ නෑලු. දවසක් ඩප්පි දර්මෙගේ එලවලු කොටුවෙන් හොරකම් කරන්න ගිය වෙලේ තුවක්කුවක් පත්තු වෙලා අනියම් නන්නත්තාරගේ කකුලක් තුවාල උනාලු.මේ නිසා උපස්තාන කරන්න උනේ මාරයාටලු. තනියම දඩයම් කරන්න බැරි නිසා දවසක් කල්ප්නා කරනකොට මෙයාට නරක අදහසක් පහල උනාලු.ඒ තමා කන්ද උඩ තියෙන තාපසාරාමෙට ලැබෙන දානය හොරෙන් ගන්න එක.ඉතින් මේ මාරයාට මේ නරක සිතුවිල්ල ඇතිවෙලා මෙයා මේක ක්‍රියාත්මක කලාලු

මේ තාපසාරාමේ හිටිය පූජක වරයා උනේ දෙවෙන්දොරා සං ලු. එයා රැවුල කොන්ඩේ එහෙම වවාගෙන ඇට මාලෙකුත් අරගෙන හැමදාම භාවනා කරනවලු.ගම් වාසින් භක්තියෙන් ගේන දානේ තාපසතුමාට බාධාවෙන නිසා ආරාමෙන් තියලා යනවලු.තාපසතුමත් දවල් වෙලා මේ දානේ අනුභව කරනවලු. මේ සිදුවීම මාරයා බලාගෙන හිටියලු. ඉතින් හැමදාම කල් යල් බලලා ආරාමෙට පැනලා දානේ හොරකම් කරන්න පුරුදු උනාලු.තාපසතුමා හිතන්නේ දානේ ලැබුනේ නෑ කියලලු.
 
ඔහොම ටික දවසක් යනකොට ආහාර නැතිව භාවනා කර කර හිටිය මේ තාපසතුමා කලන්තයක් හැදිලා කන්දෙන් පහලට දොක්ක උනාලු.
ඔලුව පැලුන නිසා තාපසතුමා කෙඳිරිගාන සද්දේ ඇහුණලු කැලේට දර කඩන්න ආව Dilmini Sandali ට. . මෙයා හනිකට එයා අතේ තිබ්බ දුරකතනෙන් 119 අමතලා මේ සිද්දිය වග කිව යුතු තැන්වලට දැන්නුවලු. ඊට පස්සේ රාජ පුරුෂයෝ එහෙම ඇවිත් ගම්වාසිනුත් මැදිහත් වෙලාලු. තාපසතුමාව ලගම තියෙන රජයේ රෝහලට අරන් ගියාලු.

ටු බී කන්ටිනියුඩ්..................
--------------------------------------------------------------------------------------
පලමු කොටස අවසන් ලු.

සුරංගනා කතාව - 03 අවසන් කොටස
------------------------------------
නම වෙනස් කල රජකුමරුට පෙම් බැඳි ගමේ කෙල්ල සඳගලතැන්න කුමාරිහාමි
==================================

ඔන්න ඉතින් මේ දූත පිරිස දුර කතර ගෙවාගෙන ගිහින් සීත හිම මාලිගාවේ හිටිය #සින්ඩිරෙල්ලා සුරඟනව හමු උනාලු. හමුවෙලා #ජිංජි_පොරෝරා රජතුමා දීපු තෑගි බෝග වගේම හසුනත් දුන්නලු.ආපු කාරණාවත් පැහැදිලි කලාලු.ආපු පිරිස කාරුණිකව පිලිගත්ත මේ සුරඟන  මායා ඖ‍ෂධ පැන් ටිකක් දුන්නලු.දීලා දූත පිරිස පිටත් කලාලු.දූත පිරිසත් ඉක්මනින් ම මාලිගාවට ආවලු. දැන් මේ #වාචාල_පිකාසෝ කියන පිශාචයා #නම_වෙනස් කල කුමාරයාගේ සිරුරෙන් ඉවත් කරන්න සියල්ල සූදානම්ලු. ඒත් පොඩි අඩුවක් තිබ්බලු. ඒමායාවෙන් ජීවම් කල බෙහෙත් කුමාරයාගේ සිරුරට ඉසින්න ඔනේ කාන්තාවක් විසින් කැමැත්තෙන් පරිත්‍යාග කරන කෙස් වැටියක් පුලුස්සලු අළුත් සමගලු.

ආයෙමත් රජ මාලිගාවේ අඬබෙර කරුවෙන #ඇඩොල්ෆ්_හිට්ලර් කැඳවලා මගුල් කඩුවත් අතට දීලා රන් මසුරනුත් දීලා කෙස් වැටියක් සොයාන් එන්න පිටත් කලාලු.ඇතුලු නුවර පුරාම හෙව්වත් කිසිම කෙනෙක් ඉදිරිපත් උනේ නෑලු. පිටත නුවරත් මේ අඬබෙරකරු ඇවිදිනවලු. #සඳගලතැන්නේ_කුමාරිහාමි ඉන්න ඉසව්වටත් ආවලු.අණබෙරකරුග්න් සියලු විස්තර අහගත්ත එයා තමන්ගේ සන්තකව තිබුණු දිගු කෙස් වැටිය රාජකුමාරයා වෙනුවෙන් පරිත්‍යාග කලාලු.මේ විස්තර අණබෙරකරු රජතුමාට දැන්වුවලු. ඒ වගේම කුමාරයත් සුවපත් උනාලු. 

සියලු විස්තර අහගත්ත මේ කුමාරයා කුමාරිහාමි බලන්න එයාගේ ගෙදරට ආවලු. තෑගි දීලා ස්තූති කරපු එයා මාලිගාවේ බිසවක් විදිහට එන්න ආරාධනා කලාලු.එහෙත් කාරුණිකව ඒ ඉල්ලෙම ප්‍රතිකේශ කරපු කුමාරිහාමි මෙහෙම කීවලු සුවපත් කල උපකාරය වෙනුවෙන් බිසවක් වී සිටීමට වඩා මෙහෙම ඉන්න එක හොඳයි කීවලු. ආදරය කියන්නේ ඒක නෙවේ කියලත් කීවලු. ලැජ්ජා හිතුණු කුමාරයා අස්සයා පිටින් නැගලා මාලිගාවට ගියාලු. කලගුණ සැලකීමක් විදිහට රජතුමා විසින් කුමාරිහාමිට ගම්වරයක් තෑගි දුන්නලු. ඒ ගමට කියන්නේ සඳගහතැන්න ගම කියලලු.

ඊට පස්සේ හැමෝම සතුටින් ජීවත් උනාලු
*************************
=================================
අදට කතාව අවසන්ලු. හෙට එකක් අරන් එන්නම්ලු. එතෙක් සතුටින් ඉන්නලු.
තුන් වෙනි කොටස බැලුවෙ නැත්තන් මෙතෙන්ට යන්නලු
https://www.facebook.com/photo.php?fbid=437649249673930&set=a.432305810208274.1073741828.432216760217179නම වෙනස් කල රජකුමරුට පෙම් බැඳි ගමේ කෙල්ල සඳගලතැන්න කුමාරිහාමි

ඔන්න ඉතින් මේ දූත පිරිස දුර කතර ගෙවාගෙන ගිහින් සීත හිම මාලිගාවේ හිටිය #සින්ඩිරෙල්ලා සුරඟනව හමු උනාලු. හමුවෙලා #ජිංජි_පොරෝරා රජතුමා දීපු තෑගි බෝග වගේම හසුනත් දුන්නලු.ආපු කාරණාවත් පැහැදිලි කලාලු.ආපු පිරිස කාරුණිකව පිලිගත්ත මේ සුරඟන මායා ඖ‍ෂධ පැන් ටිකක් දුන්නලු.දීලා දූත පිරිස පිටත් කලාලු.දූත පිරිසත් ඉක්මනින් ම මාලිගාවට ආවලු. දැන් මේ #වාචාල_පිකාසෝ කියන පිශාචයා #නම_වෙනස් කල කුමාරයාගේ සිරුරෙන් ඉවත් කරන්න සියල්ල සූදානම්ලු. ඒත් පොඩි අඩුවක් තිබ්බලු. ඒමායාවෙන් ජීවම් කල බෙහෙත් කුමාරයාගේ සිරුරට ඉසින්න ඔනේ කාන්තාවක් විසින් කැමැත්තෙන් පරිත්‍යාග කරන කෙස් වැටියක් පුලුස්සලු අළුත් සමගලු.

ආයෙමත් රජ මාලිගාවේ අඬබෙර කරුවෙන #ඇඩොල්ෆ්_හිට්ලර් කැඳවලා මගුල් කඩුවත් අතට දීලා රන් මසුරනුත් දීලා කෙස් වැටියක් සොයාන් එන්න පිටත් කලාලු.ඇතුලු නුවර පුරාම හෙව්වත් කිසිම කෙනෙක් ඉදිරිපත් උනේ නෑලු. පිටත නුවරත් මේ අඬබෙරකරු ඇවිදිනවලු. #සඳගලතැන්නේ_කුමාරිහාමි ඉන්න ඉසව්වටත් ආවලු.අණබෙරකරුග්න් සියලු විස්තර අහගත්ත එයා තමන්ගේ සන්තකව තිබුණු දිගු කෙස් වැටිය රාජකුමාරයා වෙනුවෙන් පරිත්‍යාග කලාලු.මේ විස්තර අණබෙරකරු රජතුමාට දැන්වුවලු. ඒ වගේම කුමාරයත් සුවපත් උනාලු.

සියලු විස්තර අහගත්ත මේ කුමාරයා කුමාරිහාමි බලන්න එයාගේ ගෙදරට ආවලු. තෑගි දීලා ස්තූති කරපු එයා මාලිගාවේ බිසවක් විදිහට එන්න ආරාධනා කලාලු.එහෙත් කාරුණිකව ඒ ඉල්ලෙම ප්‍රතිකේශ කරපු කුමාරිහාමි මෙහෙම කීවලු සුවපත් කල උපකාරය වෙනුවෙන් බිසවක් වී සිටීමට වඩා මෙහෙම ඉන්න එක හොඳයි කීවලු. ආදරය කියන්නේ ඒක නෙවේ කියලත් කීවලු. ලැජ්ජා හිතුණු කුමාරයා අස්සයා පිටින් නැගලා මාලිගාවට ගියාලු. කලගුණ සැලකීමක් විදිහට රජතුමා විසින් කුමාරිහාමිට ගම්වරයක් තෑගි දුන්නලු. ඒ ගමට කියන්නේ සඳගහතැන්න ගම කියලලු.
ඊට පස්සේ හැමෝම සතුටින් ජීවත් උනාලු
*************************
=================================
අදට කතාව අවසන්ලු. හෙට එකක් අරන් එන්නම්ලු. එතෙක් සතුටින් ඉන්නලු.
 
සුරංගනා කතාව - තෙවන කොටස
------------------------------------
නම වෙනස් කල රජකුමරුට පෙම් බැඳි ගමේ කෙල්ල සඳගලතැන්න කුමාරිහාමි
==================================

ඔන්න ඉතින් මේ #වාචාල_පිකාසෝ කියන පිශාචයාට කුමාරයා දැක්ක ගමන් ආසාවක් ඇති උනාලු. ඊට පස්සේ මෙයා කලේ කුමාරයාගේ ඇඟට ඇතුල් වෙන එකලු. පිශාචයා ඇතුලු උන ගමන් කුමාරයාගේ මූණ විරූපී වෙලා අහු මුලු වල හැංගෙන්නයි දකින හැමදේම කන්නයි පටන් ගත්තලු. පිය රජතුමා වෙච්චි #ජිංජි_පොරෝරා රජතුමාට කරන දෙයක් හිතාගන්න බැරි උනාලු.තමන්ගේ පුත් කුමාරයාට වෙච්ච සන්තෑසිය දැකපු මව් බිසව වෙන #පබා_නංගිත් කඳුලු සලන්න ගත්තලු. ඇමතිවරුන්ටත් හිතාගන්න බැරි උනාලු කරන දෙයක්.ඊට පස්සේ මහ රජතුමා සෙන්පති #අකිල_ජයරත්න කැඳවලා කුමාරයා සුවපත් කරන තුරු කූඩුවක දාන්න අණකලාලු.මේ පුවත අහපු හැමෝම දුක් උනාලු.

රජමාලිගාවේ අණබෙරකරු වන #ඇඩොල්ෆ්_හිට්ලර් කැඳවලා කුමාරයා සුවපත් කරන කෙනෙක්ට් ඇතෙක් බරට රන් මසු දෙනවා කියලා අඬබෙරයක් යැව්වලු. නුවර වීදි පුරාම අඬබෙරේ සැරිසරද්දි #අප්සරා ගුරු මාතාව අඬබෙරේ නවත්තලා කීවලු මුහුදෙන් එහා මායා දූපතේ ප්‍රධාන මායාකරු වෙන  #ඩොක්_අයියා කියලා එයාගේ වැඩිමල් සහෝදරයා ඉන්න බවත් එයාව කැඳවලා සුවපත් කරගන්න පුලුවන් බවත් කීවලු මේක අහලා සතුටු වුනු රජතුමා වහාම #ඇමතිතුමා කැඳවලා සේනාවක් සමග නැවකුත් එක්ක පුද පඬුරුත් දීලා ඩොක් අයියා මායාකරුව කැන්දන් එන්න කීවලු.

රජකුමරුගේ පෙම්වතිය උනු #කේටි_කුමරියට හරි දුකයිලු. එයා හැමදාම කුමාරයා බලන්න ආවලු. අනිත් කුමාරියොත් ආවලු. #සඳගලතැන්නේ_කුමාරිහාමිටත් දුකයිලු. ඒත් එයාට රජ මාලිගාවට එන්න වසර තිබුණේ නෑලු.දින කිහිපයක් ඇවෑමෙන් ඇමතිතුමා ඇතුලු පිරිස ඩොක් අයියා මායකරුව එක්කන් ආවලු. නම වෙනස් කල රාජකුමාරයා පරීක්ෂා කරපු එයා කීවලු මෙයා සුවපත් කරන්න තමන්ට තනිවම කල නොහැකි බවත් ඒ සඳහා තව කලමණා මෙන්ම කඳුකරේ හිම මාලිගාවේ වෙසෙන #සින්ඩිරෙල්ලා සුරංගනාවිගේ ඖෂධ පැන් බින්දු කිහිපයකුත් අවැසි බව කීවලු.

වහාම ක්‍රියාත්මක වුනු රජතුමා කාරණාව පැහැදිලි කරලා හසුන් පතක් එක්ක සුරංගනාවියන්ට තෑගි බෝග පුරවපු අස්ස කරත්තෙකුත් සූදානම් කරලා දූත පිරිසක් එක්ක පිටත් කලාලු. ඒ අතරේ ඉතුරු කලමනා ඩොක් අයියගෙ ප්‍රධානත්වයෙන් සූදානම් කලාලු.

ටු බී කන්ටිනියුඩ්ලු__________
-------------------------------
තෙවනි කොටස අවසන්ලු.අව්සාන කොටසින් හමුවෙන්නම්ලු. අදහස් කියන්නලු. ඉතුරු කොටස කියන්නේ බලන අයගේ විවේචන මතලු. 
===================================
දෙවනි කොටස නොබලපු කෙනෙක් ඉන්නවනම් මෙතෙන්ට යන්නලු.
https://www.facebook.com/photo.php?fbid=437351289703726&set=a.432305810208274.1073741828.432216760217179 නම වෙනස් කල රජකුමරුට පෙම් බැඳි ගමේ කෙල්ල සඳගලතැන්න කුමාරිහාමි

==================================

ඔන්න ඉතින් මේ #වාචාල_පිකාසෝ කියන පිශාචයාට කුමාරයා දැක්ක ගමන් ආසාවක් ඇති උනාලු. ඊට පස්සේ මෙයා කලේ කුමාරයාගේ ඇඟට ඇතුල් වෙන එකලු. පිශාචයා ඇතුලු උන ගමන් කුමාරයාගේ මූණ විරූපී වෙලා අහු මුලු වල හැංගෙන්නයි දකින හැමදේම කන්නයි පටන් ගත්තලු. පිය රජතුමා වෙච්චි #ජිංජි_පොරෝරා රජතුමාට කරන දෙයක් හිතාගන්න බැරි උනාලු.තමන්ගේ පුත් කුමාරයාට වෙච්ච සන්තෑසිය දැකපු මව් බිසව වෙන #පබා_නංගිත් කඳුලු සලන්න ගත්තලු. ඇමතිවරුන්ටත් හිතාගන්න බැරි උනාලු කරන දෙයක්.ඊට පස්සේ මහ රජතුමා සෙන්පති #අකිල_ජයරත්න කැඳවලා කුමාරයා සුවපත් කරන තුරු කූඩුවක දාන්න අණකලාලු.මේ පුවත අහපු හැමෝම දුක් උනාලු.

රජමාලිගාවේ අණබෙරකරු වන #ඇඩොල්ෆ්_හිට්ලර් කැඳවලා කුමාරයා සුවපත් කරන කෙනෙක්ට් ඇතෙක් බරට රන් මසු දෙනවා කියලා අඬබෙරයක් යැව්වලු. නුවර වීදි පුරාම අඬබෙරේ සැරිසරද්දි #අප්සරා ගුරු මාතාව අඬබෙරේ නවත්තලා කීවලු මුහුදෙන් එහා මායා දූපතේ ප්‍රධාන මායාකරු වෙන #ඩොක්_අයියා කියලා එයාගේ වැඩිමල් සහෝදරයා ඉන්න බවත් එයාව කැඳවලා සුවපත් කරගන්න පුලුවන් බවත් කීවලු මේක අහලා සතුටු වුනු රජතුමා වහාම #ඇමතිතුමා කැඳවලා සේනාවක් සමග නැවකුත් එක්ක පුද පඬුරුත් දීලා ඩොක් අයියා මායාකරුව කැන්දන් එන්න කීවලු.
රජකුමරුගේ පෙම්වතිය උනු #කේටි_කුමරියට හරි දුකයිලු. එයා හැමදාම කුමාරයා බලන්න ආවලු. අනිත් කුමාරියොත් ආවලු. #සඳගලතැන්නේ_කුමාරිහාමිටත් දුකයිලු. ඒත් එයාට රජ මාලිගාවට එන්න වසර තිබුණේ නෑලු.දින කිහිපයක් ඇවෑමෙන් ඇමතිතුමා ඇතුලු පිරිස ඩොක් අයියා මායකරුව එක්කන් ආවලු. නම වෙනස් කල රාජකුමාරයා පරීක්ෂා කරපු එයා කීවලු මෙයා සුවපත් කරන්න තමන්ට තනිවම කල නොහැකි බවත් ඒ සඳහා තව කලමණා මෙන්ම කඳුකරේ හිම මාලිගාවේ වෙසෙන #සින්ඩිරෙල්ලා සුරංගනාවිගේ ඖෂධ පැන් බින්දු කිහිපයකුත් අවැසි බව කීවලු.

වහාම ක්‍රියාත්මක වුනු රජතුමා කාරණාව පැහැදිලි කරලා හසුන් පතක් එක්ක සුරංගනාවියන්ට තෑගි බෝග පුරවපු අස්ස කරත්තෙකුත් සූදානම් කරලා දූත පිරිසක් එක්ක පිටත් කලාලු. ඒ අතරේ ඉතුරු කලමනා ඩොක් අයියගෙ ප්‍රධානත්වයෙන් සූදානම් කලාලු.

ටු බී කන්ටිනියුඩ්ලු__________
-------------------------------
තෙවනි කොටස අවසන්ලු.අව්සාන කොටසින් හමුවෙන්නම්ලු. අදහස් කියන්නලු. ඉතුරු කොටස කියන්නේ බලන අයගේ විවේචන මතලු.

සුරංගනා කතාව 03 -දෙවන කොටස
------------------------------------
නම වෙනස් කල රජකුමරුට පෙම් බැඳි ගමේ කෙල්ල සඳගලතැන්න කුමාරිහාමි
==================================

ඔන්න ඉතින් සඳගලතැන්න කුමාරිහාමි ගාවට අස්සයා පිටින් බැහැලා ආව  මේ නම වෙනස් කල රාජකුමාරයා පැන් කලේ අතේ තුයන් හිටිය එයාගෙන් වතුර ටිකක් ඉල්ලුවලු. මොහොතක් තුෂ්ණිම්භූත උනු කුමාරිහාමි කලෙන් වතුර දුන්නලු. මේක දැකපු ගුරු ගෙදරට යන්න ආව #නිදි_කුම්බි කුමාරිට යි #නයිල්_කුමාරිටයි හරි කේන්තියිලු. ඇයි ඉතින් එයාලගේ  අතේ තිබ්බ ලබු කැටවලින් මේ කුමාරයා වතුර ඉල්ලුවේ නෑනේ.කේන්ති ගිය නිදිකුම්බිගෙ කකුල ලෙවකන්න ආව #පිස්සු_පූසා ටත් පයින් ගැහුවලු ඈතට විසිවෙන්න. මේ දෙන්නා දිහා බලලා සරදම් හිනාවක් දාපු #ඩයනා_කුමරිය යි #කේටි_කුමරිය යි ඊලඟට ආව අස්ස කරත්තේ නැගලා ගුරු ගෙදරට ගියාලු.

ඔහොම ඉතින් හැමදාම වගේ රාජකුමාරයා මේ සඳගලතැන්නෙ කුමාරිහාමිට සරදමක් එහෙම කරලා යන්න ගියාලු. ඉතින් මෙයත් හිතුවලු රාජකුමාරයා මට ප්‍රිය නිසායි මෙහෙම කොලොප්පන් කරන්නේ කියලා.එහෙම හිතලා මෙයත් හැමදාම උදේම වතුර ගේන්න වෙනදාටත් වැඩිය හැඩ වැඩ වෙලා ආවලු. ඔහොම ටික දවසක් ගෙවුනලු. දවසක් හවස් යාමේ සඳගලතැන්නේ කුමාරිහාමි ගං තෙරට ගියාලු. එදා එයා දැක්කලු කේටි ක්මරියව අස්සයා පිටින් තියාගෙන යන රාජ කුමාරයාව. මෙයාට හරියට දුක හිතුනලු.

ගග අද්දර තිබ්බ කුඹුක් ගහ යටට වෙලා මෙයා හිතේ දුක කිය කිය ඇඬුවලු.මෙයාගේ කඳුලු කුඹුක් මුල් දිගේ ලිස්සලා ගිහින් ගඟටත් එකතු උනාලු. එයා හිතාගත්තලු නැවත් කිසි දවසක වතුර ගේන්න උදෑසන නොයන්නත් රාජ කුමාරයාව මුණ නොගැසෙන්නත්. ඔහොම ටික දවසක් ගියාලු. නයිල් කුමරියටයි නිදි කුම්බි කුමරියටයි හරි සතුටුලු මේ කෙල්ල එන්නෙ නැති එකට. දවසක් උදෑසන රජ කුමාරයා මාලිගාවෙන් පිට වෙන දර්ශණය අහසින් ගිය #වාචාල_පිකාසෝ කියන පිශාචයා දැක්කලු.

ටු බී කන්ටිනියුඩ්ලු..........
--------------------
දෙවනි කොටස අවසන්ලු. තෙවනි කොටසත් අරන් එන්නම්ලු.පුරුද්දට කතා ලියනවා මිසක් මේ දවස්වල හිතේ සතුටක් නම් නෑලු.ඒ නිසා අඩුපාඩු ගනන් ගන්න එපාලු
පලවෙනි කොටස කියවන්න මෙතන ඔබන්නලු
https://www.facebook.com/photo.php?fbid=436963343075854&set=a.432305810208274.1073741828.432216760217179 නම වෙනස් කල රජකුමරුට පෙම් බැඳි ගමේ කෙල්ල සඳගලතැන්න කුමාරිහාමි

ඔන්න ඉතින් සඳගලතැන්න කුමාරිහාමි ගාවට අස්සයා පිටින් බැහැලා ආව මේ නම වෙනස් කල රාජකුමාරයා පැන් කලේ අතේ තුයන් හිටිය එයාගෙන් වතුර ටිකක් ඉල්ලුවලු. මොහොතක් තුෂ්ණිම්භූත උනු කුමාරිහාමි කලෙන් වතුර දුන්නලු. මේක දැකපු ගුරු ගෙදරට යන්න ආව #නිදි_කුම්බි කුමාරිට යි #නයිල්_කුමාරිටයි හරි කේන්තියිලු. ඇයි ඉතින් එයාලගේ අතේ තිබ්බ ලබු කැටවලින් මේ කුමාරයා වතුර ඉල්ලුවේ නෑනේ.කේන්ති ගිය නිදිකුම්බිගෙ කකුල ලෙවකන්න ආව #පිස්සු_පූසා ටත් පයින් ගැහුවලු ඈතට විසිවෙන්න. මේ දෙන්නා දිහා බලලා සරදම් හිනාවක් දාපු #ඩයනා_කුමරිය යි #කේටි_කුමරිය යි ඊලඟට ආව අස්ස කරත්තේ නැගලා ගුරු ගෙදරට ගියාලු.

ඔහොම ඉතින් හැමදාම වගේ රාජකුමාරයා මේ සඳගලතැන්නෙ කුමාරිහාමිට සරදමක් එහෙම කරලා යන්න ගියාලු. ඉතින් මෙයත් හිතුවලු රාජකුමාරයා මට ප්‍රිය නිසායි මෙහෙම කොලොප්පන් කරන්නේ කියලා.එහෙම හිතලා මෙයත් හැමදාම උදේම වතුර ගේන්න වෙනදාටත් වැඩිය හැඩ වැඩ වෙලා ආවලු. ඔහොම ටික දවසක් ගෙවුනලු. දවසක් හවස් යාමේ සඳගලතැන්නේ කුමාරිහාමි ගං තෙරට ගියාලු. එදා එයා දැක්කලු කේටි ක්මරියව අස්සයා පිටින් තියාගෙන යන රාජ කුමාරයාව. මෙයාට හරියට දුක හිතුනලු.

ගග අද්දර තිබ්බ කුඹුක් ගහ යටට වෙලා මෙයා හිතේ දුක කිය කිය ඇඬුවලු.මෙයාගේ කඳුලු කුඹුක් මුල් දිගේ ලිස්සලා ගිහින් ගඟටත් එකතු උනාලු. එයා හිතාගත්තලු නැවත් කිසි දවසක වතුර ගේන්න උදෑසන නොයන්නත් රාජ කුමාරයාව මුණ නොගැසෙන්නත්. ඔහොම ටික දවසක් ගියාලු. නයිල් කුමරියටයි නිදි කුම්බි කුමරියටයි හරි සතුටුලු මේ කෙල්ල එන්නෙ නැති එකට. දවසක් උදෑසන රජ කුමාරයා මාලිගාවෙන් පිට වෙන දර්ශණය අහසින් ගිය #වාචාල_පිකාසෝ කියන පිශාචයා දැක්කලු.
ටු බී කන්ටිනියුඩ්ලු..........
--------------------
දෙවනි කොටස අවසන්ලු. තෙවනි කොටසත් අරන් එන්නම්ලු.පුරුද්දට කතා ලියනවා මිසක් මේ දවස්වල හිතේ සතුටක් නම් නෑලු.ඒ නිසා අඩුපාඩු ගනන් ගන්න එපාලු
 
Sunday, November 17, 2013

සුරංගනා කතාව 03 -පලමුකොටස
------------------------------------
නම වෙනස් කල රජකුමරුට පෙම් බැඳි ගමේ කෙල්ල සඳගලතැන්න කුමාරිහාමි
==================================

ඔන්න ඉතින් මුහුදෙන් එහා ලස්සන එකෝමත් එක රටක් තිබ්බලු.මේ රටේ එකෝමත් එක කාලෙක වෙච්ච කතාවක්ලු මේ කියන්න යන්නේ. ඒ රටේ කඳුකරේට වෙන්නලු අගනුවර පිහිටලා තිබ්බේ. ගංගා දිය ඇලි ඇල දොල පිරිලා හරි ලස්සනයිලු.මේ රටේ රජ්ජුරුවෝ උනේ #ජිංජි_පොරෝරා රජතුමාලු. එයා සාමකාමි ගුණයහපත් රජ කෙනෙක්ලු.මේ රජ්ජුරුවන්ගේ බිසව උනේ #පබා_නංගි ලු. මේ දෙන්නා සාමයෙන් රට පාලනය කලාලු.මුහුදෙන් එහා තිබ්බ නිසා රටට විදේශ ආක්‍රමණ එහෙම නෑලු. මේ රජ යුවලට පුත් කුමාරයෙක් හිටියලු. මෙයාට හැමෝම ආදරෙයිලු. ඒ නිසා එක එක නම් කියනවලු. අම්මටයි තාත්තයි මෙයාගෙ නම වෙනස් කරලා එපා වෙලාලු. ඒ නිසා එයාට නම තිබ්බලු #නම වෙනස් කලෙමි රාජ කුමාරයා කියලා. මෙයා ඉගෙන ගන්න යන්නේ ගුරු ගෙදරටලු.

කාලෙකට ඉස්සර #ලෝක_අවසානය ගුරුන්නානේ මැරුණ නිසා දැන් ගුරු ගෙදර උගන්වන දේවල් කරන්නේ එයාගේ බිරින්දෑලු. එයා හරි දක්ෂයිලු. #අප්සරා ගුරුමාතාව කීවාම ඕනේ කෙනෙක් දන්නවලු.ඉතින් මේ ගුරු ගෙදරට රටේ ඉන්න ඉහලම පැලැන්තියේ අය ආවලු. #උඩරට_ඉදි_ඇටයා සිටුවරයගේ දුව වෙච්චි #නිදි_කුම්බි , #ගරු_ඇමතිතුමා ගේ දියණිය උනු #කේටි_කුමරිය , අගනුවර පුරෝහිත වෙන #චානක_මධුරංග ගෙ දියණිය වෙන #ඩයනා_කුමරිය එහෙමත් ආවේ ගුරු ගෙදරටලු. තව එක්කෙනෙක් ආවාලු ඒ තමා #දෙවෙන්දොර_සං ගේයි #අහිංසක සමනලීගෙයි දෝණිය උනු #නයිල් කුමරියත් ආවේ ගුරු ගෙදරටමලු. ඉතින් මේ හතර දෙනා ඇතුලුව තව ගොඩක් අය ගුරු ගෙදරින් ඉගෙන ගත්තලු.

රජකුමාරයා අස්සයාගේ පිටින් එනකොට කුමාරිකාවෝ ටික හැමදාම #අස්ස_කරත්තෙ එනකන් අස්ස් හෝල්ට් එකේ ඉන්නවලු. ඔය යන එන ගමන් මේ ලස්සන කුමාරිකාවෝ ටිකට හිනාවකින් එහෙම සංග්‍රහ කරලලු යන්නේ. ඔතනින් හැමදාම වතුර අරන් යන්න ගමේ ඉන්න දුප්පත් කෙල්ලක් එනවලු. අස්සයා පිටින් යන මේ කුමාරයා දැක්කම එයාට හරි ආදරේ හිතෙනවලු. ඒත් ඉතින් ගමේ දුප්පත් ගොවි ගෙදරක කෙල්ලක් උනු මේ #සඳගලතැන්නේ_කුමාරිහාමිට ඒ ගැන හිතුවත් වැඩක් නෑලු.කුමාරිකාවෝ තරම් ලස්සන නූනත මෙයාට දිග කොණ්ඩයක් තියෙනවලු. දිග කොණ්ඩේ දකින නයිල් ටයි නිදි කුම්බිටයි හරිම ඉරිසියයිලු. මේ දෙන්නා කුමාරිහාමිට එක එක එව්වා කියනවලු.කොන්ගේ ගස්සනවලු.කොනිත්තනවලු.

දවසක් ඔහොම උදේ රාජකුමරයා අස්සයා පිටින් ගුරු ගෙදරට යන ගමන් අස්සයාව නවත්තලා සඳගලතැන්නේ කුමාරිහාමි ගාවට ආවලු.වතුර කලෙත් අතේ තියන් ඉන්න මෙයාට බය හිතුනලු. අනික් කුමාරිකාවෝ ටිකත් බලාගෙන ඉන්නවලු

ටු බී කන්ටිනියුඩ්ලු.........
=================================
පලවෙනි කොටස අවසන්ලු. දෙවනි කොටසෙන් හෙට එන්නම්ලු. අදහස් කියන්නලු. නැත්තන් මඩ ගහනවලු :3------------------------------------

පලවෙනි කොටස අවසන්ලු. දෙවනි කොටසෙන් හෙට එන්නම්ලු. අදහස් කියන්නලු. නැත්තන් මඩ ගහනවලු
 
Tuesday, November 12, 2013

ඔන්න ඉතින් මේ #නයිල් දියකිඳුරිය මුහුදට පැන්නට පස්සේ ඒ දිහා ශෝකයෙන් බලන් හිටිය #හයිලෑන්ඩර් කොල්ලා තමන්ගේ කුඩා යාත්‍රාවත් හෙමින් දියත් කරගෙන ලංකාව පැත්තට එන්න ගත්තලු.ඔහොම ටික ටික එද්දි මෙයා ඈතට දැක්කලු ලස්සනට ලංකාව පේනවා.මෙයාගේ සතුට නිම් හිම් නෑලු.මෙයාට #මාරයා යාලුවාවත් මතක් උනාලු.යාලුවා ගැන දුක හිතුනලු.දවස් 2-3කින් කෑමක් බීමක් නැති නිසා ශරීරයට දැඩි වෙහෙසක් දැනුනලු. අව් රශ්මිය වැඩිකමට මෙයාට නොදැනිම් නින්ද ගියාලු.

මෙයා අවදි වෙනකොට හිටියේ ගොඩ බිමේලු.ඈත මුහුදේ පාවේ මේ යාත්‍රාව දැකපු වෙරලාරක්ෂක හමුදාව මෙයාව ගෙඩබිමට ගෙනත් බේරගත්තලු.ඉතින් මෙයාව #Batta_putha කියන වෙරලාරක්ෂක ප්‍රධානියා විසින් ප්‍රශ්න කලාලු. හයිලෑන්ඩර්ටත් තමන්ගේ අනන්‍යතාවය ඔප්පු කරගන්න විදිහක් තිබ්බේ නෑලු.ඒ නිසා එයාව සිරභාරයට ගන්න අණකලාලු. තමන් ගැන වගේම යාලුවා ගැනත් බොහොම දුක හිතුනලු මෙයාට.

හයිලෑන්ඩර් ගැන බොහොම කල්පනා කරපු ලංකාවේ නිලදාරින් වහාම මෙයා තමිල්නාඩුවට පිටුවහල් කරන්න තීරණය කලාලු.තමිල්නාඩුවෙ ජයලලිතා කියන නැන්දා ගාව ටික කාලයක් හිටිය හයිලෑන්ඩර්ගෙ අයහපත් ක්‍රියාකලාපය නිසා නැවතත් තමිල්නාඩුවෙන් අන්දමන්ද දූපත් වලට පිටුවහල් කලාලු. මේ අන්දමන්ද දූපත් වලලු අර මිනී කන ගෝත්‍රයත් හිටියේ.
තමිල්නාඩු නැවෙන් දූපතට ගෙනත් දාපු හයිලෑන්ඩර් ව පිලිගත්ත #ලොක_සනියා නායකයා මෙයාට තමන්ගේ දුවණිය උන ලපටි සුද එහෙම නැත්තන් ඉස්සර කීව විදිහට #යොහාන්_තක්ෂිල ව කරකාර බන්දලා දුන්නලු. #චානක_මධුරංග පූජකතුමාලු මේ මංගල්ලෙට ආශිර්වාද කලේ.එයාටත් හරි සතුටුයිලු.ඇයි ඉතින් හේතුව දන්නවනේ නේද හ්ම්ම්.. හ්ම්ම්ම්ම්.. ඉතින් මෙහෙම ටික කාලයක් ගිහින් #ලපටි_සුදා ට හයිලෑන්ඩර්ට දාව දරුවෙක් උපන්නලු. එයාට තමන්ගේ යාලුවා මතක් වෙන්න කියලා මේ හයිලෑන්ඩර් මාර පුත්‍ර කියලා නම තිබ්බලු. ඊට පස්සේ ගෝත්‍රයේ නායකයා වෙච්චි හයිලෑන්ඩර් දූපත පාලනය කලාලු

ඊට පස්සේ හැමෝම සතුටින් හිටියලු
***********************
අදහස් උදහස් වටිනවලු ඒ නිසා හිතේ තියන දේ කියන්නලු. හැමදාම මෙහෙම පච කතාවක් ලියන එකත් ලේසි නෑලු
=================================
කතාව අදට අවසන්ලු.හෙට අලුත් එකක් අරන් එන්නම්ලු.
 
ඔන්න ඉතින් මේ කුප්ප #චානක_මධුරංග දිවා රෑ නොබලා කල්පනා කරාට පස්සේ හොඳ අදහසක් ආවලු.යාලුවෝ දෙන්නා ඉන්න සිරකුටියට ගියාලු.මේ යාලුවෝ දෙන්නා වෙන වෙනමලු සිරගත කලේ. ඉතින් මේ පූජක චානක මධුරංග මුලින්ම හයිලෑන්ඩර් හමුවෙලා දූපතෙන් පිටවෙන්න අවස්ථාව ලබා දිය හැකි බවත් ඒ සඳහා අල්ලසක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියලු.ශිෂ්ට සමාජය අනුමත නොකරන නමුත් දූපතෙන් ගැලවී යාමට විකල්පයක් නැති නිසා හයිලෑන්ඩර් කැමති උනාලු.ඒත් #මාරයා නම් තමන්ගේ ආත්මගරුත්වය පාවා දෙන්න කොහෙත්ම අකමැති උනාලු.පූජකවරයගෙ ඉල්ලීම සන්සිදවපු හයිලෑන්ඩර් දූපතෙන් ඉක්මනින්ම පිට උනාලු.

#ලොකු_සනියා නායකයට හරිම කේන්තියිලු එක්කෙනෙක් පැනලා ගිය එකට.ඒත් මාරයාට හරි තමන්ගේ දුවව විවාහ කරදෙනවා කියලා හිතුව ලොකු සනියා මාරයාට ඒ අදහස ඉදිරිපත් කලාලු. ඒත් #ළපටි_සුදා වැන්නියක් විවාහ කරගන්න කොහෙත්ම අකමැතිඋනු මාරයාට සිදු උනේ ඔවුන් අතින් මැරුම් කා පරලොව යන්නලු. මේ අතරේ තමන්ගේ හොඳම යාලුවත් දාලා දූපතෙන් පැනලා ගිය හයිලෑන්ඩර් මේ වෙනකොට දූපතෙන් ගොඩක් ඈතට ගිහින්ලු.
තෙරක් නොපෙනෙන මහ මුහුදේ මාරයා නැතිව හයිලෑන්ඩර් කොල්ලට පාර හොයාගන්න අමාරුයිලු.ඉතින් මෙහෙම යාත්‍රා කරනකොට දැක්කලු ඈත ගල් පරයක් තියෙනවා. හෙමින් හෙමින් එතනට කිට්ටු කරපු එයා දැක්කේ ලස්සන දර්ශනයක්ලු. #නයිල් කියන දිය කිඳුරිය මුහුද මැද තියෙන ගල් පරේට වෙලා හඳ එලිය දිහා බල බල හිට්යලු.මේ රූමත් දිය කිඳුරිය දැකපු හයිලෑන්ඩර්ට තමන්ගෙ ගමන්ත් අමතක උනාලු. යන්තම් සිහි එලවගත්ත එයා දිය කිඳුරිගෙන් පාර ඇහුවලු. දිය කිඳුරිත් ලංකාව තියෙන දිහා අත දික්කරලා පෙන්නලා ආඩම්බරෙන් මුහුදට පැන්නලු

ටු බී කන්ටිනියුඩ්ලු..........

---------------------------------------------------------------
කතාවේ තෙවනි කොටස අවසන්ලු. මේ කතාවෙන් අවසන් කොටස අරන් හෙට එන්නම්ලු.
 
===================================

ඔන්න ඉතින් මේ #හයිලෑන්ඩර් කොල්ලයි #මාරයයි දෙන්නා ගමන් කල යාත්‍රාව දිහාට වේගෙන එන මේ කොල්ලකාර නැව දැක්කලු.ඉතින් බය උනු මේ දෙන්නා වේගයෙන් හබල් ගාන්න පටන් ගත්තලු.නැවේ හිටිය #පිස්සු_පුසා කප්පිත්තයි #රේ_දි_ මැජිකලුයි දෙන්නත් මේ කුඩා තෙප්පම දැක්කලු. ඉතින් එයාලා හිතුව්ලු ගොඩබිමක් ලඟ ඇති ඒක තමා මේ ඔරුකාරයෝ යන්නේ කියලා සතුටු උනාලු. ඉතින් ඉක්මනට තමන් ඉන්නේ කොයි හරියෙද අහගන්න හයිලෑන්ඩර්ලා ඉන්න කිට්ටුවට ගියාලු. ඉතින් ඔන්න මේ කොල්ල කාරයෝ දෙන්නා මෙයාලගෙන් ඇහුවලු මේ කොයි ගොඩබිම කිට්ටුවද කියලා. ඒත් ඕස්ට්‍රේලියාවෙන් ආපු මේ දෙන්නට ඒ පිලිබඳව අවබෝධයක් තිබුණේ නෑලු. ඒ නිසා මොකුත් කීවේ නෑලු. තරහ ගිය රේ දි මැජිකල් මිස්ටීරියෝ මේ යාලුවෝ දෙන්නගෙ තෙප්පම ගිල්ලවලා දැම්මලු. ඉතින් මේ දෙන්නා කොට කෑල්ලක් අල්ලගෙන පීන පීන මුහුදට වෙලා ඉන්නවලු. කන්න කෑමත් නෑලු.

ඉතින් ඔහොම පාවෙවි ඉන්නකොට අසලින් ගිය ඩොල්පින් රන්චුවක් මේ දෙන්නව දැක්කලු. දැකලා දුක හිතුන ඩොල්පින්ලා කුසගින්නේ ඉන්න මේ යාලුවෝ දෙන්නව පිටේ තියාගෙන දුර ඈත මානයේ පේන්න තිබ්බ දූපතකට ගිහින් දැම්මලු.මේ දූපත මහ බයානක මිනී කන ගෝත්‍රිකයෝ ඉන්න දූපතක්ලු, මේ යාලුවෝ දෙන්නා මේක දන්නේ නෑලු. මේ දූපතේ නායකයා උනේ #ලොකු_සනියා ලු. දූපතේ හක්කලං කරන්න ආව ගෝත්‍රිකයෝ දෙන්නෙක් මේ දෙන්නව දැක්කලු. හොඳ රස කෑමක් ලැබුනු නිසා සතුටු උනු මේ ගෝත්‍රිකයෝ වහාම තමන්ගේ නායකයා ගාවට මේ සුදු ජාතියයෝ දෙන්නව අරන් ගියාලු.

සුදු ඕස්ට්‍රේලියානු ජාතියකයෝ දෙන්නව දැකපු ගෝත්‍රික නායක ලොකු සනියට ගෝත්‍රයේ අනාවැකියක් මතක් උනාලු.අනාවැකිය තමයිලු ඈත රටකින් එන සුදු ජාතිකයෙක් තමන්ගෙ දූ කුමාරිව විවාහ කරගෙන ගෝත්‍රයේ නායකයා වෙනවා කියන එක. ඉතින් ඒ නිසා හයිලෑන්ඩර්ටයි මාරයාටයි කෑම එහෙම දීලා කූඩු කරන්න කියලා අණ කලාලු.ඊට පස්සේ එයාගේ දූ කුමාරි වෙන #ළපටි_සුදා ව සරසවන්න අණ කලාලු. ලොකු සනියට හරි සතුටුයිලු.ඒ පුතෙක් වෙලා ඉපදුනු ළපටි සුදා පස්සෙ දුවක් විදිහට හැරුණ එකටයි සුදු ජාතිකයෝ දෙන්නෙක් තමන්ගේ දූපතට ආව එක ගැනයිලු.

ළපටි සුදාටත් හරි ආඩම්බරයිලු.ඉතින් මේ ගෝත්‍රයේ පූජකයා උනේ #චානක_මධුරංග ලු. මෙයා හරි කුප්ප පූජකයෙලු.ඉතින් මෙයා යන මගක කොල්ලෙක්, බල්ලෙක්. එලුවෙක්, මුවෙක්, හාවෙක් එහෙම ඉන්නේ නෑලු. මෙයා ඒ තරම්ම දරුණුයිලු. ඉන්න දෙන්නම නෑලු.හිරකරලා ඉන්න සුදු ජාතික හයිලෑන්ඩර් සහ මාරයා දැක්කාම මෙයාට පුදුම සිතුවිල්ලක් පහල උනාලු.ඉතින් එයාගේ කුටියට ගිහින් මෙයා උපායක් කල්පනා කලාලු කොහොමද තමන්ගේ අභිමතය ඉෂ්ට කරගන්නේ කියලා.
--------------------------------------------------------------
ටු බී කන්ටිනියුඩ්ලු
==================================
දෙවනි කොටස අවසන්ලු. තෙවනි කොටසින් හමුවෙන්නම්ලු.

Monday, November 11, 2013

-------------------------------------------------------------
" ඕස්ට්‍රේලියාවේ සිට තෙප්පමෙන් ලංකාවට ආ හයිලෑන්ඩර් කොල්ලා "
=================================

ඔන්න දුවේ පුතේ එකමත් එක රටක් තිබ්බලු ඕස්ට්‍රේලියාව කියලා. මේ රටේ රජ කෙරුවේ #ලෝක_අවසානය කියන නායකයලු. මෙයා මහ දරුණු නායකයෙක්ලු. එයාගේ කාලේ ජීවත් වෙන්න අමාරුයිලු. එක එක කැරලි ආවලු. ඕස්ට්‍රේලියානු ජනතා විමුක්ති පෙරමුණ කියලා කැරලි කණ්ඩායමකින් ලොකු උද්ගෝෂණයක් කලාලු.ඉතින් ඕකට ආව අයට අස්ස කරත්ත රෝද උඩ දාලා ගිනි එහෙමත් තිබ්බලු. ඉතින් ඒ රටේ අයට කරන්න දෙයක් තිබ්බේ නෑලු.රාජපුරුෂයෝ හැමතැනමලු. මේ රටේ හිටියලු යාලුවෝ දෙන්නෙක්. මේ දෙන්නා හොඳම යාලුවෝ විදිහටලු හිටියේ. එක්කෙනෙක් ගේ නම #උඹේ_මාරයා ලු. අනික් කෙනා #හයිලෑන්ඩර්_කොල්ල ලු. ඉතින් මෙහෙම ඉන්නකොට මෙයාලට තැරැව්කාරයෙක් හම්බුනාලු #ජිංජි_පොරෝරා කියලා.

මේ ජින්ජිගේ රස්සාව තමයිලු එක එක රටවල් වලට මිනිස්සු යවන එක. දවසක් මෙයාට හයිලෑන්ඩර් කොල්ලව හම්බුනාලු. ඉතින් එයා ලංකාව කියන මුතු මැණික් පිරුණ පොහොසත් රට ගැන කියලා මෙයාව වශී කරගත්තලු. ලංකාවේ විස්තර අහපු මෙයාට හොරෙන් හරි ලංකාවට යන්න හිතුවලු.ඉතින් මේ හයිලෑන්ඩර් තමන්ගේ යාලුවාටත් මේ බව කීවලු ගිහින්. එයේත් එක පයින්ම කැමති උනාලු. ඉතින් මේ තැරැව්කරුටත් මුදල් ගෙවලා #වාචාල_පිකාසෝ කියන මාළු වෙලෙන්දගෙන් කුලියට ගත්ත තෙප්පමකින් ලංකාව බලා එන්න ඕස්ට්‍රේලියාවේ පර්ත් වරායෙන් පිටත් උනාලු.

හයිලෑන්ඩර්ගේ යාලුවා වෙන මාරයා දක්ෂ කෙනෙක්ලු. එයාට සිතියම් බලාගෙන තරු බලාගෙන මුහුදෙ යාත්‍රා කරන්න පුලුවන් කෙනෙක්ලු. ඉතින් කෑම බීම හිඟ වෙනකොට පොඩි දූපතකට ගිහින් අවශ්‍යතා සපුර ගන්නත් ආපසු ගමන් කරන්නත් මේ දෙන්නා පෙඹුනාලු.මෙහෙම රෑ දවල් ගෙවිලා ටික දවසක් ගතවුනාලු.ගමනෙන් බාගයක් විතර ඇවිත්ලු. කිසිම ආපදාවක් නොවී මේ දෙන්නා මෙතෙක් දුර ආව එක ගැන හරි සතුටුයිලු.
ඔන්න ඉතින් ඔය අතරේ ඉතියෝපියාවේ මුහුදු කොල්ලකරුවෙක් උනු #පිස්සු_පූසයි එයාගේ සගයා උනු #රේ_දි_මැජිකල්_මිස්ටීරියෝ යි එයලගෙ නැව කුණාටුවකට අහුවෙලා ඉන්දියන් සාගරේ නැගෙනහිර දිශාවට ගසාගෙන ආවලු. නැව් කප්පිත්තා උනු පිස්සු පූසටවත් හරියට හිතාගන්න බැරි උනාලු තමන් මේ ඉන්නේ කොහෙද කියලා.ඉතින් ඔය අතරේ මුහුද නිරීක්ෂණය කරපු රේ දි මැජිකල් දැක්කලු ඈත කුඩා තිතක් වගේ යමක් තමන්ගේ දිසාවට වේගෙන් එනවා. කුඩා යාත්‍රාවේ හිටිය අතිජාත මිතුරෝ දෙන්නත් දැක්කලු ඈත මුහුදේ තමන්ගේ දිසාවට යමක් පාවෙගෙන එන බවක්.
--------------------------------------------------------------

ටු බී කන්ටිනියුඩ්ලු
=================================
පලවෙනි කොටස අවසන්ලු. දෙවනි කොටසින් හමුවෙන්නම්ලු. එතෙක් ඉවසන්නලු. කියවලා හොඳ නරක කියන්නලු.
 
Related Posts Plugin for WordPress, Blogger...