නැතිවූ මාලය සොයා දෙව්ලොවින් පොලවට ආ නිදි දෙව්දුවගේ කතාව
ඔන්න ඉතින් #අහිංසක කටාරා මන්තර ආච්චි #සඳගලතැන්න
කුමාරිහාමි ඉන්න දූපතට ගියාලු.මේ දූපතේ කුමාරිහාමි ඉන්න ගම්පලාතත්
හොයාගත්තලු. හොයාගත්තත් එක පරටම ගේන්න බෑනේ ඉතින්. ඒ නිසා මෙයා උපායක්
කල්පනා කලාලු සඳාව එක්ක යන්න. මේ කටාරා මන්තරකාරි දැක්කලු සඳා හැමදාම
තාත්තට පොලට ගෙනියන්න බිම්මල් කඩන්න උදේ පාන්දරම කැලේට යනවා. ඉතින් මෙයා
සඳා ලඟට කිට්ටු කලාලු. පොඩ්ඩක් කතා කරලා හිතවත් උනාලු.දවසක් සඳාව උදේ
හොයාගෙන කැලේට ආව මේ නපුරු මන්තරකාරි සඳාට බොන්න කිරි දුන්නලු. ඒවට සිහි
නැතිවෙන විෂක් කලවම් කරලලු තිබ්බේ. කිරි වලට ආසාවෙන් ඒවා බිව්ව සඳගලතැන්න
එතනම් සිහි නැතුව වැටුනලු. සතුටු උනු මන්තරකාරි එයාවත් එක්කගෙන මන්තර
කොස්සෙම නැගලා තමන්ගේ භවනට ගියාලු
මන්තරකාරි යනකොටත් #නිදි කුමාරි නිදිලු. #වියරු බෝනික්කි #ඔඩ්ඩි මස්සිනා කියන රාක්ස පැටියත් එක්ක සෙල්ලන් කරනවලු.මන්තරකාරි ආවට පස්සේ දෙන්නම් සෙල්ලම නවත්තලා ආවලු.දෙන්නට වැඩ එහෙම පවරලා ආයෙමත් #අභිරහස්
දෙවඟන හමුවෙන්න මේ මන්තරකාරි ගියාලු. ඉතින් මේ දෙවඟන කීවලු මාලය ලබා
ගැනීමට අවශ්‍ය නම් සඳගලතැන්නගේ ගෙල කපා ඒ රුධිරයෙන් මාලය සෝදන්න කියලා. ඒ
සඳහා සඳ නැති අඳුරු රැයක් යොදාගන්න කීවලු. සාවධානව අසා සිටි මේ මන්තරකාරි
තමන්ගේ අදහස ක්‍රියාත්මක කරන්න අවැසි කාලය එලඹෙනතුරු සිටියලු. එතෙක්
සඳගලතැන්න කුමාරිහාමි සිරකර තබන්නත් ආරක්ෂාවට ඔඩ්ඩි මස්සිනාවත් යෙදෙව්වලු.
ඔන්න
ඉතින් මේ මන්තරකාරි පුල පුලා බලාසිටි දිනය උදා උනාලු. ඒදින සඳ මැදියම් වෙන
රාත්‍රියේ සඳගලතැන්නේගේ විලාප හඬ මධ්‍යයේ එයාගේ ගෙල තියුණු සැතකින් කපලා
රුධිරය එක්කාසු කරගත්තලු. මේ ඔක්කොම කලේ වියරු බෝනික්කිලු. එයා හරි
සතුටින්ලු කලේ. මේ සියල්ලෙන් පස්සේ එයාගේ ආහාරය වෙන්නේ සඳා නිසාලු. ඉතින්
ප්‍රවෙසමෙන් එකතුකරත් රුධිරයෙන් නිදිකුම්බිගේ මාලය තෙමුවලු. ඊට පස්සේ බොහොම
මේ නපුරු මන්තරකාරි නිදි කුම්බිගෙ ගෙලෙන් මාලය ගලව ගත්තලු. ගලවනවත් එක්කම
නිදි කුම්බි මියෑදුනලු.එයා මියෑදිලා දෙව්ලොව ඉපදුනාලු.
මේ
අතරේ සුබ මොහොතින් මාලය කරපලඳගත්ත අහින්සක කටාරා මන්තරකාරි මහලු පෙනුම
වෙන්ස් වෙලා ඉතාමත් තරුණ රූමත් කාන්තාවක් බවට හැරුනලු.කැඩපතින් මූන බැලුවාම
එයාට අඳුනගන්නත් බැරි උනාලු. ඒ තරම්ම රූමත් වෙලාලු. ඉතින් එයා හිතුවලු
අභිරහස් දෙවඟන වෙනුවෙන් බිලිපූජාව ලබාදෙන්න. එය තුන් මසක් ඇතුලත ලබා දිය
යුතු උනාලු. මේ නිසා මායා බලයෙන් ඔඩ්ඩි මස්සිනාව දැකුම්කලු අස්සයෙක් බවට
හැරෙව්වලු. අස්සයා පිට නැගුනු මේ අහින්සක කටාරා මන්තරකාරි රටේ රජු වෙන #ලොකු_සනියා
ගේ මාලිගාවට යන්න පිටත් උනාලු. මේ අතරේ නින්දෙන්ම දෙවඟනක් උනු නිදි කුම්බි
එයාට උන දේ සිහි කලාලු. ඒ අතරේ එයා දැක්කලු තමන්ගේ මාලය හිමිකරගත්
මන්තරකාරියව.
--------------------------------------------------------------
ටු බී කන්ටිනියුඩ්ලු
-------------------------------------------------------------
අද කොටස අවසන්ලු. තුන්වෙනි කොටස අරන් එන්නම්ලු. කියවල අදහස් ලියලා යන්නලු
Posted in ලියපු කතා
සුරංගනා කතාව 11- දෙවන කොටස