නැතිවූ මාලය සොයා දෙව්ලොවින් පොලවට ආ නිදි දෙව්දුවගේ කතාව
එක
මත් එක කාලෙක එකමත් එක ලස්සන රටක මීට ගොඩාක් කාලෙකට ඉස්සර තනි උනු පුංචි
කුමාරිකාවක් උන්නලු. මෙයාට වැඩිපුරම ඉන්නේ නිදාගෙනලු. ඉතින් ඒ නිසා හැමෝම
මෙයාව හැඳින්නුවේ #නිදි_කුම්බි
කුමාරි කියලලු. මේ නිදි කුමාරිට පරම්පරාවෙන් උරුම වෙලා තිබ්බලු වටිනා
මාලයක්. මේ මාලය පලඳවගෙන ඉන්න කෙනා තරුණ වෙනවලු රූමත් වෙනවලු.වයසට යන්නෙත්
නෑලු.ඒ වගේම ලෙඩක් දුකක් හැදෙන්නෙත් නෑලු. මේ නිදි කුමාරිට සූටි කාලේ අමාරු
ලෙඩක් හැදුනලු. ලෙඩේ සුවකරගත්තේ මාලේ පලඳවලලු.නිදි ගේ පණ රැඳිලා තිබ්බේ
කරේ මාලේ තියෙනකම් විතරලු.එයාගේ අප්පච්චි වෙන #Dadallage
Indunil ලු මාලේ කර පැලැන්දුවේ. එදා ඉදන් මෙයාගේ කරේ මේ මාලේ තියෙනවලු.
ලමා කාලේම මාලේ කරේ දාපු නිසා කොච්චර වයස ගියත් මෙයා හැමදාම ලමයෙක් වගේ
ලස්සනයිලු.
ඔන්න දවසක් මේ මාලේ ගන්න ආසා හිතුනලු ඒ ගම්මානේ කිට්ටුව හිටිය නපුරු මන්තරකාරියක් වෙන #අහිංසක කටාරා. මෙයා අහිංසක පෙනුම්ක් තිබ්බට නපුරු වැඩමලු කලේ. දවසක් මෙයාගේ ගෙදරින් හොරෙන් කන්න ආව #පිස්සු පූසෙක්ව ගැරඬියෙක් කරලා කැලේට යැව්වලු.මේ නපුරු මන්තර කාරි අදහන්නේ #අභිරහස්
දෙවඟනලු. එයා පාතාල ලෝකෙට අධිපති දෙවඟනලු. ඉතින් ඒ නිසා මායාකාරි බලවත්ලු.
දවසක් මායා අඳුනෙන් ලෝකේ බලනකොට මෙයා දැක්කලු නිදි කුම්බිගේ කරේ තියෙන
බලවත් වටිනා මාලය ගැන.දැනගත්තලු. ඉතින් මේක තමන් සන්තක කරගන්න හිතුව මේ
මායාකාරි #අභිරහස් දෙවඟනගේ පිහිට පැතුවලු.ඉතින් එයා කීවලු මාලය අරගන්න උදව්
කරන්නම් ඒ වෙනුවට රටේ රජතුමාගේ අග බිසව වෙන #සිහින මුවැත්තියව බිල්ලට ඔනේ කියලා. ඊට පස්සේ කටාරා මායාකාරිට අග රැජින වෙන්නත් පුලුවන් කියලා උපදෙස් දුන්නලු.
රජවෙලා
මුලු ලෝකෙම මායාවෙන් පාලනය කරන්න මේ වයසක නපුරු මන්තරකාරිට තණ්හාවක් ඇති
උනාලු. ඉතින් දෙවඟනගේ උපදෙස් පරිදි මේ මන්තරකාරි එයාගේ සහයිකාව වෙන #වියරු_බෝනික්කිව
පිටත් කලාලු. එයා යනකොට නින්දෙන් පිබිදිලා හිටිය නිදි කුමාරි බඩගින්නේලු
හිටියේ.කන්න දෙයක් නැති නිසා අඹ ගෙඩියක් කකා හිටියලු. රස කෑම ගැන වර්ණනා
කෙරුව මේ වියරු බෝනික්කි නිදි කුම්බිව රවට්ටගෙන නපුරුමන්තර කාරි ගාවට
එක්කන් ආවලු.
කෑම එහෙම දුන්නු නිදි කුම්බි ආයෙත් නින්ද
වැටුවනු. ඒ අතරේ මාලය ගලවන්න උත්සහා කලත් මායාකාරිට ලේසි උනේ නෑලු.නිදි
කුම්බිත් ගෙදර යන්න උවමානවක් තිබුනේ නෑලු. බඩගිනි වුනාම ඇහැරලා කෑම කාලා
ආයෙම නිදාගන්නවලු. ඒ නිසා නැවතත් දෙවඟන හමුවෙන්න ගිහින් උපදෙස් ගත්තලු. එයා
කීවලු පරම්පරාවේ නොවන කෙනෙක්ට මාලය දරාගන්න නම් නිදි කුමාරිගේ ලේ නෑකමක්
තියෙන කෙනෙක්ගේ ලේ ටිකකින් මාලේ තෙත් කරන්න කියලා. ඉතින් මායා අඳුනෙන් නැවත
බැලුවාම එයාට පෙනුනලු ඈත රටක දූපතක #සඳගලතැන්න
කුමාරිහාමි කියලා කෙනෙක් ඉන්නවා කියලා. ඉතින් නිදි කුමාරි බලාගන්න වියරු
බෝනික්කිට පවරපු මේ කටාරා මන්තරකාරි එයාගේ මන්තර කොස්සේ නැගලා දූපතට
පියෑබුවලු.
===================================
ටු බී කන්ටිනියුඩ්ලු
===================================
අද කතාවට සමාදර දායත්වය සඳගලතැන්න පොල් රොටී නිශ්පාදකයෝලු. සොටී කන්න ආසා ආය එහෙ යන්නලු. ඇඩ් එක ඉවරලු
කතාව ගැන ගුණ දොස් කියන්නලු. එහෙනම් හෙටත් එන්නම්ලු
Posted in ලියපු කතා
සුරංගනා කතාව 11- පලමු කොටස