Wednesday, December 4, 2013

 රට බේරාගත් වීර කුමාරියෝ  

 

ඔන්න ඉතින් #කිඹුල් ධර්මේ සෙන්පතිතුමත් #ඩයනා කුමරියත් මාලිගාවේ නැතිවෙලාවේ #රිචඩ් නායකයගෙන් පයින්ඩයක් අරගෙන දූතයෙක් ආවලු. ඒකේ කියලා තිබුණේ රජතුමාගේ දූ කුමාරිකාවක් සරණපාවා ගන්න රිචඩ් නායකයා කැමතියි කියලලු. මේක අහපු #ඩප්පි ධර්මේ පුරෝහිතතුමා කොහොමත්ම කැමති උනේ නෑලු. මෙකේන් අනාගතේ ලොකු හානියක් මේ රාජ්‍යය වෙනවා කියලා එයාට දැනුනලු.ඒ නිසා ව ඉල්ලීම වහාම ප්‍රතික්ශේප කරන්න කියලා රජුට දැන්නුවලු. පුරෝහිතගේ කීම ඇමති මණ්ඩලෙත් අනුමත කලාලු. #සෑන් ෆිශර් රජතුමාගේ අකමැත්ත අහපු රිචඩ් නායකයාට බොහොම කේන්ති ගියාලු.ඒ නිසා එයා දේශසීමාවේ තිබුණු සෑම් රජුගේ රාජ්‍යට අයත් ගම් බිම් කොල්ල කන්න පටන් ගත්තලු. මේක රට වැසියන්ට මහත් හිසරදයක් උනාලු.


සෑම් රජුට පැමිණිලි කරත් පලක් නැති නිසා අගතියට පත් ගම්වාසින් පිරිසක්ගෙන් නායකයෙක් පත් කරගෙන මේ ප්‍රශ්නයට පිලියම් සොයන්න ලක ලෑස්ති උනාලු. ඉතින් එයාලා නායකයා විදිහට පත් කරගත්තේ #කලු_චීනා වලු. මෙයා සටන් ශිල්පයේ නිපුණ කනෙක්ලු.චීන අඩි එහෙම හොඳට පුලුවන්ලු.ඉතින් මෙයා නිසා රිචඩ් පාර්ශවයෙන් කරන කොල්ලකෑම් වලට එරහිව සටන් කරන්න අවට ගම්වැසියන්ට පුලුවන් උනාලු. ඉතින් මේක රිචඩ් නායකයට හිසරදයක් උනාලු. ඒ නිසා #අඩවියේ සෙන්පතිතුමාව කැඳවලා මේකට පිලියමක් යොදන්න කියලා රිචඩ් නායකයා නියෝග කලාලු. ඉතින් මේ නිසා කලුචීනා ව මරන්න අඩවියේ සෙන්පති කුඩා කණ්ඩායමක් රහසෙන් පිටත් කලාලු.
ඉතින් ඔය අතරේ ගමින් ගමට දක්ෂ සටන් කරුවන් සොයන්න ගිය කිඹුල් ධර්මේ සෙන්පත්ති ඩයනා කුමරියත් මේ කලු චීනා ඉන්න ගමට සේන්දු උනාලු. ගම්පතියෙක් උනු එයාගේ ගෙදර රෑ මේ දෙන්නා නවාතැන් ගත්තලු.එදා මැදියම් රැයේ කලු චීනා හොයාගෙන ආව අඩවියේ සෙන්පතිගේ සටන් කරුවන් කණ්ඩායම එයාගේ ගෙදර වැටලුවලු. රෑ ජාමේ මේ හදිසි පහර දීම නිසා එයාට තනියම මුහුන දෙන්න හැකියාවක් තිබුනේ නෑලු.ඊටත් වඩා අමුත්තන් රැකගන්න ඔනේ උනාලු. ඒත් වහාම ක්‍රියාත්මක උනු කිඹුල් ධර්මේ සෙන්පති තුමත් ඩයනා කුමරියත් කලූ චීනට එකතු වෙලා සටන් කලාලු. පහර දෙන්න ආව කණ්ඩායම සම්පූර්ණයෙන් විනාශ කරන්න හැකියාව ලැබුණලු. ඊට පසුව තමන් මේ රටේ සෙන්පති බවත් අනෙක් තැනැත්තිය රාජ්‍යයේ කුමාරිකාව බවත් කලුචීනට හඳුන්වලා දුන්නලු.ඒ වගේම එයාලා ආපු කාරණාවත් පැහැදිලි කලාලු.


බොහොම සතුටු උනු කලුචීනා පසුවදාම තමන්ගේ කණ්ඩායම සෙන්පතිතුමාට මුණගැස්සුවලු. ඒ වගේම රට බේරගන්න සටන් කරන්න ඒ අය ගොඩක් කැමති උනාලු.තරමක ලොකු කණ්ඩායමක් සිටින නිසාත් ඒ අය පුහුණු කලයුතු නිසාත් කිඹුල් ධර්මේ සෙන්පති තුමා ඒ ගමේ නතර උනාලු.ඩයනා කුමරියව රාජ්‍යයේ දකුණු දෙසට පිටත් කලාලු. මේ අතරේ තමන් පිටත් කල කණ්ඩායම ආපුසු නාව එක ගෙන අඩවියේ සෙන්පතිතුමා කණස්සල්ලෙන්ලු හිටියේ.ඒ නිසා එයා තවත් කණ්ඩායමක් යවන්න තීරණය කලාලු. ඔය අතරේ දකුණු දෙසට ගමන් කල ඩයනා කුමරිය කඳුකර වනාන්තරය මැදින් යන්න පටන් ගත්තලු.මේ වනයේ එක්තරා ගෝත්‍රයක් හිටියලු. එයාලට කිවේ කටාරා ගෝත්‍රය කියලලු.දරුණු සටන් කාමි ගෝත්‍රයක්ලු. කිසිම කෙනෙක් ඒ නිසා මේ මාර්ගන භාවිතා කලේ නෑලු. කිසිවක් නොදන්න තනිවම ගමන් ගන්නා මේ කුමරියගෙ ගමන් මග එක්වරම පිරිසක් හරස් කලාලු

--------------------------------------------------------------
ටුබී කන්ටිනියුඩ්ලු
--------------------------------------------------------------

 

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...