Wednesday, December 4, 2013

රට බේරාගත් වීර කුමාරියෝ  


ඔන්න ඉතින් #සෑම් රජුගේ රාජ්‍යට පහර දෙන්න දිනයක් රිචඩ් නායකයා නියම කලාලු. රිචඩ් ට බයක් නෑලු. ඇයි ඉතින් එයා සෑම් ගැන දන්නවනේ. යුද්දෙට යනවා තියා රෑට මාලිගාවේ ටොයිලට් එකට යන්නෙත් අග බිසව වෙන #කේටි එක්කලු. මේ නිසා නැවත වරක් රජ මාලිගාවට පණිවිඩයක් එව්වලු දූකුමාරියක් විවාහය දෙන්න කියලා. රිචඩ් ට ඔනේ උනේ යුද නොකරම රාජ්‍ය බලය අල්ල ගන්නලු.ඉතින් සෑම් රජතුමා #ෂෙහෙරාශාඩ් කුමරියව රිචඩ් ට පාවා දෙන්න සූදානම් උනාලු.ඒත් කුමරියන්ගෙත් අගබිසවගෙත් #කිඹුල් ධර්මේ සෙන්පතිගෙත් #පුරෝහිත ඩප්පි දර්මෙගෙත් බලවත් විරෝදතාවය නිසා ඒක වැලකුනාලු.

මේ නිසා කුපිත උනු #රිචඩ් නායකයා #අඩවියේ සෙන්පතිත් සේනාංකත් කැටුව සෑම්ගේ රටට පහර දෙන්න ආවලු.චරපුරුෂයන්ගේ මේ බව දැනගත් කිඹුල් දර්මේ සෙන්පති වහාම ක්‍රියාත්මක වෙලා සේනාංක ඒකරාශි කලාලු. ඒ අතරේ තමන්ගේ යෝජනාව ක්‍රියාත්මක කරන්න මාලිගාවේ කුමරියන්ටත් පුරෝහිතටත් හැකි උනාලු. රජමාලිගාවේ බලය ශෙහෙරාශාඩ් කුමරියට ලබාගන්න පුලුවන් උනාලු.සෑම් ෆිශර් රජු නිවාස අඩස්සියේ තැබූ ඇය රට වෙනුවෙන් නායකත්වය ලබා ගත්තලු.


මාලිගාවේ මෙහෙම වෙනස් කම් සිදුවෙන අතරේ ඩයනා කුමරිය දකුණු සේනාංකයත් #අහිංසක කටාරගේ කණ්ඩායමත් කැඳෙව්වලු.සෙන්පතිගේ නියමයෙන් එයාලා සූදානමින් අගනුවරට පිවිසුම් මාර්ගයේ රඳවා තැබුවලු. මේ අතරේ යුද්දයක සේයාවක් වත් පෙනෙන්නට නොතිබූ නිසා රිචඩ් ඇතුලු සේනාංක ගම් බිම් ගිනි තබමින් වේගයෙන් අගනුවරට ලඟා උනාලු.අගනුවර ආක්‍රමණය කරන්න හිතුව ඔහු උගුලක පැටලුනාලු. සෙන්පතිගේත් #ඩයනා කුමරියගේත් නියමයෙන් නියමයෙන් සටන් වැදුනු ඔවුන් රිච්ඩ් සහ අඩවියේ සෙන්පති ඇතුලු සියලු දෙනාම සමූලඝාතනය කලාලු.
යුද්දෙදි දක්ෂ ලෙස සටන් කල #කලු චීනා, අහිංසක කටාරා, ලෝක අවසානය, #අනියම් නන්නත්තාර #බට්ටා පුතා අයට ගම්වරය බැගින් ලබා දෙන්න ශෙහෙරාශාඩ් අග රැජිණ කටයුතු කලාලු. ඒ වගේම එයාලව රාජකීය හමුදාවට බඳවා ගත්තලු. රිච්ඩ් පාලනය කල කොටස #ඩයනා කුමරියගේ පාලනයට භාර දුන්නලු. එහි ආරක්ශාව කලු චීනටත් අහිංසක කටාරටත් දුන්නලු. ත්‍රස්තවාදී නායකයෙක්ගෙන් රට බේරා ගැනීම ගැන කුමරියන් ,සෙන්පති හා පුරෝහිත වෙනුවෙන් සියලු වැසියන් කෘතඥ උනාලු. ඩප්පි දර්මෙ පුරෝහිතගෙ නුවනින් රට සමෘද්ධිමත් දේශයක් කලාලු.


ඊට පස්සේ හැමෝම සතුටින් ජීවත් උනාලු.

කතාව අවසන්ලු
=================================
 
 

 

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...