රට බේරාගත් වීර කුමාරියෝ
අස්සයා
පිටින් වනය මැදින් යන කුමාරිකාව එක්වරම පිරිසක් මැද්දට හරස් වෙලා එයාගේ
ගමන වැලැක්කුවලු.මෙයාව වටකරගෙන හිටියේ කටාරා ගෝත්‍රියකොලු. ඒ අතරේ ගෝත්‍රික
නායිකාව වෙන #අහිංසක
කටාරත් හිටියලු. කඩුව අතට ගත්ත මේ කුමාරිකාව අහිංසක කටාරත් එක්ක ද්වන්ද්ව
සටනක් කලාලු.මේ සටන බොහෝ වෙලාවක් පැවතුනාලු.දෙන්නටම වෙහෙසයිලු. දක්ෂ ලෙස
සටන් කරන මේ අමුත්තිය කවුද කියලා දැනගන අහිංසක කටාරා කැමති උනාලු.සටන
නවත්වලා මෙයා කුමාරිකාවගෙන් විස්තර ඇහුවලු. කුමාරිකාවත් තමන් රාජ්‍යයේ
කුමරිය බවත් යන ගමන ගැනත් පැවසුවලු. කුමාරිකාව සමග එකතුවෙන්න අහිංසක් කටාරා
ත් කැමති බවත් පැවසූ එයා කුමරියේ ආරක්ෂාව වෙනුවෙන් දක්ෂම ස්ටන් කරුවන්
දෙන්නෙක් වෙන #අනියම් නන්නත්තාරත් #බට්ටා පුතත් දුන්නලු.දකුණු දෙසට ගිය මේ කුමාරි එහෙ ලොකු සේනාංකයක් පිහිටවලා එයාලගේ නායක කම #ලෝක අවසානයට දුන්නලු.
මේ අතරේ රාජමාලිගාවට නැවතත් පණිවිඩයක් එවපු #රිචඩ් නායකයා එයාගේ අරමුණ රජකුමාරියක් පාවා ගැනීම බවත් එසේ නොකලහොත් රාජ්‍යය ආක්‍රමණය කරන බව දැන්නුවලු. මේ නිසා #සෑම් රජතුමා ඉමහත් බියට බත් උනාලු. මේක කියවපු වෙලාවේ සිංහාසනේ උඩ සුලුදිය පහ උනාලු.ඒ නිසා වෙවුලමින් කල්පනා කරාලු. ඒත් #ඩප්පි
ධර්මේ පුරෝහිත තුමාරාජ්‍යයට වගේ දු කුමාරියෝ දෙන්න්ටත් ආදරේලු. බියසුලු
නිවට රජෙක් නිසා රාජ්‍යත් අනාගතයත් පාවා දෙන්න කැමති උනේ නෑලු. ඒ නිසාලු
රහසින් සේනාංක ගොඩනගන්න උපදෙස් දුන්නේ. මේ බව දැනගෙන හිටියේ කුමාරිකාවන්
දෙදෙනත් මව් බිසව උනු #කේටි කුමරිය විතරලු.
#කලු
චීනගේ කණ්ඩායම ශක්තිමත් කල කිඹුල් ධර්මේ සෙන්පති තුමා නැගෙනහිරට ගියාලු.
රජු ගැන කලකිරී සිටි ජනයා වහාම එකතුවෙලා සෙන්පතිගේ නියමයෙන් සේනාංක ගත
වෙන්න කැමති උනාලු. නැගෙනහිර සේනාංකය ශක්තිමත් කල සෙන්පති අවි ආයුද හා
පුහුණු ලබා දෙන්න නියෝග කරලා අවැසි අවස්ථාවක සටන් කරන්න කැඳවන්න හැකිවෙන්න
සැලසුම සකස් කරලා දුන්නලු.මේ අතරේ දකුණේ සේනාංක සකසපු ඩයනා කුමරියත්
මාලිගාවට ආවලු.
රිචඩ් නායකයා මාස තුනක් ඇතුලත් රජමාලිගාවෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් රට ආක්‍රමණය කරන්න සියලු සේනාංක සංවිධානය කරන්න #අඩවියේ
සෙන්පතිට අණ කලාලු. ඔහුත් යුහුසුලුව සේනාංක සංවිධානය කලාලු. මේ අතරේ ඩප්පු
දර්මේ සෙන්පතිතුමා කිඹුල් දර්මෙත් කුමාරිකාවන් දෙදෙනත් රහස් සාකච්චාකට
කැදෙව්වලු. රටේ අනාගතය වෙනුවෙන් අතිශය තීරණාත්මක තීන්දුවක් ගත්තලු. මෙයට
කුමාරිකාවන් දෙදෙනා බොහොම අමාරුවෙන් කැමති කරගන්න පුලුවන් උනාලු.
----------------------------------------------------------
ටු බී කන්ටිනියුඩ්ලු
----------------------------------------------------------
තෙවන කොටස අවසන්ලු....
Posted in ලියපු කතා
සුරංගනා කතාව 10- 03 කොටස