Wednesday, December 4, 2013

නැතිවූ මාලය සොයා දෙව්ලොවින් පොලවට ආ නිදි දෙව්දුවගේ කතාව

 

මේ අතරේ  රජමාලිගාව ඉදිරියට ආව මේ #අහිසක කටාරා මන්තරකාරිගේ රූමත් රූපශ්‍රීය දැක්ක #ලොකු සනියා රජතුමාගේ දෑස් අනුරාගෙන් දීප්තිමත් උනාලු. ඒ වගේ ලස්සන කුමාරිකාවක් මීට පෙර දැක නොතිබූ ලොකුසනියා රජතුමා තමන්ගේ අන්තප්පුරේට මේ කුමාරිකාව ඇතුල් කරගන්න ඇමතිමණ්ඩලේ අවසර පැතුවලු. ඒත් හදිසියේ කුමාරිකාවගේ ආගමනය පිලිබඳව අග්‍ර පුරෝහිත #අභිමානවත් දෙවෙන්දොර සං ට නම් තිබ්බේ සැකයක්ලු. මෙයා හිතුවේ සතුරු රාජ්ජෙකින් ආව කුමාරිකාවක් කියලලු. ඒ වගේම එයාගේ දියණිය උනු #එලී කුමාරිකාවලු අග බිසව විදිහට හිටියේ. මේ නිසා තමන්ගේ දෝනිව රැකගන්න පුරෝහිතතුමාට ඔනේ උනාලු. ඉතින් ඒ නිසා එයා තරයේ විරුද්ද උනාලු බිසෝවරු 10ක් ඉන්න අන්තප්පුරේට තවත් බිසවක් අරගන්නවට. අනික් ඇමතිවරුත් විරුද්දත්වය ප්‍රකාශ කලාලු. ඉතින් බලාපොරොත්තු කඩවුනු අහිංසක් කටාරා බොහොම දුකෙන් ගං තෙරට ගියාලු. ඒ යන ගමන් උපායක් කල්පනා කලාලු.

තමන්ගේ හද පැහැරගත් මේ කුමාරිකාව දුකින් යනවා බලන් සිටි රජතුමාගේ සෝකය වැඩි උනාලු.සවස් වෙනතුරු කල්පනා කරමින් සිටිය මේ රජතුමා සැන්දෑයාමේ තීරණය කලාලු ආගන්තුක කුමාරිකාව හමුවෙන්න. ඉතින් මං සලකුනු ඔස්සේ ගිය රජතුමා දැක්කලු මේ ලස්සන කුමාරිකාව ගංතෙරේ ගලක් උඩට වෙලා ඉකි බිඳ බිඳ ඉන්න බව. රජ්ජුරුවෝ දන්නේ නෑලු මේ ඉන්නේ මහලු මන්ත්‍රකාරියක් කියලා. ඉතින් එයා ලංවෙලා ආගන්තුක කුමාරිකාවගෙන් කරුණු විමසුවලු. තමන් නුදුරු රාජ්‍යක කුමාරිකාවක් බව්ත් සිය පියාණන් හා අමනාප වී මෙම රාජ්‍යට සපැමිණි බවත් තමන්ට පිහිටවන ලෙසත් අයැදුවලු. බොහොම දුක් උනු රජතුමා ඉක්මනින්ම උදව් කරන බව පවසා එදින රාත්‍රියේ නවාතැන් ගන්න රාජකීය අමුත්තන්ගේ ශාලාව සකසා දුන්නලු

මේ අතරේ තමන්ගේ මාලය ගැන දිවැසින් බැලුව #නිදි දෙවඟන මන්තරකාරි තමන්ව රැවටූ අයුරුත් දැන් රරතුමා රවටා මහත් විනාශයක් කරන්නට යන බවත් දැනගත්තලු. තමන්ට කල දේට රජුලවාම හිසගසා දමන්නැමැයි සිතූ මේ දෙවඟන උපායක් කල්පනා කලාලු. ඉතින් මේ ආගන්තුක කුමාරිකාවගෙඅ රූපශීයට හා කතා බහට වශීවූ රජතුමා ඇමතිමණ්ඩලයේත් පුරෝහිතගේත් අගබිසවගේත් විරුද්ධත්වය නොතකා එයාව සරණපාවා ගන්න කටයුතු කලාලු. ඒත් මේ අහිංසක කටාරාව අගබිසව කරන්න නම් රජතුමාට බැරි උනාලු. ඒකට ඇමතිමණ්ඩලේ අනුමැතිය ලැබුනේ නෑලු.ඔහොම ටික දවසක් ගියාලු. කටාරා රජතුමාගේ සිත උපරිම අයුරින් දිනාගන්න සමත් උනාලු. ඒත් වැසියන්ටත් සේවකයන්ටත් කටාරාගෙන් නිදහසක් ලැබුනේ නෑලු. හැකි සෑම විටම කෙනෙහිලි කම් හා නපුරුකම් කලාලු. ඉවසිය නොහැකි වැසියෝ මේ බව රජුට සැලකලත් ඇයට ඇති අසීමිත ගිජු බව හේතුවෙන් මුනිවත් රැක්කලු.මේ නිසා බොහොම දුකට පත් උනු අග බිසව උනු #නයිල් නදී කුමරිය සිය පියාණන්ට මේ බව සැල කලාලු. ඒත් ඔහුටවත් කරන්න දෙයක් තිබුනේ නෑලු. ඉතින් අගබිසව පියරජුගේත් සෙන්පති ගේත් සහය ඇතිව රජුට එරහිව කැරැල්ලක් ඇති කරන්න තීරණය කලාලු

රාජකීය සැප විඳිමින් කල්ගෙවූ අහිසන්සක කටාරා බිසවට #අභිරහස් දෙවඟනට උනු පොරොන්දුව අමතකවුනාලු. දවසක් දා රෑ සිහිනෙන් පෙනුන් අහිරහස් දෙවඟන තමන්ගේ පූජාව සඳහා තවත් දෙදිනක් පමණක් ඇතිබව මතක් කලාලු. මේ සිහිනයත් සමග කලබලවී අවදි උනු මෙම මන්ත්‍රකාරියට එලිවෙනතුරු නින්ද ගියෙ නෑලු. මේ අතරේ නිදි දෙවඟන තමන්ගේ මාලය ලබා ගන්නත් රාජ්‍ය රැකගන්නත් හිතාගෙන අග බිසෝ මාලිගාවට සැපත් උනලු.

--------------------------------------------------------------------------------------
ටු බී කන්ටිනියුඩ්ලු
-------------------------------------------------------------------------------------
ඊලඟ කොටස හෙට අරන් එන්නම්ලු

නැතිවූ මාලය සොයා දෙව්ලොවින් පොලවට ආ නිදි දෙව්දුවගේ කතාව

 

 
ඔන්න ඉතින් #අහිංසක කටාරා මන්තර ආච්චි #සඳගලතැන්න
කුමාරිහාමි ඉන්න දූපතට ගියාලු.මේ දූපතේ කුමාරිහාමි ඉන්න ගම්පලාතත් හොයාගත්තලු. හොයාගත්තත් එක පරටම ගේන්න බෑනේ ඉතින්. ඒ නිසා මෙයා උපායක් කල්පනා කලාලු සඳාව එක්ක යන්න. මේ කටාරා මන්තරකාරි දැක්කලු සඳා හැමදාම තාත්තට පොලට ගෙනියන්න බිම්මල් කඩන්න උදේ පාන්දරම කැලේට යනවා. ඉතින් මෙයා සඳා ලඟට කිට්ටු කලාලු. පොඩ්ඩක් කතා කරලා හිතවත් උනාලු.දවසක් සඳාව උදේ හොයාගෙන කැලේට ආව මේ නපුරු මන්තරකාරි සඳාට බොන්න කිරි දුන්නලු. ඒවට සිහි නැතිවෙන විෂක් කලවම් කරලලු තිබ්බේ. කිරි වලට ආසාවෙන් ඒවා බිව්ව සඳගලතැන්න එතනම් සිහි නැතුව වැටුනලු. සතුටු උනු මන්තරකාරි එයාවත් එක්කගෙන මන්තර කොස්සෙම නැගලා තමන්ගේ භවනට ගියාලු

මන්තරකාරි යනකොටත් #නිදි කුමාරි නිදිලු. #වියරු බෝනික්කි #ඔඩ්ඩි මස්සිනා කියන රාක්ස පැටියත් එක්ක සෙල්ලන් කරනවලු.මන්තරකාරි ආවට පස්සේ දෙන්නම් සෙල්ලම නවත්තලා ආවලු.දෙන්නට වැඩ එහෙම පවරලා ආයෙමත් #අභිරහස් දෙවඟන හමුවෙන්න මේ මන්තරකාරි ගියාලු. ඉතින් මේ දෙවඟන කීවලු මාලය ලබා ගැනීමට අවශ්‍ය නම් සඳගලතැන්නගේ ගෙල කපා ඒ රුධිරයෙන් මාලය සෝදන්න කියලා. ඒ සඳහා සඳ නැති අඳුරු රැයක් යොදාගන්න කීවලු. සාවධානව අසා සිටි මේ මන්තරකාරි තමන්ගේ අදහස ක්‍රියාත්මක කරන්න අවැසි කාලය එලඹෙනතුරු සිටියලු. එතෙක් සඳගලතැන්න කුමාරිහාමි සිරකර තබන්නත් ආරක්ෂාවට ඔඩ්ඩි මස්සිනාවත් යෙදෙව්වලු.
ඔන්න ඉතින් මේ මන්තරකාරි පුල පුලා බලාසිටි දිනය උදා උනාලු. ඒදින සඳ මැදියම් වෙන රාත්‍රියේ සඳගලතැන්නේගේ විලාප හඬ මධ්‍යයේ එයාගේ ගෙල තියුණු සැතකින් කපලා රුධිරය එක්කාසු කරගත්තලු. මේ ඔක්කොම කලේ වියරු බෝනික්කිලු. එයා හරි සතුටින්ලු කලේ. මේ සියල්ලෙන් පස්සේ එයාගේ ආහාරය වෙන්නේ සඳා නිසාලු. ඉතින් ප්‍රවෙසමෙන් එකතුකරත් රුධිරයෙන් නිදිකුම්බිගේ මාලය තෙමුවලු. ඊට පස්සේ බොහොම මේ නපුරු මන්තරකාරි නිදි කුම්බිගෙ ගෙලෙන් මාලය ගලව ගත්තලු. ගලවනවත් එක්කම නිදි කුම්බි මියෑදුනලු.එයා මියෑදිලා දෙව්ලොව ඉපදුනාලු.


මේ අතරේ සුබ මොහොතින් මාලය කරපලඳගත්ත අහින්සක කටාරා මන්තරකාරි මහලු පෙනුම වෙන්ස් වෙලා ඉතාමත් තරුණ රූමත් කාන්තාවක් බවට හැරුනලු.කැඩපතින් මූන බැලුවාම එයාට අඳුනගන්නත් බැරි උනාලු. ඒ තරම්ම රූමත් වෙලාලු. ඉතින් එයා හිතුවලු අභිරහස් දෙවඟන වෙනුවෙන් බිලිපූජාව ලබාදෙන්න. එය තුන් මසක් ඇතුලත ලබා දිය යුතු උනාලු. මේ නිසා මායා බලයෙන් ඔඩ්ඩි මස්සිනාව දැකුම්කලු අස්සයෙක් බවට හැරෙව්වලු. අස්සයා පිට නැගුනු මේ අහින්සක කටාරා මන්තරකාරි රටේ රජු වෙන #ලොකු_සනියා ගේ මාලිගාවට යන්න පිටත් උනාලු. මේ අතරේ නින්දෙන්ම දෙවඟනක් උනු නිදි කුම්බි එයාට උන දේ සිහි කලාලු. ඒ අතරේ එයා දැක්කලු තමන්ගේ මාලය හිමිකරගත් මන්තරකාරියව.

--------------------------------------------------------------
ටු බී කන්ටිනියුඩ්ලු
-------------------------------------------------------------

අද කොටස අවසන්ලු. තුන්වෙනි කොටස අරන් එන්නම්ලු. කියවල අදහස් ලියලා යන්නලු

නැතිවූ මාලය සොයා දෙව්ලොවින් පොලවට ආ නිදි දෙව්දුවගේ කතාව

 

එක මත් එක කාලෙක එකමත් එක ලස්සන රටක මීට ගොඩාක් කාලෙකට ඉස්සර තනි උනු පුංචි කුමාරිකාවක් උන්නලු. මෙයාට වැඩිපුරම ඉන්නේ නිදාගෙනලු. ඉතින් ඒ නිසා හැමෝම මෙයාව හැඳින්නුවේ #නිදි_කුම්බි කුමාරි කියලලු. මේ නිදි කුමාරිට පරම්පරාවෙන් උරුම වෙලා තිබ්බලු වටිනා මාලයක්. මේ මාලය පලඳවගෙන ඉන්න කෙනා තරුණ වෙනවලු රූමත් වෙනවලු.වයසට යන්නෙත් නෑලු.ඒ වගේම ලෙඩක් දුකක් හැදෙන්නෙත් නෑලු. මේ නිදි කුමාරිට සූටි කාලේ අමාරු ලෙඩක් හැදුනලු. ලෙඩේ සුවකරගත්තේ මාලේ පලඳවලලු.නිදි ගේ පණ රැඳිලා තිබ්බේ කරේ මාලේ තියෙනකම් විතරලු.එයාගේ අප්පච්චි වෙන #Dadallage Indunil ලු මාලේ කර පැලැන්දුවේ. එදා ඉදන් මෙයාගේ කරේ මේ මාලේ තියෙනවලු. ලමා කාලේම මාලේ කරේ දාපු නිසා කොච්චර වයස ගියත් මෙයා හැමදාම ලමයෙක් වගේ ලස්සනයිලු.


ඔන්න දවසක් මේ මාලේ ගන්න ආසා හිතුනලු ඒ ගම්මානේ කිට්ටුව හිටිය නපුරු මන්තරකාරියක් වෙන #අහිංසක කටාරා. මෙයා අහිංසක පෙනුම්ක් තිබ්බට නපුරු වැඩමලු කලේ. දවසක් මෙයාගේ ගෙදරින් හොරෙන් කන්න ආව #පිස්සු පූසෙක්ව ගැරඬියෙක් කරලා කැලේට යැව්වලු.මේ නපුරු මන්තර කාරි අදහන්නේ #අභිරහස් දෙවඟනලු. එයා පාතාල ලෝකෙට අධිපති දෙවඟනලු. ඉතින් ඒ නිසා මායාකාරි බලවත්ලු. දවසක් මායා අඳුනෙන් ලෝකේ බලනකොට මෙයා දැක්කලු නිදි කුම්බිගේ කරේ තියෙන බලවත් වටිනා මාලය ගැන.දැනගත්තලු. ඉතින් මේක තමන් සන්තක කරගන්න හිතුව මේ මායාකාරි #අභිරහස් දෙවඟනගේ පිහිට පැතුවලු.ඉතින් එයා කීවලු මාලය අරගන්න උදව් කරන්නම් ඒ වෙනුවට රටේ රජතුමාගේ අග බිසව වෙන #සිහින මුවැත්තියව බිල්ලට ඔනේ කියලා. ඊට පස්සේ කටාරා මායාකාරිට අග රැජින වෙන්නත් පුලුවන් කියලා උපදෙස් දුන්නලු.

රජවෙලා මුලු ලෝකෙම මායාවෙන් පාලනය කරන්න මේ වයසක නපුරු මන්තරකාරිට තණ්හාවක් ඇති උනාලු. ඉතින් දෙවඟනගේ උපදෙස් පරිදි මේ මන්තරකාරි එයාගේ සහයිකාව වෙන #වියරු_බෝනික්කිව පිටත් කලාලු. එයා යනකොට නින්දෙන් පිබිදිලා හිටිය නිදි කුමාරි බඩගින්නේලු හිටියේ.කන්න දෙයක් නැති නිසා අඹ ගෙඩියක් කකා හිටියලු. රස කෑම ගැන වර්ණනා කෙරුව මේ වියරු බෝනික්කි නිදි කුම්බිව රවට්ටගෙන නපුරුමන්තර කාරි ගාවට එක්කන් ආවලු.


කෑම එහෙම දුන්නු නිදි කුම්බි ආයෙත් නින්ද වැටුවනු. ඒ අතරේ මාලය ගලවන්න උත්සහා කලත් මායාකාරිට ලේසි උනේ නෑලු.නිදි කුම්බිත් ගෙදර යන්න උවමානවක් තිබුනේ නෑලු. බඩගිනි වුනාම ඇහැරලා කෑම කාලා ආයෙම නිදාගන්නවලු. ඒ නිසා නැවතත් දෙවඟන හමුවෙන්න ගිහින් උපදෙස් ගත්තලු. එයා කීවලු පරම්පරාවේ නොවන කෙනෙක්ට මාලය දරාගන්න නම් නිදි කුමාරිගේ ලේ නෑකමක් තියෙන කෙනෙක්ගේ ලේ ටිකකින් මාලේ තෙත් කරන්න කියලා. ඉතින් මායා අඳුනෙන් නැවත බැලුවාම එයාට පෙනුනලු ඈත රටක දූපතක #සඳගලතැන්න කුමාරිහාමි කියලා කෙනෙක් ඉන්නවා කියලා. ඉතින් නිදි කුමාරි බලාගන්න වියරු බෝනික්කිට පවරපු මේ කටාරා මන්තරකාරි එයාගේ මන්තර කොස්සේ නැගලා දූපතට පියෑබුවලු.

===================================
ටු බී කන්ටිනියුඩ්ලු
===================================

අද කතාවට සමාදර දායත්වය සඳගලතැන්න පොල් රොටී නිශ්පාදකයෝලු. සොටී කන්න ආසා ආය එහෙ යන්නලු. ඇඩ් එක ඉවරලු

කතාව ගැන ගුණ දොස් කියන්නලු. එහෙනම් හෙටත් එන්නම්ලු

රට බේරාගත් වීර කුමාරියෝ  


ඔන්න ඉතින් #සෑම් රජුගේ රාජ්‍යට පහර දෙන්න දිනයක් රිචඩ් නායකයා නියම කලාලු. රිචඩ් ට බයක් නෑලු. ඇයි ඉතින් එයා සෑම් ගැන දන්නවනේ. යුද්දෙට යනවා තියා රෑට මාලිගාවේ ටොයිලට් එකට යන්නෙත් අග බිසව වෙන #කේටි එක්කලු. මේ නිසා නැවත වරක් රජ මාලිගාවට පණිවිඩයක් එව්වලු දූකුමාරියක් විවාහය දෙන්න කියලා. රිචඩ් ට ඔනේ උනේ යුද නොකරම රාජ්‍ය බලය අල්ල ගන්නලු.ඉතින් සෑම් රජතුමා #ෂෙහෙරාශාඩ් කුමරියව රිචඩ් ට පාවා දෙන්න සූදානම් උනාලු.ඒත් කුමරියන්ගෙත් අගබිසවගෙත් #කිඹුල් ධර්මේ සෙන්පතිගෙත් #පුරෝහිත ඩප්පි දර්මෙගෙත් බලවත් විරෝදතාවය නිසා ඒක වැලකුනාලු.

මේ නිසා කුපිත උනු #රිචඩ් නායකයා #අඩවියේ සෙන්පතිත් සේනාංකත් කැටුව සෑම්ගේ රටට පහර දෙන්න ආවලු.චරපුරුෂයන්ගේ මේ බව දැනගත් කිඹුල් දර්මේ සෙන්පති වහාම ක්‍රියාත්මක වෙලා සේනාංක ඒකරාශි කලාලු. ඒ අතරේ තමන්ගේ යෝජනාව ක්‍රියාත්මක කරන්න මාලිගාවේ කුමරියන්ටත් පුරෝහිතටත් හැකි උනාලු. රජමාලිගාවේ බලය ශෙහෙරාශාඩ් කුමරියට ලබාගන්න පුලුවන් උනාලු.සෑම් ෆිශර් රජු නිවාස අඩස්සියේ තැබූ ඇය රට වෙනුවෙන් නායකත්වය ලබා ගත්තලු.


මාලිගාවේ මෙහෙම වෙනස් කම් සිදුවෙන අතරේ ඩයනා කුමරිය දකුණු සේනාංකයත් #අහිංසක කටාරගේ කණ්ඩායමත් කැඳෙව්වලු.සෙන්පතිගේ නියමයෙන් එයාලා සූදානමින් අගනුවරට පිවිසුම් මාර්ගයේ රඳවා තැබුවලු. මේ අතරේ යුද්දයක සේයාවක් වත් පෙනෙන්නට නොතිබූ නිසා රිචඩ් ඇතුලු සේනාංක ගම් බිම් ගිනි තබමින් වේගයෙන් අගනුවරට ලඟා උනාලු.අගනුවර ආක්‍රමණය කරන්න හිතුව ඔහු උගුලක පැටලුනාලු. සෙන්පතිගේත් #ඩයනා කුමරියගේත් නියමයෙන් නියමයෙන් සටන් වැදුනු ඔවුන් රිච්ඩ් සහ අඩවියේ සෙන්පති ඇතුලු සියලු දෙනාම සමූලඝාතනය කලාලු.
යුද්දෙදි දක්ෂ ලෙස සටන් කල #කලු චීනා, අහිංසක කටාරා, ලෝක අවසානය, #අනියම් නන්නත්තාර #බට්ටා පුතා අයට ගම්වරය බැගින් ලබා දෙන්න ශෙහෙරාශාඩ් අග රැජිණ කටයුතු කලාලු. ඒ වගේම එයාලව රාජකීය හමුදාවට බඳවා ගත්තලු. රිච්ඩ් පාලනය කල කොටස #ඩයනා කුමරියගේ පාලනයට භාර දුන්නලු. එහි ආරක්ශාව කලු චීනටත් අහිංසක කටාරටත් දුන්නලු. ත්‍රස්තවාදී නායකයෙක්ගෙන් රට බේරා ගැනීම ගැන කුමරියන් ,සෙන්පති හා පුරෝහිත වෙනුවෙන් සියලු වැසියන් කෘතඥ උනාලු. ඩප්පි දර්මෙ පුරෝහිතගෙ නුවනින් රට සමෘද්ධිමත් දේශයක් කලාලු.


ඊට පස්සේ හැමෝම සතුටින් ජීවත් උනාලු.

කතාව අවසන්ලු
=================================
 
 

 

රට බේරාගත් වීර කුමාරියෝ 

 

අස්සයා පිටින් වනය මැදින් යන කුමාරිකාව එක්වරම පිරිසක් මැද්දට හරස් වෙලා එයාගේ ගමන වැලැක්කුවලු.මෙයාව වටකරගෙන හිටියේ කටාරා ගෝත්‍රියකොලු. ඒ අතරේ ගෝත්‍රික නායිකාව වෙන #අහිංසක කටාරත් හිටියලු. කඩුව අතට ගත්ත මේ කුමාරිකාව අහිංසක කටාරත් එක්ක ද්වන්ද්ව සටනක් කලාලු.මේ සටන බොහෝ වෙලාවක් පැවතුනාලු.දෙන්නටම වෙහෙසයිලු. දක්ෂ ලෙස සටන් කරන මේ අමුත්තිය කවුද කියලා දැනගන අහිංසක කටාරා කැමති උනාලු.සටන නවත්වලා මෙයා කුමාරිකාවගෙන් විස්තර ඇහුවලු. කුමාරිකාවත් තමන් රාජ්‍යයේ කුමරිය බවත් යන ගමන ගැනත් පැවසුවලු. කුමාරිකාව සමග එකතුවෙන්න අහිංසක් කටාරා ත් කැමති බවත් පැවසූ එයා කුමරියේ ආරක්ෂාව වෙනුවෙන් දක්ෂම ස්ටන් කරුවන් දෙන්නෙක් වෙන #අනියම් නන්නත්තාරත් #බට්ටා පුතත් දුන්නලු.දකුණු දෙසට ගිය මේ කුමාරි එහෙ ලොකු සේනාංකයක් පිහිටවලා එයාලගේ නායක කම #ලෝක අවසානයට දුන්නලු.


මේ අතරේ රාජමාලිගාවට නැවතත් පණිවිඩයක් එවපු #රිචඩ් නායකයා එයාගේ අරමුණ රජකුමාරියක් පාවා ගැනීම බවත් එසේ නොකලහොත් රාජ්‍යය ආක්‍රමණය කරන බව දැන්නුවලු. මේ නිසා #සෑම් රජතුමා ඉමහත් බියට බත් උනාලු. මේක කියවපු වෙලාවේ සිංහාසනේ උඩ සුලුදිය පහ උනාලු.ඒ නිසා වෙවුලමින් කල්පනා කරාලු. ඒත් #ඩප්පි ධර්මේ පුරෝහිත තුමාරාජ්‍යයට වගේ දු කුමාරියෝ දෙන්න්ටත් ආදරේලු. බියසුලු නිවට රජෙක් නිසා රාජ්‍යත් අනාගතයත් පාවා දෙන්න කැමති උනේ නෑලු. ඒ නිසාලු රහසින් සේනාංක ගොඩනගන්න උපදෙස් දුන්නේ. මේ බව දැනගෙන හිටියේ කුමාරිකාවන් දෙදෙනත් මව් බිසව උනු #කේටි කුමරිය විතරලු. 

#කලු චීනගේ කණ්ඩායම ශක්තිමත් කල කිඹුල් ධර්මේ සෙන්පති තුමා නැගෙනහිරට ගියාලු. රජු ගැන කලකිරී සිටි ජනයා වහාම එකතුවෙලා සෙන්පතිගේ නියමයෙන් සේනාංක ගත වෙන්න කැමති උනාලු. නැගෙනහිර සේනාංකය ශක්තිමත් කල සෙන්පති අවි ආයුද හා පුහුණු ලබා දෙන්න නියෝග කරලා අවැසි අවස්ථාවක සටන් කරන්න කැඳවන්න හැකිවෙන්න සැලසුම සකස් කරලා දුන්නලු.මේ අතරේ දකුණේ සේනාංක සකසපු ඩයනා කුමරියත් මාලිගාවට ආවලු.


රිචඩ් නායකයා මාස තුනක් ඇතුලත් රජමාලිගාවෙන් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් රට ආක්‍රමණය කරන්න සියලු සේනාංක සංවිධානය කරන්න #අඩවියේ සෙන්පතිට අණ කලාලු. ඔහුත් යුහුසුලුව සේනාංක සංවිධානය කලාලු. මේ අතරේ ඩප්පු දර්මේ සෙන්පතිතුමා කිඹුල් දර්මෙත් කුමාරිකාවන් දෙදෙනත් රහස් සාකච්චාකට කැදෙව්වලු. රටේ අනාගතය වෙනුවෙන් අතිශය තීරණාත්මක තීන්දුවක් ගත්තලු. මෙයට කුමාරිකාවන් දෙදෙනා බොහොම අමාරුවෙන් කැමති කරගන්න පුලුවන් උනාලු.
----------------------------------------------------------
ටු බී කන්ටිනියුඩ්ලු
----------------------------------------------------------

තෙවන කොටස අවසන්ලු....
 

 

 

 රට බේරාගත් වීර කුමාරියෝ  

 

ඔන්න ඉතින් #කිඹුල් ධර්මේ සෙන්පතිතුමත් #ඩයනා කුමරියත් මාලිගාවේ නැතිවෙලාවේ #රිචඩ් නායකයගෙන් පයින්ඩයක් අරගෙන දූතයෙක් ආවලු. ඒකේ කියලා තිබුණේ රජතුමාගේ දූ කුමාරිකාවක් සරණපාවා ගන්න රිචඩ් නායකයා කැමතියි කියලලු. මේක අහපු #ඩප්පි ධර්මේ පුරෝහිතතුමා කොහොමත්ම කැමති උනේ නෑලු. මෙකේන් අනාගතේ ලොකු හානියක් මේ රාජ්‍යය වෙනවා කියලා එයාට දැනුනලු.ඒ නිසා ව ඉල්ලීම වහාම ප්‍රතික්ශේප කරන්න කියලා රජුට දැන්නුවලු. පුරෝහිතගේ කීම ඇමති මණ්ඩලෙත් අනුමත කලාලු. #සෑන් ෆිශර් රජතුමාගේ අකමැත්ත අහපු රිචඩ් නායකයාට බොහොම කේන්ති ගියාලු.ඒ නිසා එයා දේශසීමාවේ තිබුණු සෑම් රජුගේ රාජ්‍යට අයත් ගම් බිම් කොල්ල කන්න පටන් ගත්තලු. මේක රට වැසියන්ට මහත් හිසරදයක් උනාලු.


සෑම් රජුට පැමිණිලි කරත් පලක් නැති නිසා අගතියට පත් ගම්වාසින් පිරිසක්ගෙන් නායකයෙක් පත් කරගෙන මේ ප්‍රශ්නයට පිලියම් සොයන්න ලක ලෑස්ති උනාලු. ඉතින් එයාලා නායකයා විදිහට පත් කරගත්තේ #කලු_චීනා වලු. මෙයා සටන් ශිල්පයේ නිපුණ කනෙක්ලු.චීන අඩි එහෙම හොඳට පුලුවන්ලු.ඉතින් මෙයා නිසා රිචඩ් පාර්ශවයෙන් කරන කොල්ලකෑම් වලට එරහිව සටන් කරන්න අවට ගම්වැසියන්ට පුලුවන් උනාලු. ඉතින් මේක රිචඩ් නායකයට හිසරදයක් උනාලු. ඒ නිසා #අඩවියේ සෙන්පතිතුමාව කැඳවලා මේකට පිලියමක් යොදන්න කියලා රිචඩ් නායකයා නියෝග කලාලු. ඉතින් මේ නිසා කලුචීනා ව මරන්න අඩවියේ සෙන්පති කුඩා කණ්ඩායමක් රහසෙන් පිටත් කලාලු.
ඉතින් ඔය අතරේ ගමින් ගමට දක්ෂ සටන් කරුවන් සොයන්න ගිය කිඹුල් ධර්මේ සෙන්පත්ති ඩයනා කුමරියත් මේ කලු චීනා ඉන්න ගමට සේන්දු උනාලු. ගම්පතියෙක් උනු එයාගේ ගෙදර රෑ මේ දෙන්නා නවාතැන් ගත්තලු.එදා මැදියම් රැයේ කලු චීනා හොයාගෙන ආව අඩවියේ සෙන්පතිගේ සටන් කරුවන් කණ්ඩායම එයාගේ ගෙදර වැටලුවලු. රෑ ජාමේ මේ හදිසි පහර දීම නිසා එයාට තනියම මුහුන දෙන්න හැකියාවක් තිබුනේ නෑලු.ඊටත් වඩා අමුත්තන් රැකගන්න ඔනේ උනාලු. ඒත් වහාම ක්‍රියාත්මක උනු කිඹුල් ධර්මේ සෙන්පති තුමත් ඩයනා කුමරියත් කලූ චීනට එකතු වෙලා සටන් කලාලු. පහර දෙන්න ආව කණ්ඩායම සම්පූර්ණයෙන් විනාශ කරන්න හැකියාව ලැබුණලු. ඊට පසුව තමන් මේ රටේ සෙන්පති බවත් අනෙක් තැනැත්තිය රාජ්‍යයේ කුමාරිකාව බවත් කලුචීනට හඳුන්වලා දුන්නලු.ඒ වගේම එයාලා ආපු කාරණාවත් පැහැදිලි කලාලු.


බොහොම සතුටු උනු කලුචීනා පසුවදාම තමන්ගේ කණ්ඩායම සෙන්පතිතුමාට මුණගැස්සුවලු. ඒ වගේම රට බේරගන්න සටන් කරන්න ඒ අය ගොඩක් කැමති උනාලු.තරමක ලොකු කණ්ඩායමක් සිටින නිසාත් ඒ අය පුහුණු කලයුතු නිසාත් කිඹුල් ධර්මේ සෙන්පති තුමා ඒ ගමේ නතර උනාලු.ඩයනා කුමරියව රාජ්‍යයේ දකුණු දෙසට පිටත් කලාලු. මේ අතරේ තමන් පිටත් කල කණ්ඩායම ආපුසු නාව එක ගෙන අඩවියේ සෙන්පතිතුමා කණස්සල්ලෙන්ලු හිටියේ.ඒ නිසා එයා තවත් කණ්ඩායමක් යවන්න තීරණය කලාලු. ඔය අතරේ දකුණු දෙසට ගමන් කල ඩයනා කුමරිය කඳුකර වනාන්තරය මැදින් යන්න පටන් ගත්තලු.මේ වනයේ එක්තරා ගෝත්‍රයක් හිටියලු. එයාලට කිවේ කටාරා ගෝත්‍රය කියලලු.දරුණු සටන් කාමි ගෝත්‍රයක්ලු. කිසිම කෙනෙක් ඒ නිසා මේ මාර්ගන භාවිතා කලේ නෑලු. කිසිවක් නොදන්න තනිවම ගමන් ගන්නා මේ කුමරියගෙ ගමන් මග එක්වරම පිරිසක් හරස් කලාලු

--------------------------------------------------------------
ටුබී කන්ටිනියුඩ්ලු
--------------------------------------------------------------

 

Tuesday, December 3, 2013

රට බේරාගත් වීර කුමාරියෝ 

 

ඔන්න එකෝමත් එක රටක් තිබ්බලු. මේ රටේ හිටියේ දුර්වල පාලකයෙක්ලු. එයා හැඳින්නුවේ #සෑම්_ෆිෂර් රජතුමා කියලලු.කැරලි කෝලාහල හැම තැනමලු. මේ රටේ පාලනයට විරුද්දව ලොකු කැරලි ආවලු. ඒක මෙහෙයව්වේ #රිචඩ් කියන කැරලි නායකයලු. ඉතින් මෙයා එක්ක යුදකරන්න යන්න රජතුමා බය උනාලු. ඒ නිසා සාම සාකඡ්ඡා තියලා රටෙන් කොටසක් පවරලා දුන්නලු.

මේ පිලිබඳව රටේ ජනතාව හිටියේ ප්‍රසාදෙන්ලු. රටේ සෙන්පති වුනු #කිඹුල් ධර්මෙ ත් කලකිරිලලු හිටියේ.ඒත් කරන්න දෙයක් නෑලු. මේ රිචට් කියන පාලකයා රටේ බටහිර පෙදෙස අල්ලගෙන හිටියලු. ඒ පැත්තේ හිටිය වැසියන්ට මෙයාගේ සෙන්පති උනු #අඩවියේ සෙන්පතිගෙන් හරිම කරදරයිලු. සෑම් ෆිෂර් රජතුමාට දූ කුමාරියෝ දෙන්නෙක් හිටියලු. එක්කෙනෙක් #ඩයනා කුමරියලු. අනිත් කෙනා #ෂෙහෙරාෂාඩ් කුමරියලු.

මේ දෙන්නත් පිය රජුගේ දුර්වල කම ගැන කල කිරිලලු හිටියේ.ඉතින් මේ නිසා පුරෝහිත වුනු #ඩප්පි දර්මේ මේ ගැන සෙන්පති එක්ක සාකච්චා කරාලු. මේකට වැඩිමහල් කුමාරිකාව උනු ශෙහෙරාශාඩ් කුමරියත් එකතු උනාලු. ඉතින් මෙයාලා තීරණය කලාලු රහස් සේනාංකයක් ගොඩනගන්න..... ඉතින් රට පුරාම වෙස් වලාගෙන සේනාංකෙට අවශ්‍ය දක්ශ මිනිසුන් සොයාගෙන ඩයනා කුමරියත් කිඹුල් දර්මේ සෙන්පතිත් රට පුරාම යන්න පටන් ගත්තලු.ඔය අතරේ රිචඩ් නායකයගෙ පැත්තෙන් අපූරු ආරංචියක් මෙයාලට කණ වැකුණලු

-------------------------------------------------------
ටු බී කන්ටිනියුඩ්ලු
------------------------------------------------------
ඊලඟ කොටසින් එන්නම්ලු. පුටෝව දුන්නේ සෑම්ලු. ඒකලු එයාට මඩ ගහලා තියෙන්නේ
Related Posts Plugin for WordPress, Blogger...