Saturday, April 18, 2015

මගේ බිරිඳ 8




' මම ගිහින් උයන්නම් අද ඔයාට සල්ලි ගොඩක් වියදම් උනානේ'
'මහන්සියිනේ අපි කාලා යන්'
'නෑ මට පුලුවන්'
'පණ්ඩිත නොවී ඉන්න. කාලා යමු'
'ම්ම් බෑ හරි මහන්සියි. වොශ් එකක් දාගෙන කන්න ඕනේ. අරන් යමුද' ඈ මගේ සුරතේ එල්ලෙයි
'හා. අන්න එහෙම කට ඇරලා හිතේ තියෙන එක කියන්ඩකො. ගිලගෙන ඉන්නේ' මම ඇගේ නහය මිරිකුවෙමි.
'ඌයි සිදෙනවා' ඈ මගේ අතින් ඇද්දාය
'මොනවද කන්නේ' මම ඇසුවෙමි
'කොත්තු' ඈ දෑස අඩවන් කරමින් කීවාය
'කොත්තු කාලා තොත්තු දෙන්නම්' මා ඈ ලං කර ගත්තෙමි
'දැන් නෙවේ කාලා' ඈ වටපිට බලමින් පිලිවදන් දුන්නාය.
*************************
නිවසට එන විට රෑ බෝවී තිබිණ.
ඈ දොර හැරියාය.
'මෙතන ඉදන් යන්න බෑ මගෙ කකුල් සිදෙනෝ' ඈ මගේ දෑතට බර වූවාය
'ඈ මෙච්චර වෙලා හොදට ආවේ'
'ඇයි මට පොරොන්දුවක් උනේ අමතකද' ඇගෙන් ප්රශ්නයකි
'මොකක්ද'
'මාව වඩාගෙන එක්කන් යනවා කිවේ'
' ම්ම්ම්ම්ම්ම්ම්ම් ඕක ඔච්චර වෙලා හිතේ තියෙන් ආවද'
'නැත්තන්'
'ඔය අතේ තියෙන බෑග් ටික මේසෙන් තියන්න' එසේ කියා මා දොර වසා දැමුවෙමි
'පොඩි එකාගේ ආසාවනේ' ඈ මගේ කරේ එල්ලිමෙන් කීවාය
******************************

මා සෙමින් ඈ ඇදෙන් තැබුවෙමි.
'තෑන්ක් යූ සෝ මච්' ඈ මගේ නලලත සිප ගනිමින් කීවාය
කිසිවක් නොකියා නිහඬව මා ඈ දෙස බල හුනිමි.
'අද දවස හුගාක් සතුටුයි සුදු මහත්තයෝ. ඔයාට ගොඩාක් පින් අද මගේ බර්ත්ඩේ එක දවස ගොඩාක් සතුටින් ගෙවුනා.' ඈ මගේ දෑතම සෙනෙහසින් සිපගත්තාය.
'ඔයා මගෙ සුදු මැනිකනේ, ඒකනේ මම එක්කන් ගියේ' ඇගේ හිස අතගෑවෙමි.
නිහඬවම විනාඩි කිහිපයක් ගෙවී ගියේය.
'මහන්සියි කීවා නේද. යමු නාගෙන එමු' මම යෝජනා කලෙමි
'ම්ම්ම්ම්ම් යන්.' ඈ නැගී සිටියාය.
**************************************

තවත් සුන්දර උදෑසනක් එලඹ තිබේ. මා අවදි වන විට ඈ නැගිට උයමින් උන්නාය.
'ඔයා නැගිට්ටද මම කතා කලේ නෑ පව් හිතුනා' ඈ සිනාසෙමින් මදෙස බලා කීවාය
'ඔයා වැඩට යනවද' මම ඇගෙන් ඇසුවෙමි
'හ්ම්ම්ම්ම්ම්ම් යන්නම එපැයි අද බදාදනේ' ඈ සුසුමක් හෙලුවාය.
'මේ මාසේ වැඩ කරලා අයින් වෙන්න. අද ගියාම මැඩම්ට කියන්න' මම ඈට කීවෙමි.
ඈ මදෙස බලා මදහසක් හෙලුවාය.
'ඉන්න මම තේ එකක් හදන්නම්'
'ඔයාට උයන්න පරක්කු වෙනවනේ. කමක් නෑ මම හදාගන්නම්'
'පරක්කු නෑ කොල්ලො. මම හදලා දෙන්නම්. දවස් කීයකින්ද ගෙදර එන්නේ. මගෙ මහත්තයට සලකන්න එපැයි' ඈ මගේ ඇගේ දැවටෙන්නීය.
*************************

මා ඇග සෝදා කාමරයට එනවිට ඈ සාරිය අදිමින් උන්නාය. රෝස වර්ණ සාරිය ඈට කදිමට ගැලපිණ. මොහොතක් ඈ දෙස බලා සිටි මා,
'හරි ලස්සනයි ඔයාට මේක' මම ඈට ලංවෙමින් ඇගේ දෙවුරෙන් අල්ලා කීවෙමි.
'ම්ම්ම්ම් ලස්සන කෙල්ලක් ඇන්දම ලස්සනයි තමා' උතුරා ය ප්රීතියෙන් සිනාසෙන්නීය.
'ලස්සන කෙල්ල හන්දනේ අයිති කරගත්තේ. ඉක්මනට ඇදගන්න ඉතින්. පරක්කු වෙනවනේ. ලෑස්ති වෙන්න. මම ගිහින් දාන්නම්'
'වාව් නියමයිනේ ‘
'ඔයා කාලද ඉන්නේ?' මම ඇගෙන් විමසුවෙමි
'නෑ'
'ඒ මොකද'
'මෙච්චර උදෙන් කන්න බෑ.බත් එකක් ඔතා ගත්තා. ගිහින් 9ට විතර කනවා'
'හ්ම්ම්'
'ඔයාට උයලා තියෙන්නේ, බෙදාගෙන කන්න පුලුවන් නේද? දවල් වෙනකොට අම්මලත් එයි. බත් බෙදලා දෙන්න හොදේ' ඈ මට කීවාය.
'හා සුදූ. යමුද එහෙනම්'
'ඉන්න ටිකක්'
'බුදු සරනයි මගෙ සුදු මහත්තයට' ඇය සෙනෙහසින් මට දණගසා වැන්දාය.
'මගෙ සුදු මැනිකටත් තෙරුවන් සරනයි. පරිස්සමෙන් වැඩ ටික කරගන්න හොදද' ඇගේ හිස අතගා සිම්බෙමි.
'ආදරෙයි මම ගොඩා……ක්.' එසේ කියමින් ඈ මගේ බෙල්ල බදාගත්තාය.

ඇගේ සේවා ස්ථානයට පැමිණෙන විට අටයි විස්ස පමණ වන්නට ඇත. යතුරු පැදියෙන් බැසගත් ඈ මා අතට හෙල්මට් එක දුන්නාය.
'ඕක ඔෆිස් එකෙන් තියාගන්න. හවස මම එනවනේ' ඈට නැවත හෙල්මට් එක දෙන ගමන් මම කීවෙමි.
'හා එන්න අපේ ඔෆිස් එකට යන්න' ඈ මට ආරාධනා කලාය
'අපෝ අර නිහාල් මහත්තයට අහු උනාම බදුලු කෝච්චියට අහු උනා වගේ. ඒ මනුස්සයා එක්කල කියවලම කට රිදෙනවා. මට බෑ. මම කීවෙමි.
'යන්කො අනේ, ගෙදර ගියත් වැඩක් නෑනේ ඔයාට' ඈ මගේ අතින් ඇද්දාය.
'හා යන්කො' මම මෝටර් බයිසිකලයෙන් බසින ගමන් කීවෙමි.
'ගුඩ් මෝනින් මැඩම්' ඈ ගේට්ටුවෙන් පිවිසෙන ඇගේ ආයතන ප්රධානියාට සුබ පැතුවාය.
'ගුඩ් මෝනින් සෙව්වන්දි මම හිතුවේ හස්බන්ඩ් ආව හන්දා අදත් එන්නෙ නැතිවෙයි කියලා' මැඩම් සිනාසෙමින් කීවාය. එවදනට ඇගේ මුහුණ විලියෙන් බර වී රතුවිණ.
'නවත්තගන්න තමයි හැදුවේ මැඩම්. කොහෙද ඉතින් අද එන්නම ඕනේ කීවනේ' මම එයට පිලිතුරු දුන්නෙමි.
'ඔෆිස් එකට යමුකො. මට මිස්ටර් තාරකව හම්බෙන්න ඕනේ' එතුමිය මට කියමින් පඩිපෙල නැග්ගාය. ඇගේ කාර්යාලයේ උදවිය මා හා බොහෝ මිත්රශීලීය.
'යන්න යන්න. ඊයෙයි පෙරේදයි මාව වැඩට එව්වේ නෑ කියලා ගුටි දෙන්න තමයි ඔය කතා කරන්නේ'
ඈ මුතු දසන් විදා සිනාසී මට පැවසීය
*******************************************************

මගේ බිරිඳ 7



අසලට පැමිණි සිසුවියන් තිදෙනා මිත්රශීලිව අප හා සිනාසුනේය. අපද පිලිතුරු සිනහවකින් සංග්රහ කලෙමු. සැනෙකින් අප මෙන්ම ඔවුන්ද මුහුද දෙස බලමින් ඔව්නොවුන් හා දොඩමලු වන්නට විය.
'මෙතන අව්වේ හිටගෙන ඉන්නේ නැතුව අර හරියට ගිහින් අයිස් ක්රීම් එකවත් කමුද' මම ඈට යෝජනා කලේ ගිනිගෙන දැවෙන හිරු අපද දවාලන හෙයිනි.
'හා' ඈ හිස සලා අනුමත කලාය
**********

' තව අයිස්ක්රීම් තුනක් ගන්නකො' ඈ මට රහසින් මෙන් කීවාය
'ඒ මොකෝ'
'පව් අර පොඩි උන් තුන් දෙනාට අනිත් ඔක්කොම කනවා එයාලා පැත්තකට වෙලා ඉන්නවා. සල්ලි නැතුව ඇති' ඈ කලින් අප අසලට ආ සිසුවියන් තිදෙනා මට පෙන්නමින් කීවාය.
' හා එහෙනම් ඔයාම ගිහින් දෙන්නකො' මම ඇගේ අතට මිලදී ගත් අයිස් ක්රීම් දුනිමි
'ඉතින් ඔයත් එන්න' ඈ මටත් ආරාධනා කලාය
' නන්ගිලා අයිස්ක්රීම් කන්න' ඈත මුහුද දෙස බලමින් ගොලුවතින් සිටි දැරිවියන් තිදෙනාට අයිස්ක්රීම ගොටු දිගු කරමින් ඈ පවසන්නීය. මොහොතක් ගල් ගැසී බලන් හුන් සිසුවියෝ සිනාවකින් මුව සරසාගෙන එය පිලිගත්තෝය.
' තෑන්ක් යූ අක්කේ' තිදෙනාගෙන් එක් අයෙකු පැවසීය
'පව් පොඩි කෙල්ලො ටික. මට දැක්කම දුක හිතුනා' ඈ හෙවනකට ඇවිදන් යන අතරේ මට සෙමින් කීය
'හ්ම්ම් ඔව්'
*****************

වෙලාව සවස 4ට ආසන්නය. පැය 3ක් පමණ ආපසු යා යුතුය. පාසිකුඩා වෙරලේ ඈත සිතිජය වලාවන් රූ රටා අඳිමින් සිටී. ලස්සන වෙරලින් ඈත් වෙන්නටද ලෝබ සිතේ. ඊටත් වඩා නිදහසේ සෑහෙන කාලෙකින් ඈ හා ගමනක් ආවේද අදය. ඇගේ සිතත් සතුටින් පිරී ඇත.
'හතරටත් කිට්ටුයි බබා. අපි යන්ද. දැන් ගියොත් හත අට වෙනකොට යන්න පුලුවන්' මගේ එල්ලී කියවමින් සිටි ඈට මම කීවේමි
'හ්ම්ම්ම්ම්ම්ම් යන්නත් ඕනිද' ඈ නොකමැත්තෙන් විමසන්නීය
'ඔව් ඉතින් මෙහෙ පදින්චි වෙන්නයෑ යනකොට ඉස්සො වඩේ අරන් දෙන්නම් යනගමන්'
'හා තව ටිකක් ඉදලා යන්. මේ මෙහෙන් ඉස්සො ටිකකුත් අරන් යන්කො' ඈ කීවාය
'යනගමන් අරගම්මු'
'යමු සුදු මැණික' මම ඇගේ උරහිසින් අත දමා තුරුළු කරගනිමින් කීය
' හ්ම්ම් ඉතින් කකුල් සිදෙනවා. වඩාගෙන යන්නකො' ඈ මට තුරුළු වූවාය
'මෙතන කවුරුත් හිටියේ නැත්තන් වඩාගෙන යනවා ඒත් ඒහෙම බෑනේ. ඒ නිසා පයින් යමූ, ගෙදර ගියාම ඇති තරම් වඩාගන්නම්කො' මා ඇගේ හිස අතගෑවෙමි
'මට ඉස්සෝ වඩේ අරන් ඕනේ'
'මම නැති ටිකට හරි පෙරේත වෙලා දකින දකින දේ ඉල්ලනව පොඩි එකෙක් වගේ' colonthree emoticon
'ගෙදර දවස් 20ක් නෑනේ. ආවාම ඒවටත් එක්කම කරදර දෙන්න ඕනේ' ඈ මගේ අතමිරිකුවාය.
'උම්මා එකක් දෙන්නකෝ' හෙල්මට් එක අතට දෙමින් මා සෙමින් විචාලෙමි
'බෑ මාව වාඩාගෙන එන්න බෑ කීවනේ දෙන්නෑ' ඈ තරහ මූනක් ආරුඩ කරගත්තාය.
මා වටපිට බලා සෙමින් කම්මුල සිප ගතිමි.
'ශ්..... ඒයි පිස්සුද. කවුරු හරි දැකනන් ලැජ්ජාවේ බෑ' ඇගේ සුදු මූන රතු වී ඇත.
'තව හිනාවෙනවත් එක්ක මෝඩයා' මගේ අතර සෙමින් පාරක් ගසමින් ඈ කීවාය
'යන්න ඕනේ නගින්න ඉතින් බයික් එකට.හරි සුවඳයිනේ ඒකයි ගත්තේ. නැග්ගේ නැති උනොත් තව එකක් ගන්නවා' මම සිනාසෙමින් කීවෙමි
'හ්ම්ම්' ඈ මගේ උරහිසට අත තබා බයික් එකට නැගගත්තාය.
'යමු ඉතින්. මහා නෝටි කොල්ලෙක්' ඈ මගේ බඳ වටා දෑතම යවමින් මා වැලඳගත්තාය

නිමක් නැති ඇගේ කතා අසමින් අප හුන් නගරයට පැමිණෙන විට රාත්රිය උදාවී ඇත. සඳ එලිය නාගරික වීදි ලාම්පු වලින් වැසී ගොස්ය. නිවසට ඇත්තේ නොබෝ දුරකි.
'රෑට කාලා යනවද ගෙදර අරන් ගිහින් කනවද' මම ඇගෙන් විමසුවෙමි.

***************************************************

Next episode will be coming soon

මගේ බිරිඳ 6


' වෙන බඩගිනි නැද්ද ' මම ඇගේ වමතින් අල්ලා ගතිමි
'බත් කාලා ඉවර උනාම අයිස් ක්රීම් බඩගින්නකුත් එනවා හැබැයි'  ඈ මගෙ උරහිසේ හිස තබාගත්තාය
'එතකොට ඒවා දෙන්නම්කො ඊට කලින් බඩ පිරෙන්න බත් කාලා ඉන්න'
'සුදු මහත්තයා කැව්වොත් නම් ඔක්කොම කනවා' ඈ කෝල ලෙසින් කියන්නීය
'හා ඉතින් ඔක්කොම කවන්නම් මගෙ සුදුට'
ඈ නළලත රැදි දහඩිය සෙමින් පිස දැම්මාය. නැවත ඇගේ දැවටෙමින් හුරතල් වෙමින් උන්නාය.
'අද ඔයා හරි ලස්සනයි' මම කීවෙමි. ඇය ආඩම්බරයෙන් සිනාසෙන්නීය
'ඕක අන්දලා පාරේ තනියම යවන්න බයයි'
' ඒ මොකෝ'
'කොල්ලො පස්සෙන් ඇවිත් ටෝක් කරලා අල්ලගත්තොත්' මගේ පිලිතුරට ඈ මගේ දෑස දෙස එක එල්ලේ බලන් හුන්නාය
'ඔයා මට වඩා ලස්සන කෙනෙක් ආදරෙයි කිව්වම මාව දාලා එයා ගාවට යනවද?' මම කිසිදා නොසිතූ පැනයක් ඈ මා ඉදිරියේ තැබීය.
' නෑ සුදු මැණික කවදාවත් ඒක වෙන්නේ නෑ' මම ඇගේ සුරතින් තදින් අල්ලා ගනිමින් කීවෙමි. ඇසූ ප්රශ්නය පිලිබඳව මා සිතේ මහත් කණගාටුවක් ඇති විය
' එහෙනම් මම එහෙම යයි කියලා හිතනවද? එහෙම කරන්නෑ මමත් ඔයා වගේමයි. ආයේ ඔයවගේ ප්රශ්න අහන්න එපා. මගෙ හිත රිදුනා ඒකටනන්'
ඈ දෑසේ කඳුලු පුරවාගත්තාය.
'සොරි බබා හිතලා නෙවේ කිවේ' මම කීවෙමි
'හ්ම්ම්ම්ම්ම්ම් දන්නවා' ඈ හිස බිමට හරවා ගත්තීය
' මහත්තයා ස්ප්රයිට් දෙකකුත් ඕනේ කිව්වා නේද' අපේ නිහඩතාවයට බාධා කරමින් වේටර් මේසය මත ප්රයිඩ් රයිස් තබන ගමන් විමසීය.
මම නිහඬවම පිගානට බත් බෙදා ගතිමි. නොමනා කාරණයකට ඇගේ සිත රිදීම පිලිබඳව මට මා ගැනම මහත් පසුතැවිල්ලක් ඇතිවිය.
'කෝ කට අරින්න'
මෙතෙක් වේලා සොවින් බර වූ මුහුණට සිනා රැල්ලක් නැගිණි. පුටුව මා දෙසට ඇද ගනිමින් සෙමෙන් මුව විවර කලාය. සෙනෙහසින් ඇගේ මුවේ බත් කටක් රැඳවූවෙමි. ඈ ප්රීතියෙන් විවර කරගත් දෑසින් මදෙස බලා සෙමින් ගිල දැම්මාය.
'ම්ම්ම්ම්ම්ම්ම් හරි රසයි' ඈ මගේ වමතින් අල්ලා ගත්තාය.
'ආ මේකත් කන්න' මම අනාගත් තවත් කටක් ඈ දෙසට පෑවෙමි
'ම්ම්ම්ම්ම්හ්හ් ඒක ඔයාට' ඕ එය මගේ අතින් අල්ලා නතර කලාය.
පසුගිය නිමේෂයේ තිබූ කණස්සල්ල ක්ෂණිකව අතුරුදහන් වී සුවදායි සෙනෙහසකින් සිත පිරී ඉතිරී යන්නට විය.
************************

ගනිගහන වාලච්චේන නගරය මැදින් ඇදී ගොස් පාසි කුඩා වෙරලට සේන්දු වන විට දහවල් හිරු රැස් හාත්පස පරිසරය වෙලා ගනිමින් උණුසුම් වටපිටාවක් නිර්මාණය කෙරෙමින් පවතී. අප එහි යනවිට පාසල් බස් රථ දෙකකින් පැමිණි සිසු සිසුවියන් පිරිසක්ද පාසිකුඩා වෙරලේ අසිරිය රස විඳිමින් හුන්නේය.
' ලස්සන මුහුද කොච්චර බලන් හිටියත් එපා වෙන්නෑ' මගේ සිරුරේ එතෙමින් ඈ පැවසුවාය.
'ලස්සන හින්දනේ ඔයාව මෙතෙන්ට එක්කන් ආවේ' මා පැවසීය
'මතකද ඉස්සොරෝම ගෙදෙට්ට හොරෙන් හලාවත බීච් ගිය දවස' ඈ අප පෙම් බැඳි රසවත් අතීතය සිහි කලාය.
'අක්කා කේලම් කියලා අහුවෙලා ගුටි කාලා නිවාස අඩස්සියේත් හිටියලු එක්කෙනෙක් නේද' මා පිලිවදන් සිනාසෙමින් දුන්නේය.
'අම්මෝ මම මේ මෝඩයා හන්දා ගෙදරින් කොච්චර ගුටි කාලා ඇද්ද' ඈ මෘදුව මගෙ කණෙන් ඇල්ලුවාය.

මේ අතර පාසල් සිසුවියන් තිදෙනෙක් අප හුන් ඉසව්වට පැමිණියාය.
=============================================

හුගක් අය කොටස් දිග වැඩී කීව නිසා අද කතාව පොඩ්ඩයි ලීවේ.

next episode will be coming soon.......

මගේ බිරිඳ 5


"ඇයි දැන් වයස කීයයි කියලද හිතන් ඉන්නේ" මා විහිලුවට මෙන් ඇසුවෙමි
"හ්ම්ම් නාකියි තමා" ඈ මට ඇද කලාය.
එතනින් පහන් සහ හන්දුකූරු මිලදීගත් අප දෙදෙන තොරණ සමීපයේ හුන් වෙලෙන්දාගෙන් ඇගේ වයසට සලියල පරිදි සුදු නෙලුම් මල් 14ක් සහ රතු නෙළුම් මල් 14 මිලදී ගතිමු. හාත්පසින් නැගෙන දැඩි අවුරශ්මියෙන් වෙහෙස අඩු කිරීමට විටින් විට විල්ලුව දෙසින් සුලන් හමන්නේය. එය ගතට මහා සහනයකි. නිහඬවම මා චෛත්‍ය දෙසට ගමන් කලෙමි. ඈ ද මා නුදුරින් පසුපසින් ඇදෙන්නීය. මල් පොකුරත් රැගෙන මා පසුපසින් ඇදෙන මට සිනා නැගුනි.
"මොකෝ හිනාවෙන්නේ" ඈ කුතුහලෙන් විමසන්නීය
"නෑ මම මේ කල්පනා කරේ ඉස්සර මම ඔයාගේ පස්සෙන් ආවා. දැන් ඔයා මගෙ පස්සෙන් එනවා. කාලයත් මාරයි නේ" සිතට නැගුණු සිතුවිල්ල එලෙසින්ම මම ඈට කීවෙමි.
" ආ එහෙමද හිතන් ඉන්නේ" ඈ සිනාවෙමින් මගේ අත මිරිකුවාය.
"පස්සෙන් ඇවිල්ලා අයිති කරගත්තට පාඩුවක් උනේ නෑනේ" ඈ නැවතත් ඇසුවාය
"කවුද පාඩුයි කීවේ. පස්සෙන් ඇවිත් අයිති කරගත්තට පාඩු නෑ. ආයේනම් කවදාවත් කාටවත් දෙන්නෑ" මම ඇගේ සුරතින් අල්ලාගතිමි
"ඉතින් ආයේ මේ පිස්සා ගාවට මිසක් කවදාවත් කා ගාවටවත් යන්නෙත් නෑ" ඈ මට ලංවෙමින් සෙහෙනසින් කීවාය.
මම ආදරෙන් ඇගේ හිස අතගෑවෙමි.
චෛත්‍ය මළුවට යනවිට එහි දහ පහලොස් දෙනෙකුට වඩා නොවීය.
"අපි මල් ටික චෛත්‍යට පූජා කරලා පහන් ටික බෝධි මළුවේ පත්තු කරමු" මම ඇයට යෝජනා කලෙමි
"හා" ඈ අනුමත කලාය
"එහෙනම් හොද ලමයා වගේ ගිහින් මල් වල නටු කඩලා ඩස්බින් එකට දාලා අර පේන ටැප් එකෙන් මල් ටිකට පැන් ඉහගෙන ඉන්න. මම මෙතන තියෙන පර මල් අයින් කරලා මල් ආසනේ සුද්ද කරන්නම්" ඈට පැවසීමි
නිහඩව සිනහවකින් එය පිලිගත් ඈ සෙමින් සෙමින් ඈතට පියමන් කලාය. මල් ආසනය සුද්ද කරන ගමන් මට ඉබේම චෛත්‍යයේ කොත බැලීමට සිත් විය. මේකෙන් බුදු රැස් විහිදෙනවා.පත්තරේ දැකපු පුවතක් මතකයට නැගුණි. අනේ අපිටත් බලන්න පින් නෑනේ. මගේ සිතුවිලි මටම දොඩවනු සේ දැනුණි.
"මොකද උඩ බලන් කල්පනා කරන්නේ" මල් වලට පැන් ඉහගෙන පැමිණි ඈ නිහඩතාවය බිදිමින් ඇසුවාය
"සෝමාවතියෙන් බුදුරැස් විහිදෙනවනේ. අපි කවදාවත් බුදු රැස් දැකලා නෑනේ. අදවත් පේනවනම්" මම කීමි
"හ්ම්ම්ම්ම්ම් එච්චර පින් කරලා නෑ අපි. එහෙනම් මෙච්චර දුක් විදින්නේ නෑනේ." ඈ හීල්ලුවාය. මගේ සිත දුකින් පිරුණි. අතීතයේ විදි දුක් ඈටත් සිහිවෙන්නට ඇත.
"ඔය මල් ටික ලස්සනට මෙතන තියන්න" පිරිසුදු කල මල් ආසනය පෙන්වමින් කීවෙමි
චෛත්‍යට මල් පුදා බෝ මළුවේ පහන් හා හඳුන්කූරු පත්තුකර පසෙක සෙවණට වී ගාථා කියමින් වැන්දෙමු.
ඈ බොහෝ වේලාවක් ගාථා කියමින් වැන්දාය. දිගු සුසුමක් හෙලා දෑස් හැර මා දෙස බැලුවාය.
"ඉවරද"
"ඔව්" ඕ සිනාසුනාය
"අද මේ මල් පහන් සුවඳ දුම් පූජා කල පින් සෑම සියළු දෙනාටම අනුමෝදන් වෙලා ඒ පින් බලෙන් මගෙ සුදු නෝනගෙ අපල දුරුවෙලා නිදුක් නිරෝගීව වාසය කරන්න ආශිර්වාදය ලැබෙන්න ඕනි" මා සෙමින් ඇගේ හිස අතගාමින් කිවෙමි.
ඈ මගෙ අතින් අල්ලා පිටි අත්ල කම්මුලේ ගෑවාය. දෑසින් කඳුලක් වැටෙනු මා දුටුවෙමි.
" ඇයි මේ දුක හිතුණද"
"නෑ ආදරේට" ඈ මගෙ උරහිසට බරවිය
මදක් නුදුරෙන් හුන් ආච්චි කෙනෙකු අප දෙස බලා ඔරවමින් හුන්නේය. මුන් මෙතනත් ඇවිත් ජවුසන් නටනවා.ආච්චිට එහෙම හිතුණාට සැක නැත
"ආන් අර ආච්චි අපි දිහා බලන් ඔරවනවා.ටිකක් එහාට වෙන්න" මම ඇයට කීවේමි
"ඉතින් අපිට මොකද වැරැද්දක් කරේ නෑනේ"

"ඒ උනාට කමක් නෑ අපි හන්දා මිනිස්සු පව් පුරවගන්න ඕනේ නෑනේ"
"හ්ම්ම්" නොකැමැත්තෙන් ඈත් විය
"සෝමාවතියේ දළදාවක් තියෙනවා කියන්නේ ඇත්තද" ඈ මගෙන් විචාලාය
"ඔව් එහෙම කියනවා" මම කීමි
"අනේ මන්දා එහෙනම් මොකටද මේ මහ කැලයක් මැද්දේ චෛත්‍යක් හැදුවේ. දලදාවක් තියෙනවනම් අනුරාධපුරේ හදන්න එපැයි" ඈ කියවගෙන යයි
"මේක ඉස්සර කැලයක් නෙවේ. ත්‍රිකුණාමල වරායෙන් රුහුණට ගිය පාර වැටිලා තියෙන්නේ සේරුවිල, සෝමාවතිය, මහියංගණය හරහානේ. දැන් කැලේ උනාට ඉස්සර මෙව්වා රජ්ජුරුවෝ ගිය පාරවල්. මම දන්නා ඉතිහාසය ඈට පැහැදුවෙමි.
"අපෝ මෙයා දන්න දේවල් යනගමන් මට කියන්න අහන්න ආසයි" මුතුවන් දසන් විදහා සිනාසෙමින් මට කීවාය.
"හා මම කියලා දෙන්නම්. මම හිතුවේ ඉතිහාසයට කැමති නෑ කියලා"
"නෑ මම හරි ආසයි. ඒ ලෙවල් කාලේ රාවණා රජ්ජුරුවෝ ගැන තීසිස් එකකුත් කලා"
"ශහ් මරුනේ"
"ඔයා දන්නවද මේ පොලොන්නරුවේ පරාක්‍රමසමුද්‍රය හදලා තියෙන්නේ රාවණගේ සියාගේ ඖෂධ උයන යට කරලා කියලා" ඈ මගෙන් විමසුවාය
"නෑනේ"
"මිරැන්ඩෝ අබේසේකරගෙ පොත් ටිකක් හොයන් කියවන්නකො. ආසා හිතෙනවා. පොත් කඩේක තිබ්බොත් මම ගෙනත් තියන්නම්. ඉස්සරනන් ගෙදර තිබ්බා. දැන් කොහෙ තියෙනවද දන්නෑ" ඈ කීය
මම කැමතිම විෂයකට ඈත් කැමතිය.
දැන් ඉතින් පාලුවක් නැත. ගමන අවසන් වෙනතුරුම ගිරවියක සේ දන්නා සියල්ලම දෙඩවීම ඇගේ පුරුද්දය.
"අපි යමුද සුදු නෝනා පාසිකුඩා යන්නත් ඕනේනේ"
"අනේ ඔව් යන්කෝ ඒත් මේ බෝ මළුව හරි සනීපයි. තව විනාඩි 5ක් ඉමුද" ඈ අයදින්නීය
"හා කමක් නෑ විනාඩි 5ක් අවුලක් නෑ"
***********************************

මඩකලපු පාර ඊතලයක් මෙනි. කාර් එකක් තිබ්බනම් හයිවේ එකේ වගේ යන්න පුලුවන්. මට එසේ සිතුනේ එක එල්ලේ කිලෝමීටර් ගණනාවක් පෙනෙන මඩකලපු පාර දුටු විටය. ගිනිගහන කාෂ්ටක අව්වේ බයික් පැදීම එපාවෙන වැඩකි. ඈටනම් අව්ව වගක්වත් නැති සේය. උරහිසට තුරුල් වී කියවමින් සිටින්නීය

ඈතින් පෙනෙන හෝටලයක නාම පුවරුවක් දුටු මට බඩගිනි සිතුවිල්ලක් පහලවිය
"බඩගිනි නැද්ද" පසුපස බලා මා විමසුවෙමි
"දැන් නම් සූට්ටක් තියෙනවා"
"එහෙනම් අර ඉස්සරහ පේන තැනින් කමු"
"හා"
**********************
"චූටි බබාට මොනවද කන්න ඕනේ" හෝටලයේ අසුන් ගන්නා ගමන් මම ඇගෙන් ඇසුවෙමි
"ම්ම්ම්ම්ම්ම්ම්ම් ෆ්‍රයිඩ් රයිස් කාලා ස්ප්‍රයිට් බොමු" දැන් තියෙන්නේ එහෙම බඩගින්නක් ඈ මගේ අතින් අල්ලාගෙන පැවසුවාය
************************
Next episode will be comming soon

Friday, April 3, 2015

මගේ බිරිඳ 4



"ඔය ඉතින් නිදාගත්තා ඇති නැගිටින්නකො" ඈ තේ එක ස්ටූල් එක උඩ තබමින් මා ලගට විත් කීවාය.
මම ඇගේ අතින් අල්ලා ඇද ඇදේ හිදුවා ඔඩොක්කොවෙන් හිස තබා ගතිමි. මෘදු ලෙස හිස පිරිමදිමින් නළල සිප ගත් ඈ "අද නැගිටින්නත් හිතක් නැද්ද" ඇසුවාය
"ඉතින් ලස්සන කෙල්ලක් ගාව ඉන්නකොට නැගිටින්නෙ මොකටද?" එසේ කියමින් ඇගේ බඩ සිම්බෙමි.
"පිස්සා. මට කුචි." ඈ හුරතලෙන් කනෙන් අල්ලා කට ඇද කලාය.
"කෝ අම්මලා ලෑස්තිවෙලාද?"
"තාම ලෑස්ති වෙනවා"
"බස් එක කීයටද"
"6.10 ටනේ"
"ඉතින් මෝඩියේ තව විනාඩි 40ක් තියෙනවානේ. මට ඇහැරෙව්වේ" මම නොමනාපෙන් කීමි
"ඉතින් මට පාලුයිනේ ඒකනේ" ඈ මගෙ මුහුණට එබෙමින් කෝල ලෙසින් සිනාසෙන්නීය.
මොහොතකින් ඇගේ දුරකථනය නාද විය.
"අක්කා" ඈ හඩගෑවාය
"ඉතින් බලන් ඉන්නේ ආන්සර් කරන්න. අද බර්ත්ඩේ එකට විශ් කරන්න වෙන්න ඇති" මම කීවෙමි.
අතරතුරේ මා නැගිට කට සෝදා කිරි එක බීවෙමි.
"අක්කයි අයියයි දෙන්නාම කතා කලා" ඈ සතුටෙන් ඉපිලෙයි.
"අයියයි අක්කයි කවදත් අපිට ප්‍රශ්නයක් ඇති කරේ නෑනේ බබා. අවුරුද්දට අපි එහෙ යන්.තව මාසෙනෙ ඉවසන්න තියෙන්නේ"
"අම්මලා බැන්නොත්? අපේ අම්මා මම එක්ක තාම තරහ ඇති. ලොකු අක්කා තමයි ඔක්කොම අවුලන්නේ"
"බැන්නත් මොකෝ ඉතින් අම්මනේ. කාලෙකින් බැනුම් අහන්නත් බැරිඋනානේ. ගිහින් පොඩ්ඩක් අහලා එමු." ඈ සිනාසුනාය.
"මූන කට සෝදන් ටී ෂර්ට් එකක් දාගන්න. 6ට කිට්ටුයි"
"බස් එකට මහ දුරක් යන්න නෑනේ"
"හරි හරි කැරකි කැරකි ඉන්නකො පන්ඩිතයා" ඈ මගේ අතේ තිබුණු කෝප්පය උදුරාගෙන කුස්සියට ගියාය.
මා මූන සෝදා එනවිට අම්මලාද ලෑස්තිවී හමාරය.
අප දෙදෙනම අම්මාටත් තාත්තාටත් දණගසා වැන්දෙමු.ඉන්පසු බසයට ඇරලීමි.
"අම්මලා ගියාම පාලුයිනේ" ඈ දොර හරින ගමන් කීවාය
"ඇයි බනින්න කෙනෙක් නැති නිසාද?"
"දැන් ඉස්සර වගේ බනින්නේ නෑ හොදට කතා කරනවා." ඈ පිලිවදන් දිනි.
"හ්ම්ම් ලොකු දෙයක්" මම සැනසුම් සුසුමක් හෙලීමි
" බය වෙන්න එපා මහත්තයො හැමදේම හරියයි. බුදු හාමුදුරුවෝත් කියලා තියෙනවානේ හැමදාම ඇනුම් බැනුම් නෑ කියලා. මම කොහොම හරි එයාගෙ ලේලි නොවී දුව වෙන්නම්කො." ඈ මගේ අතේ එල්ලුණාය
" මේ වෙලාවෙ අපිට කොච්චර ප්‍රශ්න තියෙනවාද? ඔයා මෙහෙම හැමදේම ඉවසගෙන ඉන්න එක මට ලොකු හයියක්. තෑන්ක්ස් මගෙ සුදු නෝනා." මම ඇගේ හිස සිපගතිමි
"තෑන්ක්ස් එපා අපි දෙන්නටනෙ කොල්ලො" ඒ සිනහව ගත සිත සුවපත් කලේය.
"අපි දෙන්නත් ලෑස්තිවෙමු එහෙනම්"
"මොකේද යන්නේ"
"අපේ දුප්පත් බයික් එකේ තමයි"
"අනේ මගෙ ස්කූටියේ යන්කෝ ඒකේ කොහෙවත් දුර ගමනක් ගිහින් නෑ"
"අපෝ ඕකේ යන්න එපා වෙනවා" මම කීවෙමි
"අනේ ඉතින්, හොද බබානේ යමුකෝ මම මල්ලිට කියලා ගියසතියේ සර්විස් කරවගත්තත් එක්ක."
"හා හා කොන්දෙ අමාරුව හැදුනොත් මසාජ් එකක් ඕනේ"
" හා ඉතින්"
"හරි යමුකො එහෙනම්. ඔක්කොටොම කලින් ලෑස්ති වෙමුකො සුදූ"
***********************
සුදුවන් ගවුම හැද පෙරදින තිලිණ කල ආභරණ කට්ටලය ද පැලද සාලයටට පැමිණියාය. ඈ සැබැවින්ම රූමත්‍ ය. මගේ සිතට සියුම් ආඩම්බරයක් ඇතිවිණ.
"කොහොමද ලස්සනයි නේද" ඈ මා අසලට විත් ගවොම දෑතින්ම අල්ලා රවුමක් කැරකුණාය.
ඈ අසලින් හැමු විලවුන් සුවදට මුසුවූ ඇගේ සුවද මා මනකල් කලේය. සුවදින් සිත සනහා ගත් මා රූ සිරිය නෙත්පුරාම වින්දෙමි.
"මගෙ සුදු මැණික හරි ලස්සනයි නේන්නම් " මා ඇගේ දෙකොපොලින් අල්ලා පැවසීමි.
"මගෙ සුදු මහත්තයා නේ මාව ලස්සන කලේ" ඈ කෘතඥ පූර්වකව මදෑස බලමින් කීය.
"අපි යමු බබා එහෙනම්"
"ඉන්න ටිකක්" ඈ මා තුරුලෙන් මිදී දණ ගසා වැන්දාය.
"බුදු සරණයි මහත්තයො" ඈ වදිමින්ම කීවාය.
"තෙරුවන් සරණයි මගෙ මැනිකටත්" මා ඈ නැගිටුවා තුරුල් කරගතිමි.
"ආ බයික් එකේ යතුර" ඈ මගේ අතට යතුර දුන්නාය.
දොරත් ගේට්ටුවත් වසා යතුරු අල්ලපු ගෙදර නැන්දාට දුන්නේ හදිසියේවත් මල්ලී පැමිණියොත් දෙන ලෙස පවසා පිටත් උනෙමු.
හිගුරක්ගොඩට පැමිණෙන විට උදෑසන 8.30 පමණ විය.
"සුදූ මේක තමයි සෝමාවතී යනකොට හම්බෙන අන්තිම සින්හල ටවුම. අපි කාලා ගන්න දේවල් මෙහෙන්ම අරන් යමු" මා ඇයට යෝජනා කලේය
ඈ ද හිසවනා අනුමත කලාය.
**************
උදෑසන උවත් දැඩි හිරු රශ්මියත් වියලී දුවිලි මුසු සුලගත් අප විඩාවට පත් කලෝය. එහෙත් අතොරක් නැතිව ගිරවියක සේ කියවන ඇගේ වදන් වලට වෙහෙස මදකට දුරුවිය.
"අනේ ආන් බඩ ඉරිඟු තම්බනවා කාලා යන්කෝ" පාර අයිනේ කුඩා කඩයක් පසුවෙන විට තුරුල් වී සිටි දෑත් බුරුල් කරමින් පැවසීය.
"ආච්චියේ අපි දෙන්නට දලු කරල් දෙකක් දෙන්නකො" පසෙක තිබූ ප්ලාස්ටික් පුටුවක් ඇද හිදගනිමින් පැවසුවෙමි. ඈද පුටුවක් ඇද මා අසලින් හිද ගත්තාය
"ඔයා ආච්චිව අදුරනවද" ඈ මගේ කනට කොදුලාය
"නෑ ඇයි"
"අහපු විදිහට මට හිතුනා" ඉරිගු මුට්ටිය දෙස බලමින් ඈ පිලිවදන් දිනි.
"පුතාලා සෝමාවතීයටද යන්නේ" අප දෙදෙනට ඉරිඟු කරල් බේසමක් දිගු කරන ගමන් ආචිචි විමසුවේය
"ඔව් ආච්චියේ මෙතනින් සෙනග ගොඩක් ගියාද" මා විමසුවෙමි
"අද අඩුයි පුතේ අගහරුවාදානේ. සෙනසුරාදා ඉරිදට තමා වැඩි"
"මේ ඉරිගු හරි රසයි." ඈ කීවාය
"උදේම අපේ අර කොටුවෙන් කඩපුවා පුතේ" ආචිචි ඈත ඇති බඩ ඉරිඟු කොටුවක් පෙන්නමින් කිවාය
"අපි ටිකක් අරන් යමුකො" ඈ මදෙස බලමින් පවසන්නීය
"ආච්චි අපිට අමු කරල් 10කුත් ඔතලා දෙන්න"
"එනගමන් ගමු. දැන් අරන් යන්නෙ ඇයි" ඈ විමසයි
"අපි එනකොට මේ පාරෙන් එන්නෑ සුදු නෝනා" මගේ පිළිතුරෙන් ඈ සෑහීමකට පත් විය.
**************
"මම මේ සෝමාවතී ආවමයි". ඈතින් පෙනෙන සෝමාවතියේ චෛත්‍යය රාජයාණන් වහන්සේ දෙස බලමින් බයික් එකෙන් බසින ගමන් කියන්නීය.
"ඉතින් ඒකනේ එක්කන් ආවේ යමු මල් පහන් ගන්න"
මා ඇගේ අතින් අල්ලාගෙන කීවෙමි.
සතියේ දවසක් බැවින් සෝමාවතී පුදබිමේ එතරම් සෙනගක් නොමැත. එබැවින් හිතේ හැටියට වැදපුදා ගත හැකිවීම පිලිබඳව මම හිතින් සතුටුවීමි.
ඈත විල්ලුවෙන් හමා එන මද සුලග ඇගේ ගවුමේ දැවටී මනරම් රටා මවන්නීය. සුලගත් පැමිණ ඈ සිප ගනිතැයි මට හැගිණ. මට ඈ සිප වැලද ගැනීමටම සිත් විය. එහෙත් පුදබිමක් නිසාවෙන් හැගීම් ඉවසීමි.
"යමු " මගේ අතේ එල්ලී වටපිට බලන ඈ ඇමතීමි. කුඩා දැරියක මෙන් ඕ මගේ අතේ එල්ලෙමින් පැමිණියාය.
"ඔයාට බඩගිනිද" මම නැවත විමසුවෙමි
"නෑ බබා හිතයි බඩයි දෙකම පිරිලා" ඈ හුරතල් වෙන්නීය
"අක්කේ මේ පහන් 28ක් දෙන්න" පසෙක තිබූ ගිතෙල් පහන් පෙන්වා කඩේ හුන් ලදකට පැවසීමි
"28ක් මොකටද" ඇගෙන් ප්‍රශ්නයකි
**************
Next episode will be comming soon

මගේ බිරිඳ 03





මේ වෙලාවෙම කවුද? හිතට ආවේ කේන්තියක් මුසු සිතුවිල්ලක්. අපි දෙන්නාම ගිහින් දොර ඇරියා.
" මේ සීතා නැන්දානේ" එහා ගෙදර නැන්දා ඇවිත්.
"පුතා ඊයෙද ආවේ." නැන්දා ඇහුවා
"ඔව් නැන්දේ"
"මම මේ ආවෙ දුව පොඩ්ඩක් හම්බෙන්න"
මම දෙන්නට ඉඩ දීලා මිදුලට බැස්සා.
මිදුල පිලිවෙලට සකසලා. මල් පෝච්චි දෙකක වතුසුදු පදුරු දෙකක් හැරෙන්නට අනික් සියල්ලේම වවා තිබුනෙ එලවලු.
ගස් බෝන්චි පැල කිහිපයක්, බටු, බණ්ඩක්කා වවලා.
පර්චස් 20 ඉඩම ලස්සනට කළමනාකරණය කරගෙන.
මගෙ කෙල්ල හරියට මහන්සිවෙලානේ. මට එහෙම හිතුණා. පව්.
වතුර බටේ අරන් ඔක්කොටොම වතුර දාන අතරේ ඇයත් මිදුලට ඇවිත්.
"තාත්තයි මායි එකතුවෙලා හිටිව්වෙ. හොදද?"
"වෙරි ගුඩ්."
"ඔව්වට දාන පොහොර වගයක් ගැන තාත්තා කිවා. යන්න කලින් මට ගෙනත් දීලා යන්න. එතකොට ඔයාට ඊලග පාර නිවාඩු එනකොට ගෙදර හදපු එලවළු කෑවෑකි" නොනවත්වමින් ආඩම්බරයෙන් කියාගෙන යන්නීය.
"අදම ගේමු බබා" මම කිවෙමි. අරපිරිමැස්ම හා සකසුරුවම හිමි බිරිඳක් ලැබීම මහත් භාග්යයකි. එක්තරා අතකින් එය වාසනාවකි.
"දැන් ඔය ඇදුම් කිලිටි කරගන්නේ නැතුව ගිහින් මාරු කරගන්න. හෙට අදින්න එපැයි." ඇයට පැවසීමි.
******************

"කෑම හරි. තාත්තත් එක්ක කන්න එන්න" ගෙතුල සිට හඩනැගුවාය.
අම්මාත් තාත්තාත් ඇයත් සමගින් එකට සිට ආහාර වේලක් ගන්නේ සෑහෙන කලකින්. අම්මා තවමත් ලේලිව නොරිස්සයි. එය හිතට වදයකි. එහෙත් ඉවසීමෙන් ගොඩ නගාගත යුතු බැදීමකි. නැතහොත් අසරණ වන්නේ මා .

කෑම කා අස්කර අවසන සෙමින් කාමරයට ඇදුනාය. මමත් අම්මාටත් තාත්තාටත් සමග ටික වේලාවක් කතාකර කාමරයට ගියෙමි.
ඇදුම් බෑගය අස් කර කිලිටි ඇදුම් සේදීමට පසෙකට කරමින් සිටියේය.
"කාපු ගමන් වැඩ කරන්න එපා ටිකක් ඉන්න" මා ඇය ඇමතුවෙමි
"නෑ බෑග් එක අස් කරා විතරනේ."
"ඔයා දවස් කීයක් නිවාඩුද"
"දවස් 8ක් නිවාඩු"
"ශෝක්නේ" සෙනෙහසින් මා වැලදගත්තාය.
"හෙට ඔයාගෙ බර්ත්ඩේ එකට කොහාටද යන්න කැමති? අනුරාධපුර යනවද , අලුවිහාරෙ එක්ක යන්නද සෝමාවතී යමුද?" මා ඇගේ හිස පිරිමදිමින් ඇසීමි
"හානේ මගෙ මහත්තයා නියමයිනේ මාව ට්රිප් එකකුත් එක්ක යනවද" සතුටින් විමසන්නීය.
"ඔව්නේ අපිට කාලෙකින් කොහෙවත් යන්නත් බැරිවුණානේ. අනික අම්මලත් හෙට සීයලාගෙ ගෙදර යනවනේ"
"ම්ම්ම් මම අනුරාධපුරයි මාතලේයි ගිහින් තියෙනවනේ. අපි සෝමාවතියේ යමු හොදේ."
"හා සෝමාවතී ගිහින් වෙලාව තිබුනොත් පාසිකුඩා ත් යන්. එතන ඉදන් පොඩ්ඩ දුරනේ." මම කීමි
"වාව් මරු" මා සිපගත්තේය.
***************
කෙමෙන් රාත්රිය උදාවිය.
"ටීවි එක දිහා බලන් ඉන්නෙ මම එක්ක චුට්ටක් කතා කරන්නකො" තුරුළු වෙමින් පවසන්නීය
"ඉතින් ඔයාගෙ වැඩ ටික ඉවර වෙනකන්නෙ සුදු නෝනා හිටියේ" මම පැවසීමි.
"ඔයාට මෙහෙන් ජොබ් එකක් හොයාගන්න බලන්නකො. එතකොට මටත් පාළු නෑනේ."
"බලමු ඉතින්.එකපාරටම හොයාගන්න බෑනේ."
"නෑ නෑ ඔය හොයාගන්න බැරිකම නෙවේ. එන්නෙ නෑ. රට වටේම ඉන්නවනෙ ඉතින්. මන් දන්නැතෑ"
"ඔව් ඔව් ඉන්නවා ඒකනේ මාසෙකට සැරයක් ඇවිත් බලලා යන්නේ ඉන්න එකීව තමා" මා ඇගේ කණෙන් ඇල්ලුවාය.
"ඌයි.. මෝඩයා රිදුනා ඒකනන්"
"රිදෙන්න තමා ඇල්ලුවෙ. හැමවෙලේම නෝක්කාඩු කියනවට"
"ලග නැති හන්දනේ" කෝල වෙමින් තවත් තුරුළු වූවාය.
"අපි යමු නිදාගන්න"
"වඩාගෙන එක්ක යන්නොනා." කරේ එල්ලෙමින් පවසන්නීය
නිදි යහනේද ගිරවියක මෙන් කියවන්නීය පුරා මාසයක ඕපා දූප දුක් දොම්නස් ඉවරයක් නැත.
රාත්රි 12 කණිසම සාලයේ ඔර්ලෝසුවෙන් නාද විය.
තවමත් කියවන්නීය. මම ඇගේ තොල මතින් දබරගිල්ල තැබුවෙමි
"ටිකක් ඉන්න දැන් මට කියන්න දෙයක් තියෙනවා"
මන්දාරම් පහන් ආලෝකයත් ලයාන්විතව කැරකෙන විදුලි පන්කාවේ සුලගටත් මුසුවූ ඇගේ සුවද අනුරාගි සුන්දරත්වයක් උදා කරමින් පවතී.
මම ඇගේ සුරතින් අල්ලාගතිමි. නිල් පැහැති කුඩා ඇස් යුගල මද අදුරේද දිලිසෙන්නීය. අද ඇගේ උපන් දිනයය. මීට විසි අට වසරකට කලින් මව් කුසින් බිහිවන විට කෙසේ ඉන්න ඇද්ද. පුරා 12 වසක් පෙම්බැද දෙමාපියන්ද සහෝදරයන්ද ඇතහැර මගේ සොම්නස වෙනුවෙන් දිවියම කැපකර පිලිබඳව සිතෙහි ගෞරවය සෙනෙහස හා කෘතඥතාව මුසු ආදරනීය සිතුවිල්ලක් හටගත්තේය.
"මගෙ සුදු මැණිකට නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක්, අපල දුක් දොම්නස් දුරුවෙලා සතුටෙන් සනීපෙන් සැහැල්ලුවෙන් හැමදාම ලස්සනට මගේ ආයුෂත් අරන් ජීවත් වෙන්න" සිතට නැගුනු අපරිමිත සෙනෙහස වචන වලට පෙරලමින් ඇගේ හිස පිරිමැද සිපගතිමි.
"තෑන්ක් යු සෝ මච් මගෙ අප්පච්චියෝ හිතම පිරුණා. ඒත් ඔයාගෙ ආයුෂනම් එපා. මගෙ එව්වත් අරන් ඔයයි ඉන්න ඕනේ" මා දෑතින්ම බදාගනිමින් පැවසුවාය.
"මට මේ වගේ අහිංසක සුවච කීකරු විනීත බිරිඳක් හදලා වඩලා දුන්නු අම්මටයි තාත්තාටයිත් පින් සිද්ද වෙන්න ඕනේ" මම අවන්කවම කීමි.
එවදනට ඇගේ දෑසේ කදුලු පිරිණ.
"තාම ඉපදුනා විතරනේ.චූටි බබානේ. අපි නිදාගමු. හෙට පාන්දර නැගිටින්නත් ඕනෙනේ." සනසවනු අටියෙන් පැවසුයෙමි"
"මාව කවදාවත්ම දාලා යන්න එපා" පපුවට මුහුණ හොවමින් කොදුලාය
"මගෙ වස්තුව කවදාවත්ම දාලා යන්නෑ. මගෙ මුලු ලෝකෙම ඔයානේ. අපි සින්හල අවුරුද්දට ඔයාලගෙ ගෙදර යමු. බැන්නත් කමක් නෑ.අක්කාත් ඉන්නවනෙ.කොහොම හරි ශේප් කරගම්මු. බයවෙන්න එපා බබා. අපිට බැරිවෙන්නෑ"
"හ්ම්ම්" අදුරු උනු ඇගේ මුහුණට නැවත්ත් ප්රමුදිත විය.
"කවුරු නැතත් ඔයාට මම ඉන්නවා. අවුරුදු ගානක් පෙරුම් පුරලා ලගට ගත්තෙ කවදාකවත් ඈත් කරගන්න නෙවේ"
"අයි ලව් යූ සෝ මච්" එවදන් අවසන් වී රත් පැහැ ඇගේ සියුමැලි තොල් පෙති ආදරයෙන් සිප ගත්තෙමි.
****************
"ගුඩ් මෝනින් නැගින්න මහත්තයො" තේකෝප්පයක් අතැතිව සෙනෙහසිමම ඇගේ සුරතින් අල්ලාගතිමි. නිල් පැහැති කුඩා ඇස් යුගල මද අදුරේද දිලිසෙන්නීය. අද ඇගේ උපන් දිනයය. මීට විසි අට වසරකට කලින් මව් කුසින් බිහිවන විට කෙසේ ඉන්න ඇද්ද. පුරා 12 වසක් පෙම්බැද දෙමාපියන්ද සහෝදරයන්ද ඇතහැර මගේ සොම්නස වෙනුවෙන් දිවියම කැපකර පිලිබඳව සිතෙහි ගෞරවය සෙනෙහස හා කෘතඥතාව මුසු ආදරනීය සිතුවිල්ලක් හටගත්තේය.
"මගෙ සුදු මැණිකට නිදුක් නිරෝගී සුබම සුබ උපන්දිනයක්, අපල දුක් දොම්නස් දුරුවෙලා සතුටෙන් සනීපෙන් සැහැල්ලුවෙන් හැමදාම ලස්සනට මගේ ආයුෂත් අරන් ජීවත් වෙන්න" සිතට නැගුනු අපරිමිත සෙනෙහස වචන වලට පෙරලමින් ඇගේ හිස පිරිමැද සිපගතිමි.
"තෑන්ක් යු සෝ මච් මගෙ අප්පච්චියෝ හිතම පිරුණා. ඒත් ඔයාගෙ ආයුෂනම් එපා. මගෙ එව්වත් අරන් ඔයයි ඉන්න ඕනේ" මා දෑතින්ම බදාගනිමින් පැවසුවාය.
"මට මේ වගේ අහිංසක සුවච කීකරු විනීත බිරිඳක් හදලා වඩලා දුන්නු අම්මටයි තාත්තාටයිත් පින් සිද්ද වෙන්න ඕනේ" මම අවන්කවම කීමි.
එවදනට ඇගේ දෑසේ කදුලු පිරිණ.
"තාම ඉපදුනා විතරනේ.චූටි බබානේ. අපි නිදාගමු. හෙට පාන්දර නැගිටින්නත් ඕනෙනේ." සනසවනු අටියෙන් පැවසුයෙමි"
"මාව කවදාවත්ම දාලා යන්න එපා" පපුවට මුහුණ හොවමින් කොදුලාය
"මගෙ වස්තුව කවදාවත්ම දාලා යන්නෑ. මගෙ මුලු ලෝකෙම ඔයානේ. අපි සින්හල අවුරුද්දට ඔයාලගෙ ගෙදර යමු. බැන්නත් කමක් නෑ.අක්කාත් ඉන්නවනෙ.කොහොම හරි ශේප් කරගම්මු. බයවෙන්න එපා බබා. අපිට බැරිවෙන්නෑ"
"හ්ම්ම්" අදුරු උනු ඇගේ මුහුණට නැවත්ත් ප්රමුදිත විය.
"කවුරු නැතත් ඔයාට මම ඉන්නවා. අවුරුදු ගානක් පෙරුම් පුරලා ලගට ගත්තෙ කවදාකවත් ඈත් කරගන්න නෙවේ"
"අයි ලව් යූ සෝ මච්" එවදන් අවසන් වී රත් පැහැ ඇගේ සියුමැලි තොල් පෙති ආදරයෙන් සිප ගත්තෙමි.
****************
"ගුඩ් මෝනින් නැගින්න මහත්තයො" තේ කෝප්පයක් අතැතිව සෙනෙහසින් මා අමතන්නීය. තවත් සොදුරු උදෑසනක් එලඹ තිබේ.
"කම්මැලි නැතිව නැගින්න. අම්මලත් බස් එකට දාන්න තියෙනවා. " මගේ අතින් ඇද්දාය.
******************

Next episode will be comming soon.
Related Posts Plugin for WordPress, Blogger...